Monday, August 20, 2012

ලලිත් ඇතුලත්මුදලි මහපොළ අරඹමින් කළ හැඟීම්බර කථාව....

      
http://www.star-clicks.com/?ref=50485357
                              
ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන නායකයෙක්. ඕනෑම දේශපාලඥයෙකුට වාගේම ලලිත් කෙරෙහිත් දේශපාලන විවේචන තිබෙනවා උනත්, සාපේක්ෂව ගත්තාම ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත්, දක්ෂ, විශිෂ්ට නායකයෙක් කියන එක බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්.

ලලිත්ගේ නම බැබළෙන්නේ "මහපොළ" නිසා. සැබෑ උගතෙකු වුණු, උගත්කමේ වටිනාකම හඳුනාගත් දේශපාලන නායකයෙකු ලෙස ලලිත් රටට උගතුන් බිහිකිරීමේ ක්‍රියාවලියට විශිෂ්ට මෙහෙවරක් කරමින් මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කළා.

ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් විශිෂ්ට දස්කම් දක්වමින් සිටි කාලයේ හදිසියේ පියා අභාවප්‍රාප්ත වීම නිසා, අධ්‍යාපනය අතරමඟ නතරවීමේ අවදානමක් උදා වුණා. ඔහුගේ විශිෂ්ටත්වය දැන සිටි, ඇතුලත්මුදලි පවුලේ හිතවතෙකුද වූ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක අගමැතිතුමා ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදී, විශිෂ්ට ගමනකට උරුමකම් කියන මේ තරුණයාගේ ගමන අතරමඟ නතරවීමේ අවදානම දුරුකර ලන්නට සිය සහයෝගය ලබාදුන්නා.තමන් ලද ඒ සහායට රටට, ජනතාවට කළගුණ සැළකීම"මහපොළ" ආරම්භයට ලලිත් පෙළඹ වූ සිතුවිල්ලක්.

81 ඔක්තෝබර් 6 වෙනිදා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල-පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලලිත් කළ කථාව ඔහුගේ විශිෂ්ටත්වය පිළිබඳව මනා සාධකයක්.

"1958 දී ඇතැම් කරුණු නිසා මගේ අධ්‍යාපනය ගෙන යන්නට මට මුදල් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ අගමැති වශයෙන් සිටියේ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමායි.අධ්‍යාපන ඇමති වශයෙන් එදා සිටියේ ආචාර්ය ඩබ්ලිව්. දහනායක මැතිතුමායි. ඒ අවස්ථාවේ නව ශිෂ්‍යත්වයක් වන "රෝඩ්ස්" ශිෂ්‍යත්වය සඳහා තරඟ කරන්නට අවස්ථාව දෙන ලෙස මම ඉල්ලා සිටියා.
  
  නමුත් එදා අගමැතිව සිටි දිවංගත ගරු බණ්ඩාරනායක මැතිතුමා මට කෙළින්ම කිව්වා තමුන්නාන්සේට "රෝඩ්ස්" ශිෂ්‍යත්වය ලබා ගන්නට ඉඩ දෙන්නේ නැහැ කියා. එතුමා සාධාරණ හේතුවක් උඩයි මට එහෙම කළේ. එතුමා මට කිව්වා තමුන්නාන්සේ මේක ඉල්ලුවොත් තමුන්නාන්සේට මේක ලැබෙයි.නමුත් තමුන්නාන්සේ පිටරට ගිහින් යම් යම් අත්දැකීම් ලබාගෙන පැමිණි කෙනෙක්. මම තැත් කරන්නේ තවත් කෙනෙකුට පිටරට ගිහින් තමුන්නාන්සේ ලබාගෙන තිබෙන ඒ පළපුරුද්ද, ඒ අත්දැකීම, ඒ අධ්‍යාපනය ලබාගන්නට අවස්ථාව දීමටයි කිව්වා. 

මම එතුමාට ඒ අවස්ථාවේදී කිව්වා, එහෙනම් මට මොකවත් කරන්න බැහැ. මට ඉතින් තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියා. එතුමා ඊළඟට මට කිව්වා, මම මේ රටේ අගමැතිතුමා හැටියට සිටින තාක් තමුන්නාන්සේ අධ්‍යාපනයෙන් දැන් පෙන්වා තිබෙන දක්ෂතාව කෙටි කරන්න මම වැඩ කරන්නේ නැත. 
තමුන්නාන්සේගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න තමුන්නාන්සේට ශිෂ්‍යත්වයක් පිරිනමනවාය කියා. 


ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේ එතුමාටත්, එතුමාගේ කැබිනට් මණ්ඩලයටත්, හිටපු අධ්‍යාපන ඇමති ආචාර්ය දහනායක මැතිතුමාටත් මගේ අවංක ස්තූතිය පුද කරන්න කැමතියි. ඒ වාගේම මේ පරිත්‍යාගශීලී පනතින් යම් පිනක් අත් වෙනවා නම් එතුමාටත් එතුමා වැනි පුද්ගලයින්ටත් ඒ පින් අත්පත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

-----------------------------------------------------

මට ඒ ශිෂ්‍යත්වය දෙන වෙලාවේදී බණ්ඩාරනායක මැතිතුමා මට කළ ප්‍රකාශයක් මම කියන්න ඕනෑ. එතුමා කිව්වා, තමුන්නාන්සේ ආපසු මව් රටට ඇවිත් තමුන්නාන්සේට පුළුවන් සේවයක් රටට කරන්නය කියා.එපමණයි, එතුමා මගෙන් ඉල්ලුවේ. මගේ පක්ෂයට බැඳෙන්නය, මගේ පවුලට වැඩ කරන්නය, මගේ කණ්ඩායමට උදවු කරන්නය කියන විදියේ පටු හැඟීම්වලින් තොරවයි එදා බණ්ඩාරනායක මැතිතුමා මට උපදෙස් දුන්නේ. 

මම මේ අවස්ථාවේදී එක කාරණයක් කියන්නම්, බණ්ඩාරනායක අගමැතිතුමා මට කිව්වා වගේ මේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් සෑම කෙනෙකුගෙන්ම මම ඉල්ලා සිටින්නේ, මේ උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියා නොවෙයි. කරුණාකර කුමන ආකාරයකින් හෝ මේ රටට සේවයක් කරන්න කියායි.ඒකයි මෙහි පරමාර්ථය.ඒකයි මෙහි ක්‍රමය.

   සම්පූර්ණයෙන්ම පටු අදහස්වලින් තොරව මේ ශිෂ්‍යත්වලාභීන්ට පණිවුඩයක් දෙනවානම් ඒ පණිවුඩය මේකයි. "මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබාදෙන්න පුළුවන් දේ දී තිබෙනවා; තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණාකර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න" කියන එකයි.

උසස් අධ්‍යාපනයට එන අය හුඟාක් උසස් අය. සාමාන්‍ය පුද්ගලයන් නොවෙයි. අධ්‍යාපනයෙන් උසස්; ඤානවන්තකමින් උසස්; ඒ අය මේ රට අලංකාර කරන්න පුළුවන් අයයි. මේ රට ශ්‍රේෂ්ඨ රටක් කරන්න පුළුවන් අයයි. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා, දිවංගත ඇමෙරිකන් ජනාධිපති කෙනඩි මහතා කළ ප්‍රකාශයක්. එතුමා ශිෂ්‍යත්වලාභීන්ට අවවාද කරමින් කී දේ මට උපුටා දක්වන්න පුළුවන් නම් මෙන්න මේ අදහසයි එහි ඇත්තේ. "අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි.එය ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙහෙමයි:


From now on you must ask not what your country can do for you but what you can do for your country"





අද මහපොළ ලබන්නන්, මේ වචනවල සැබෑ වටිනාකම හඳුනා ගන්නේ නම්...

[කථාව උපුටා ගැනීම - " නොනිමි මෙහෙවර"- ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය - රංජිත් අමරකීර්ති පළිහපිටිය] 


http://www.star-clicks.com/?ref=50485357

21 comments:

  1. එය විශිශ්ට කතාවක්...

    ReplyDelete
  2. ඇත්තෙන්ම එය විශිෂ්ට කතාවක් ..මහපොළ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යක්. නිදහස් අධ්‍යාපනයේ අර්ථයන් ත්‍රීවුර කිරීම සඳහා එයින් ලබා දුන් පිටුබලය අතිමහත්.

    ReplyDelete
    Replies
    1. //නිදහස් අධ්‍යාපනයේ අර්ථයන් ත්‍රීවුර කිරීම සඳහා එයින් ලබා දුන් පිටුබලය අතිමහත්//
      ඒක ඇත්ත.

      Delete
  3. හොඳ කතාවක්.

    "අද මහපොළ ලබන්නන්, මේ වචනවල සැබෑ වටිනාකම හඳුනා ගන්නේ නම්"
    මහපොල අරගෙන ඉගනගෙන එලියට ඇවිල්ල, දිස්ත්‍රික්කෙ ඉන්න ඇමතිතුමාගෙ ලඟ ටික කලක් වැඩ කලාම "රටට සේවය කිරීමේ අවස්තාව" සැලසෙනව.

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත. "රටට සේවයක් කරන්න" නෙමෙයි සමාජයේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒත් තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් සුළු දෙය හරි කරනවා නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්.

      Delete
  4. අද මහපොළ ලබා නිදහස් අධ්‍යාපානයේ උපරිම භුක්තිය මෙහෙම හිතනවානම්.. ""අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි""

    ඇමතිතුමා ගාව වැඳ නොවැටී.. රජයෙන් රැකියාවක් ලබා දෙන තුරු පාරේ හිඟා නොකා තමන්ට ලබාදුන් වටිනා අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතහැකිනම් මහපොළේ එකම අරමුණ එය බව පැහැදිලි..

    ReplyDelete
    Replies
    1. //තමන්ට ලබාදුන් වටිනා අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතහැකිනම්//
      ප්‍රයෝජනය, තමන්ට සේම තමන්ට අවස්ථාව නිර්මාණය කළ සමාජයටත්....

      Delete
  5. මහපොළ ලබන අය ඔය කතාවේ වටිනාකම හඳුන ගත්තට ඒ විදිහට වැඩ කරන්න පුලුවන්ද.එදා ලලිත්ලා හිටපු දේශපාලනයේ අද ඉන්නේ මර්වින්ලා.ලලිත්ලා ඔක්ස්ෆර්ඩ් වලින් ගත්ත දේවල් මර්වින්ලා ගන්නේ විෂ්ණු දේවාලෙන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව දුෂ්කරයි.ඒත් තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් සුළු දෙය හරි කරනවා නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. “Be the change you want to see in the world.” -Mahatma Gandhi

      Delete
  6. ඇත්තටම අනර්ඝ කතාවක්. බුද්ධි ගලනය වැළැක්වීමේ අරමුණින් ඇතුලත්මුදලි මහත්තයා එවැනි දෙයක් කිව්වත් නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයේදී මහපොළ නිසා මුදලකුත් මාසිකව ලබාගෙන අවසානයේදී තමන්ගේ සේවය පිටරටකට ලබාදෙන බුද්ධිමතුන් ගැන නම් කණගාටුයි. හැබැයි ඒකේ අනිත් පැත්ත තමා ඔවුන්ට සේවයක් කළ හැකි පසුබිමක් රටේ පාලක පක්ෂය ලබාදීලා තියෙනවාද කියන එක. විශේෂයෙන් ස්වාධීනව වැඩ කළ හැකි පරිසරයක්...

    ReplyDelete
    Replies
    1. අද සෘජුවම, නිර්ලජ්ජිතවම කියන්නේ අපේ පක්ෂයට, අපේ පවුලට වැඩ කරපල්ලා කියලයි.

      Delete
  7. මේ කතාවේ මුද්‍රිත පිටපතක් අද ඉන්න මහ තැන් ඔක්කොටම යවන්න වටිනවා. එහෙම නැත්නම් උන්ගේ කනට ගහලා, මේක කියවලා බලාපිය කියන්න වටිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු තිබුනා වුනත් ලලිත් ලා වගේ නායකයන් අද දේශපාලනයේ නැහැ.

      Delete
  8. මහපොලින් වෑඩක් ගත්ත හෑමොම ඔහුට පින් දෙන්න ඔනෙ... එවගෙම 89 මරල දපු අයත් මොහුව මතක් කරන්න ඔනෙ.. මොකද එ පනත ගෙනාවෙත් මෙයනෙ..

    ReplyDelete
    Replies
    1. ලලිත් ජනාධිපතිකම ඉලක්ක කරගෙන වැඩකළ දේශපාලඥයෙක්. ඔහු කළ සියළු දෙය අගය කළ හැකි යැයි මා සිතන්නේ ද නැහැ.

      Delete
  9. මහපොල අති ශ්‍රේෂ්ඨ සංකල්පයක්. එය දෙවෙනි වන්නේ නිදහස් අධ්‍යාපන සංකල්පයට පමණයි. හැම කෙනෙක්ගේම සුදු සහ කළු දෙපැත්තක් තියෙනවා.හොද අගය කිරීමට නරක බාධාවක් කරගත යුතු නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.බොහෝ අය දන්නේ බනින්න විතරයි.

      Delete
  10. අනේ මෙ වගේ මිනිස්සු එදාට වඩා අදටයි රටට වටින්නේ

    ReplyDelete
    Replies
    1. "රටක් වටින මිනිස්සු" කියන්නේ මේ වගේ අයට තමයි...

      Delete
  11. ලලිත්ලා වැනි අත්දැකීම් බහුල නායකයන්ගේ රික්තකය නිසා තමයි බොහෝ වීරයන් විසින් පිරෙව්වේ.. මහපොළ ගන්න බොහෝ දෙනෙක් ඒකෙ නිධාන කතාව දන්නේ නෑ..

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters