Tuesday, October 22, 2019

මට සිහින නායකයෙක් ඇත..



ක්‍රියාවටත් දක්ෂ..
කථාවටත් දක්ෂ..
හොරකම් කර නැති..
මිනී මරා නැති..
පවුල් පාලනයක් නැති..
ඥාති මිත්‍ර සංග්‍රහය නැති..
උගත්..
බුද්ධිමත්..
දක්ෂ..
මේ සියළු නායකත්ව ගුණාංග ඔප්පු කළ නායකත්වයක්..
වර්තමාන දේශපාලන භූමියේ..
ගොඩනැඟී තිබේ..


නමුත් මේ සිස්ටම් එක ඇතුළේ..
ඔහු ජනතාව ඉල්ලා සිටින නායකයා නොවුන නිසා..
ඔහුට අපේක්ෂත්වය නොලැබුණි.
ජනතාව  improve වනතුරු quality තීරණ නොලැබෙයි.
එමනිසා..
අතුල අධිකාරී ගයන්නාක් මෙන්..
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද " කියා..
ලැබී ඇති options වලට අනුව..
වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමට අපට සිදුව තිබේ.



Monday, October 21, 2019

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?



විශිෂ්ට ප්‍රතිපත්ති මාලා සකසන, ඒවා මැනවින් විග්‍රහ කරන අති දක්ෂ කථිකයන් සිටින, තර්කානුකූල හා ප්‍රගතිශීලී විසඳුම් අතින් ප්‍රධාන පක්ෂ දෙකම අභිබවන, හොරකම් නොකරන ජේවීපි යට බහුතර මිනිසුන් ඡන්දය නොදෙන්නේ ඇයි?


මෙතරම් හොඳ ප්‍රතිපත්ති තිබියදීත් ජේවීපි ය දිනන්නේ නැත්තේ ඇයි?

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?

දීලා බලන්නට දෙයක් නැත. බලය ඇතිවිට ඔවුන්ගේ හැසිරීම කෙබඳු දැයි ඔවුන් මනාව ඔප්පු කර ඇත.

ඒ සඳහා ඔබ විමසිය යුත්තේ ජේවීපි හා පෙරටුගාමීන් විසින් දිගු කලක සිට බලය පතුරුවන රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඔවුන්ගේ හැසිරීමය.

වසර ගණනාවක සිට රාජ්‍ය විශ්ව විද්‍යාලවල බලය හිමිකරගෙන සිටින ජේවීපි ය එම සුන්දර, සාධාරණ, යුක්තිගරුක, ප්‍රගතිශීලී ලෝකය එම විශ්ව විද්‍යාලවල නිර්මාණය නොකරන්නේ මන්ද?

බලය ඇතිවිට ඔවුන් හැසිරෙන අන්තගාමී, අධිකාරිවාදි ආකාරය නිහීන ලෙස ප්‍රදර්ශනය වන විශ්ව විද්‍යාල තුල, ඒ බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් නොකරන්නේ කුමක්ද?



සමාජයට වෛර කරන, වෙන කිසියම්ම හෝ ආකාරයකින් සමාජයේ තැනක් හිමිකර ගැනීමට අසමත්, පීඩිත මනෝ භාවයකින් යුත්, ලාබාල තරුණ තරුණියන්ජෙ senior ජෙප්පන්ගේ පහසු ගොදුරුය.


ජේවීපි ය අන්ධ භක්තියෙන් ගත්, මේ සුකිරි බටිල්ලන් විරුද්ධ මතයන් හෝ විරුද්ධ මතධාරීන් අබිමුව හැසිරෙන නින්දිත ආකාරය අපිදු ඇස් දෙකෙන් දැක ඇත්තෙමු.


රූපවාහිනී සංවාදවලදී, වේදිකා කථාවලදී චතුර කථිකත්වයකින් ඔවුන් මවා පෙන්වන ප්‍රගතිශීලී, සාධාරණ, යුක්තිගරුක ලෝකය ඔවුන්ගේ බලය ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල නිර්මාණය කර ආදර්ෂයෙන් ඔප්පු නොකරන්නේ ඇයි?

Saturday, October 19, 2019

සජිත් සමඟ ලැබෙන Package එක ..බාර ගැනීමට ඔබ සූදානම්ද ?



සජිත් නම් ටිකක් මොංගල් බව ඇත්ත..

ඒත් සජිත් සමඟ මෙහෙම Package එකක් ලැබුනොත් කොහොමද?

ෆොන්සේකා (ආරක්ෂක )
චම්පික ( මෙගා පොලිස් )
අකිල (අධ්යාපන )
හර්ෂ (මුදල්)
එරාන් ( ආර්ථික සංවර්ධන )

හරීන් (ක්‍රීඩා )



ගෝඨා සමඟ ලැබෙන Package එක..බාර ගැනීමට ඔබ සූදානම්ද ?



නායකයෙක් තෝරාගැනීම යනු තනි පුද්ගලයෙක් පමණක්  තෝරාගැනීමක් නොවේ.
                   
ඔහුට සහය දක්වන, ඔහු සමඟ සිටින පිරිස ද ඔහු සමඟ ලැබෙන "Package" එකක් ලෙසින් බාර ගැනීමට ජනතාවට සිදුවේ.

ගෝඨා සමඟ ජනතාවට ලැබෙන Package එක කුමක්ද?

මහින්ද රාජපක්ෂ
චමල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ

බන්දුල ගුණවර්ධන
ඩලස් අලහප්පෙරුම
විමල් වීරවන්ශ
උදය ගම්මන්පිල

ජොන්ස්ටන් ප්‍රනාන්දු
රෝහිත අබේගුණවර්ධන (රත්තරං)
මහින්දානන්ද අලුත්ගමගේ
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ඩිලාන් පෙරේරා



මේ Package එක බාර ගැනීම ට ඔබ සූදානම්ද?


Thursday, October 10, 2019

රොහාන් පල්ලෙවත්ත...සැබෑ විකල්පයක්ද ?






පෙණ බුබුළු වගේ මතුවී, බිඳී විසිරී යාමට නියමිත.......
ස්ථිර, දිගුකාලීන ගමනක් නැති...
සමාජ මාධ්‍යයේ තරුණ ඡන්ද ඉලක්ක කරගත්..
බොළඳ විකල්පයක්..!

මේ ඡන්දයෙන් යම් ඡන්ද ප්‍රමානයක් ගනීවි..
නමුත් ඒ අය වෙනුවෙන් හෝ මොහු ඡන්දයෙන් පසු ලංකාවේ දේශපාලනයේ දිගටම නිරත වීමට ඇති ඉඩකඩ නම් ඉතා අඩුය..

මොහුව සොයා ගැනීමටවත් නොහැකි වීමේ සම්භාවිතාව නම් ඉතා ඉහලය.

Monday, October 7, 2019

විජේවීර, ප්‍රේමදාස යුගයේ සිට අනුර, සජිත් දක්වා..







මේ ඡායාරූපය දේශපාලන සංකේතාත්මකව වටිනා එකකි...
වසර 30 ක් ආපසු හැරී බැලූ විට අපට 1989 හමුවෙයි..
තිරිසනුන් මෙන්..පිස්සු බල්ලන් මෙන් උනුන් මරාගත්..
ලේ පිපාසිතව දහස් ගණන් ජීවිත බිලිගත්..
දේශපාලන ව්‍යාපාර දෙකක්..
වසර 30 කට පසුව...
තමුන්ගේ මතවාද එක් වේදිකාවක සිට ජනතාවට ඉදිරිපත් කරන
ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුල මෙසේ හමුවී සිටියි.



එය ඉබේ ගොඩනැඟුනේ නැත..
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී, ඉදිරිගාමී ලක්ෂණ වෙනුවෙන්
පෙනී සිටි මිනිසුන්ගේ උත්සාහයන්, කැපවීම් හමුවේ පැමිණි ගමනකි මේ..
වැඩවසම්, පසුගාමීත්වය වෙනුවට..
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමනක් වෙනුවෙන්..
තවත් යා යුතු දුර බොහෝය..
ඒ ගමනේදී..
මෙය සතුටු විය හැකි ජයකි..
සන්ධිස්ථානයකි..!

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters