Friday, March 23, 2012

ජිනීවා සමුළුව පිළිබඳ ගැටළුවේදී.......ඔබ ඉන්නේ කොතැනද????



ජිනීවා සමුළුව පිලිබඳව විවිධ සංවාද, මත ගැටුම් මේ දිනවල දැකගන්න පුළුවන්..ඒවායේ අදහස් නිරීක්ෂණයේදී පෙනෙන දෙයක් තමයි මේ පිලිබඳව ස්ථාවරයන් කීපයක් සිටින ලාංකිකයන් ඉන්න බව...ඒවා දළ වශයෙන් පහත පරිදි වර්ග  කරන්න පුළුවන්.

1 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.දැන් අමෙරිකාව ප්‍රමුඛ බලවතුන් සැරසෙන්නේ එහි වාඩුව ගැනීමටය. කුඩා රටක් මෙලෙස සිය ආධිපත්‍යට හිස නොනැමීමට දඬුවම් නොකළහොත්, වෙනත් රටවලුත් මෙය ආදර්ශයට ගනු ඇතැයි අමෙරිකාවේ කල්පනාවය.අප මෙහිදී ජනපතිතුමා සහ රට වෙනුවෙන් , මේ විදෙස් බලපෑම්වලට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුත්තෙමු.

2 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය..........

ඒ සියල්ල හරිය. නමුත් යුද්ධයෙන් පසු අවුරුදු 3 කට ආසන්න කාලය, ජනපතිතුමා සහ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැක.සුදු වෑන් සංස්කෘතිය, ඥාති සංග්‍රහය, දුමින්ද සිල්වාට , මර්වින් සිල්වාට රජ කරන්නට ඉඩ දී තිබීම වැනි අකටයුතු බොහෝය.මේ තත්වය වෙනස් කරන්නට විපක්ෂයෙන් ඉටුවන කෙංගෙඩියකුත් නැත. ආණ්ඩුව මෙහිදී උත්සාහ කරන්නේද දේශප්‍රේමය අවුස්සා, රටේ අනෙක් ප්‍රශ්ණ යට ගසන්නටය. එබැවින් මේ අවස්ථාව මානව හිමිකම් රකින්නට, ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වන්නට ආණ්ඩුවට කෙරුණු බලවත් බලපෑමක් ලෙස සතුටු විය හැකිය. ."

3 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.....ඒ සියල්ල හරිය...

 නමුත් යුද්ධයෙන් පසු අවුරුදු 3 කට ආසන්න කාලය, ජනපතිතුමා සහ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැක.සුදු වෑන් සංස්කෘතිය, ඥාති සංග්‍රහය, දුමින්ද සිල්වාට , මර්වින් සිල්වාට රජ කරන්නට ඉඩ දී තිබීම වැනි අකටයුතු බොහෝය.මේ තත්වය වෙනස් කරන්නට විපක්ෂයෙන් ඉටුවන කෙංගෙඩියකුත් නැත.........එයද ඇත්තය......

නමුත් කුකුළන් නරියන්ට බාරදීමට බැරිය.රටේ ඇති ප්‍රශ්ණ ගැන සිතා විදෙස් බලපෑම් වලට ඉඩ දුන්නොත් කොහෙන් කෙළවර වේදැයි සිතාගත නොහැක.අමෙරිකාවේ පැටිකිරිය අපි සැවොම දනිමු.ලිබියාවට, ඉරාකයට අත පොවද්දී මුලදී කිව්වේද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සුන්දර වදන්ය.නමුත් අවසානය කෙබඳු දැයි කවුරුත් දනිති...
එමනිසා ආණ්ඩුවත් එක්ක අපිට ඇති ප්‍රශ්ණ අපි වෙනම විසඳා ගත යුත්තෙමු.රටේ ප්‍රශ්ණයකදී අනෙකුත් ප්‍රශ්ණ පසෙකට කර, එකමුතුව මෙයට එරෙහි විය යුතුය.

මෙයින් ඔබ ඉන්නේ කොතැනද????

9 comments:

  1. 3 වෙනි එක නමුත් "සුදු වෑන් සංස්කෘතිය" කියන එක හැර.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මම හිතන්නේ මේක රට මුහුණ දෙන ප්‍රශ්ණයක් ලෙස සැලකිය යුතු බවයි.අනෙකුත් ප්‍රශ්ණ හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ඇති අප්‍රසාදය නිසා සමහරු මෙයට පක්ෂ මතයක ඉන්න බව පේනවා.

      Delete
  2. ප්‍රායෝගිකව අපි එකමුතු වුනා හෝ පාරට බැස්සාය කියල ඇමරිකාවට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ , රජය නිකන් බොරුවට දේශප්‍රේමෙ අවුස්සගෙන දඟලන්නෙ නැතුව රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරල අභියෝග ජයගන්න ඕනි . රට ඇතුලේ තියන ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනම එකක් ඒක මෙතනට සම්බන්ධ නෑ , ඒකට විසඳුම් තියෙන්නෙ රට ඇතුලෙම විතරයි - ඔන්න ඕකයි මගේ ස්ථාවරය

    ReplyDelete
    Replies
    1. බුවා. මම හිතන්නේ ජනමතය නිවැරදි තැනකට ඒකරාශි වී තිබීම රට මුහුණ දෙන ප්‍රශ්ණයකදී වැදගත් බවයි."එකමුතු වීම" කියලා මම අදහස් කරන්නේ එයයි.මෙය ප්‍රශ්ණයේ ආරම්භය පමණක් යැයි ඔබ පිළිගන්නවා ඇති. එමනිසා ඉදිරි කාලය තුල මුහුණ දීමට සිදුවන සිදුවීම් වලට මුහුණ දීමට ජනමතය නිවැරදි ස්ථාවරයකට ඒකරාශි වී තිබීම වැදගත්.
      "මානුෂික මෙහෙයුම" ලෙස හැඳින්වූවත් මෙය යුද්ධයක්.දහස් ගණන් සෙබළුන් අතරින් එක් අයෙක් හෝ චෝදනාවකට වැරදි කරුවෙක් වුවහොත්...උදාවන තත්වය ගැන සිතන්න.එදාට අප කළ යුත්තේ කුමක්ද?

      Delete
    2. මෙතන ජනමතයෙන් කරන්න පුලුවන් දෙයක් නෑ , ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්නේ නැතුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න එකයි කරන්න තියෙන්නේ . උගත් පාඩම් කොමිසමේ වාර්ථාවේ හමුදාවට ඍජු යුධාපරාධ චෝදනා එල්ලවෙලා නෑ , ඒ නිසා ඒ වයින් ගැලවෙන්න උපක්‍රමික ක්‍රමවේදයක් විදිහටත් මේ වෙලාවේ ඔය ඇමරිකානු යෝජනාම භාවිතා කරන්න පුලුවන් . දේශපාලනික සංහිදියාවකට යන්න රජය මුල ඉඳලම කටයුතු කලා නම් ඔය යුධ අපරාධ චෝදනා ඩයස්පෝරාවයි චැනල් 4 එකෙනුයි පමණක් නතර කරගන්න තිබුනා . විශේෂයෙන්ම එහෙම දේකට ගියා නම් ජිනිවා වලට යෝජනාවක් එන්නෙත් නෑ , ආවත් ඉන්දියානු සහය අහිමිවෙලා අපි පරදින්නෙත් නෑ

      Delete
  3. ඇමරිකාව ලංකාවේ ප්‍රශ්ණ දිහා බලන්නේ ඇත්තටම සද්භාවයෙන් නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව අපි ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රීයාවලට විරුද්ධ වෙලා සතුටු වෙන්න තිබුනා.කොන්ද පණ ඇති විපක්ශයක් පෙනෙන තෙක් මානයක නැති කොට ආණ්ඩුවට ඔහොමවත් බලපැමක් සිද්ධ වුන එක ගැන.
    ඒත් ප්‍රශ්ණය තියෙන්නේ ඇමරිකාව හැරෙන්නේ මොකාටද යන වග ඕනම පොඩි එකෙකුට තේරුම් ගන්න පුළුවන් තරමට උන් අතීතය පුරාවටම දුන් උදාහරණ අපිට අමතක කරන්නට බැරි වීමයි.

    වෙලාවේ හැටියට අංක 3 ස්ථාවරයේ රැදිය යුතුමය!

    ReplyDelete
    Replies
    1. එකඟයි. මමත් හිතන්නේ මේක රට මුහුණ දෙන ප්‍රශ්ණයක් ලෙස සැලකිය යුතු බවයි.

      Delete
  4. 2 හා 3 අතර දෝලනය වෙමින් සිටිමි.

    ජයශ්‍රී - http://meeghaya.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය කියෙව්වා. හොඳ විග්‍රහයක්. විශේෂයෙන්ම මා කැමතියි එහි පූර්විකාවට.:-)

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters