Friday, May 8, 2020

ජනතාව මර නින්දේ - ආර්ථික අර්බුදය ඔඩු දුවයි..


ලංකාව වර්තමානයේ මූණ දීලා ඉන්නේ ඉතාම බැරෑරුම් ආර්ථික අර්බුදයක.නමුත් ඒ පිළිබඳව වන නිවැරදි වැටහීමක් ලාංකික පුරවැසියන් බහුතරයකට ඇති බවක් පෙනෙන්නට නැහැ. මෙය රටේ පාලකයන්ට පවරා ඇස් කන් වසා සිටිය හැකි තත්වයක් නෙමෙයි. නැව ගිලෙන්නේ අප සියල්ලන්ම කැටුව බවවත් අඩුම ගානේ තේරුම් ගන්නවානම් හොඳයි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය මැයි 5 දා රජයේ සේවකයන්ගෙන් මැයි මස වැටුප පරිත්‍යාග කරන ලෙස කරන ලද ඉල්ලීම,අර්බුදයේ තරම හොඳින්ම පැහැදිලි වන සිදුවීමක්.

(පී.බී.ජයසුන්දර මහතාගේ ලිපියෙන් උපුටාගත් කොටස්..)






( සම්පූර්ණ ලිපිය කියවන්න.)


ලක්ෂ 14 ක් පමණ වන රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් සහ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 100 ක් පමණ අවශ්‍ය වන බව ඔහු සඳහන් කළා.

එම මුදලම හෝ එයින් කොටසක් හෝ පරිත්‍යාග කල හැකිනම් එය අයවැය හිඟය පියවා ගැනීමට උපකාරයක් වනු ඇති. එසේම රටේ  ණය කළමනාකරන ක්‍රියාවලියටත් එය විශාල සහනයක් වනු ඇති බව ඔහු සඳහන් කර තිබුනා.

මේ වසරේ ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.8 ක්. මේ මොහොත වනවිට රටේ විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන් 7.2 ක් පමණයි. 

සංචාරක ව්‍යාපාරයෙන් 2018 වසරේදී ඉපයූ ආදායම ඩොලර් බිලියන 4.4 ක්. 2020 වසරේදී ණය වාරික ගෙවීමට (ඩොලර් බිලියන 4.8 ක් ) සාමාන්‍ය වසරක සංචාරක ආදායම ප්‍රමාණවත් නැහැ. දැන් කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී තියෙන තත්වයක අපට මේ ආදායමත් අහිමිව ගොසින්.

2018 දී අපනයන වලින් අප ලද ආදායම ඩොලර් බිලියන 15 කට ආසන්නයි. කොරෝනා නිසා කොතරම් අපනයන බිඳ වැටී ඇත්ද ? කොතරම් ආදායමක් අපට අහිමිව ඇත්ද ? යන්න තවම හරියටම දන්නේ නැහැ.




==========================================================

අර්බුදයේ තවත් පැතිකඩක් පෙන්වමින්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 240 ක පමණ මුදලක් පසුගිය මාර්තු මුල සතියේ සිට මැයි මස මුල සතිය දක්වා වන මාස දෙකක පමණ කාලය තුල මුද්‍රණය කර තිබෙනවා. නිෂ්පාදනයේ ඉහළ යාමක් සිදු නොවී ආර්තිකයට මෙසේ මුදල් පොම්ප කිරීම නිසා උද්ධමනය විශාල ලෙස ඉහළ යාවි.

( කියවන්න. )

===============================================================

ණය ගනුදෙනු වෙනුවෙන් ශ්‍රේණිගත කිරීමක් වන Fitch Ratings වලට අනුව ශ්‍රී ලංකාව "B-" සිට " B" තත්වය දක්වා පහත හෙළා තියෙනවා. එයට හේතු ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනවාරියේ සිට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා බදු ආදායම විශාල ලෙස පහළ වැටීමත් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමට යොමු වීමත්ය. ශ්‍රේණිගතවල මේ පහළ යාම විදෙස් ණය ගැනීම් තව දුරටත් අපව දුෂ්කර අඩියකට පත් කරාවි.

කියවන්න.




2 comments:

  1. https://www.newswire.lk/2021/07/26/sl-settles-us-1-billion-debt-minister-reveals-details-of-seven-major-forex-inflows-expected-in-next-3-months/?fbclid=IwAR1FWo_z9677OyjWfqd0cW2FGNkbrGs68QA24AvzaBjwX1DRiJQZlrShWsQ

    ReplyDelete
  2. https://www.bloomberg.com/news/articles/2021-09-08/sri-lanka-facing-severe-fx-crisis-finance-minister-says

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters