Tuesday, September 7, 2010

18 වෙනි එක...


ජේ.ආර් ටද චන්ද්‍රිකා ටද කල නොහැකි වූ දේ මහින්ද 8 වෙනිදා කරනු ඇත."හොඳින් හෝ නරකින්" තමන්ට වුවමනා දේ කර ගැනීමට ඔහු සූදානම්ය. ජනතාව ඔහුට 2/3 ක් දුන්නේද? පැහැදිලිවම නැත. අල්ලස් හෝ වරප්‍රසාද දීමෙන් පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කර 2/3 ඉක්මවීම දේශපාලන තක්කඩිකමක්, මගෝඩිකමක් , ජනතාවට කොකා පෙන්වීමක් නොවන්නේද?

ජේ.ආර් ගේ ව්‍යවස්ථාව පතුරු ගැසූවන්ම අද එහි උඩු පිනුම් ගසති.කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව ඇත්තේ නමට පමණි. කවර තරමේ මහජන නියෝජිතයෙකුට වුවද ජනපති හමුවේ නිවට වීමට බලකෙරී ඇත.ඉහත ඡායාරූපයේ අත් දෙකම ඔසවාගෙන සිටින අගමැති දි.මූ. ගේ බයාදු පක්ෂාපාතීත්වය දෙස බලන විට ඇතිවන්නේ හාස්‍යද? අනුකම්පාවද නැත්නම් දුකද?

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters