පසුගිය සති දෙකක පමණ සිදුවීම් නිරීක්ෂණය කල විට වුවද දේශපාලන බලය හමුවේ රටේ නීතිය, යුක්තිය සහ සාධරණය වල් වැදී අවනීතිය රජවී ඇති අයුරු පැහැදිලි වෙයි.

මහ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට මිනී මැරූ දේශපාලන බලවතුන්ට ඉහළ දේශපාලන බල අධිකාරයේ ආරක්ෂාව කිසිම හිරිකිතයක් නැතිව ලැබීම, ඉතාම නරක පූර්වාදර්ශයක් පහළ මට්ටමේ දේශපාලන අධිකාරියට ලබා දී ඇති බවක් පැහැදිලිව පෙනී යන කරුණකි.

මෙය අද දවසේ " දේශපාලනික කළගුණ දැක්වීමේ" විධි ක්‍රමයයි. ඡන්දවලදී සල්ලි විසි කරන්නට, මිනිස්සු ගෙන එන්නට , මැර බලය ලබා දෙන්නට ඇති හැකියාව අර්ථ දැක්වෙන්නේ දේශපාලනික සහයෝගය ලෙසිනි. එයට පෙරළා කළගුණ සැලකීම වන්නේ වියදම් කළ මුදල මෙන් කීප ගුණයකින් උපයා ගැනීම සඳහා ඕනෑම දහදුරා ක්‍රමයකින් මුදල් ඉපයීමට අවශ්‍ය දේශපාලනික රැකවරණය ලබා දීමයි.
"ගුරා හිටගෙන කරන විට ගෝලයන් දුව දුව කරනවා" යැයි කියමනක් ඇත. අද දවසේදී ලාංකේය සමාජය අත් දකින්නේ මේ සත්‍යයයි.
කහවත්ත සිද්ධියේදී "කුඩු බිස්නස්" කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සහෝදරයායි.එය දැනගත් බැවින් සහ පොලීසියට තොරතුරු දුන්නායැයි සැකයට අසල්වැසි මව සහ දුව මරා දැමෙයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක ඇති බලය...!
අද ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීකමක් ගැනීම පවා අයුතු ලෙස මුදල් ඉපයීමට, අපරාධ කිරීමට බලපත්‍රයක් ලැබීමක් බවට පත්වී ඇත. කුඩු ව්‍යාපාරය, හොර අරක්කු, ගණිකා ව්‍යාපාරය, කප්පම් ගැනීම, චණ්ඩිකම් සහ මැරවරකම් කරන්නට අනිවාර්යෙන් අවශ්‍ය බලපත්‍රය වන්නේ කුමක් හෝ දේශපාලන සබඳකමක් පමණි.
දහසක් සිදුවීම් හොර රහසේම කිසිම බාධාවකින් තොරව සිදුවන අතරේ ,ජනතාව නොබියව පෙරට ආ අවස්ථා කීපයකදී පමණක් වැරදිකරුවන්ට වැඩ වැරදුණි.පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ජනතාව නීතිය අතට ගැනීම අනුමත කළ නොහැක්කක් වුවත් රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවයි නම්.......යුක්තිය සහ සාධාරණය සඳහා වෙනත් විකල්පයක් තිබේද....???
ජනතාව නැගිටලා නීතිය අතට ගන්න කාලය වැඩි ඈතක නෙමෙයි.....
ReplyDeleteඇත්තටම ජනතාව නීතිය අතට ගැනීම කියන්නේ අනුමත කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් දේශපාලනය ගෑවුන තැනකදී නීතියක් කියා දෙයක් නැති විදිහට නම් කටයුතු සිද්ධ වෙන්නේ ..වෙන කුමක් කරමුද?
ReplyDelete