Friday, December 20, 2019

චම්පිකව දේශපාලනිකව විනාශ කිරීමට ඉඩ දිය යුතුද?



ගතවෙන මේ මොහොත තුළ රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැක්කේ කාටද ? රනිල් ටද ? සජිත් ටද ? නැත. ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඇති එකම මිනිසා චම්පික රණවක පමණි. සැබෑම දේශපාලඥයන් ලෙස රාජපක්ෂවරු ඒ අභියෝගය මනාව වටහාගෙන ඇත.
ඒ දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසා දේශපාලනිකව විනාශ කිරීමේ ව්‍යාපෘතිය දැන් ඇරඹී ඇත. දූෂණ, වංචා චෝදනා නැති චම්පිකගේ රිය අනතුරක් අවසානයේ ඔවුන්ට අසුවී තිබේ.මේ මොහොතේදී හිරු, දෙරණ වැනි ජනමාධ්‍යවල ශක්තියද , දේශපාලන බලයද උපරිමයෙන් යොදා ගනිමින් චම්පිකට එරෙහි ප්‍රහාරය ඇරඹී ඇත.



චම්පික මේ අභියෝගයට මුහුණ දිය යුතුය. ඔහු රටේ නායකත්වය අපේක්ෂා කරන්නේනම්, මෙවැනි අභියෝග ජයගැනීමට තරම් දක්ෂ සහ පරිණත විය යුතුය.මෙය ජයගැනීම යනු හිරේ නොවැටී සිටීම නොවේ.හිරේ වැටුණද, කුමන දඬුවමක් ලැබුණද මේ සිදුවීම හරහා විපක්ෂයේ ප්‍රබලතම දේශපාලනික නායකයා යන ප්‍රතිරූපය ගොඩනඟා ගත හැකිනම්, එයයි ඔහුගේ ජයග්‍රහණය. එවිට රාජපක්ෂ විරෝධී ජනතාව, ඔහුගේ නායකත්වය වටා එක් රොක් වී, මේ පසුගාමී රාජපක්ෂ නායකත්වය වෙනුවට වඩා දියුණු දේශපාලන සංස්කෘතියක් බිහිකළ හැකි, ඉදිරිගාමී යුගයක් වෙත පෙළ ගැසෙනු ඇත.

Sunday, November 24, 2019

යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය



යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව සිය ගමන නිමා කළාය. ඒ යුගය අප හැඳින්විය යුත්තේ කන්දක් විළිලා මී පැටියෙක් වැදූ යුගයක් ලෙසද ? නැත්නම් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති යුගයක් ලෙසද ?



යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානම චෝදනාවක් නම් මහ බැංකු බැඳුම්කර වංචාවයි. බලය ලබා මාසයක් ඉක්ම යාමට මත්තෙන් කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකෙරිණි.එයට වගකිවයුතු යැයි ඔප්පු වුණු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , අගමැති රනිල්ගේ දැඩි වුවමනාව මත ඒ තනතුරට පත්කෙරුණෙකි. මිස්ටර් ක්ලීන් යැයි කියවුණු රනිල් ඒ සිද්ධියේදී සිය නම කැත කරගත්තේ, පැරණි හොරුන්ටද නැවත අලු ගසා දමා නැගිටීමට ජීවය පිඹිමිනි. මහින්ද රජයේ සියළු දූෂණ චෝදනා අහෝසි වී ගියේ, යහපාලන ආණ්ඩුවද හොරකම ඇරඹූ බැවිනි. හොරකමට, දූෂණයට එරෙහිව මහින්ද රජය ගෙදර යැවූ යහ පාලනයක් වෙනුවෙන් ක්‍රියාකල ජනතාව සිය යහපාලන නියෝජිතයන් විසින් පාවා දෙන ලදහ.

යහපාලන රජයේ අනෙක් ප්‍රබලතම පරාජය / අසාර්ථකත්වය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමයි.ජනපති ද අගමැති ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද  සිය වගකීම් පැහැර හැර තිබුණි. අකාර්යක්ෂම, අදක්ෂ, වගකීම් විරහිත නායකත්වය විසින් ජීවිත තුන්සිය ගණනකට අධික පිරිසක් බිලිගන්නට ඉඩ දුන්හ. සහජීවනයේ සැබෑ අර්ථය නොව ව්‍යාජය මත කටයුතු කළ ඔවුන්ට සැබෑ අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නට දැක්මක් නොවිණි.

රනිල් ප්‍රමුඛ යූ.ඇන්.පි ය ආර්ථික කළමනාකරණය වඩා යහපත් තැනකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණි. නමුත් එය ප්‍රමාණවත් මට්ටමකින් ඉටුවූ බවක් පෙනෙන්නට නැත. බදු ආදායම වැඩි කරගත් නමුත්, එය ජනතා සහයෝගය ඇතිව කෙරුණක් නොවේ. රටේ ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයකට වැටුණි. 2017 දී ආර්ථික වර්ධන වේගය 3.1 % ක් විය. එය වසර 16 කට පසු වාර්ථා වූ අඩුම අගය විය.

යහපාලන ආණ්ඩුවේ යම් සාධනීය ලක්ෂණ නොතිබුණාම නොවේ. එයින් ප්‍රමුඛතම වන්නේ  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්‍රබලතම චෝදනාව වූ නීතියක් නැති රටක් වෙනුවට  යම් ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වීමයි. නීතියේ ආධිපත්‍ය, අධිකරණ නිදහස, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත සහ 19 වෙනි සංශෝධනය වැනි දේ ජයග්‍රහණ  ලෙස සැළකිය හැකිය.

චම්පික රණවක ඇමතිවරයා මෙගාපොලිස් අමාත්‍යාංශයේද රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයේද කැපී පෙණුනු වැඩ කොටසක් කළහ. හර්ෂ ද සිල්වා 1990 සුව සැරිය සේවය ඇරඹීය.අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ලෙස සාධනීය වැඩ කොටසක් කළේය. 



නමුත් මේ සාධනීය දැය සමස්තය ගැන ජනතාව තුළ ඇති වූ කළකිරීම දුරු කරවන්නට සමත් නොවීය.

රනිල් ගේ යූ.එන්.පී. ආණ්ඩු ස්වභාවයෙන්ම සිය වැඩ කොටස් ජනතාව අතර මාකට් කිරීමට අසමත්ය. හොඳම උදාහරණයක්  නම් ණයක් නොව ආධාරයක් ලෙස දිනාගත් MCC  ගිවිසුම ජයග්‍රහණයක් ලෙස ලකුණු දමාගත යුතු එකක් වුවද විපක්ෂය පහසුවෙන් බොරු බිල්ලෙක් මවා, එය ආණ්ඩුවේ ලකුණු කපා දැමීමට භාවිතා කළේය.

තමන් කළ හොඳ දෙයක් පවා මාකට් කරගෙන ජනතා සහයෝගය ලබා ගැනීමට නොහැකි ආණ්ඩුවක් අසමත් ආණ්ඩුවක් නොවන්නේද? ඉතින් ඒ අසමත් ආණ්ඩුවට නියතව උරුම පරාජය දැන් ඔවුන් හිමිකරගෙන සිටිති. 

යහපාලන ජනතා නියෝජිතයන් තම ආණ්ඩුව බිහිකළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අසමත් වූහ. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එසේ වූ පමණින් යහ පාලනයක් ගැන වූ ඒ ජනතා අපේක්ෂාවන් නිමාවිය යුතුද ?

.

Tuesday, November 12, 2019

2019 ජනාධිපතිවරණය - ඡන්ද ප්‍රථිපල ගැන අනාවැකියක්



2018 දී පිළියෙළ කළ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 160 කට ආසන්නය.

1) ජනාධිපතිවරණයකදී සියයට 80 ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරනු ඇතැයි මීට පෙර ජනාධිපතිවරණවල ඡන්දය භාවිතය සැලකීමෙන් අනුමාන කළ හැක.

ලක්ෂ 160 න් සියයට අසූවක් ලක්ෂ 128 කි.
සියයට 50 ක් ලබා ජයගැනීමට නම්, අපේක්ෂකයෙක් ඡන්ද ලක්ෂ 64 ක් ලබා ගත යුතුය.



2) දෙමළ, මුස්ලිම් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 33 ක් පමණ වේ.
එයින් සියයට අසූවක් යනු ලක්ෂ 26.4 කි. ගෝඨා ට දෙමළ,මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය 20% ක්, අනුර ට 15 % ක් ද සජිත් ට 65 % ක් ද උපකල්පනය කරමි.එවිට ගොඨාට ඡන්ද  ලක්ෂ  5.3 ක් ද සජිත්ට ඡන්ද ලක්ෂ 17.2 ක් ද අනුර ට දෙමල, මුස්ලිම් ඡන්ද (26.4 x 15 % =3.96)  ලක්ෂ 4 ක් ද ලැබෙනු ඇත.

128-26.4=  101.6 ලක්ෂ
සිංහල ඡන්ද ලක්ෂ 101.6 කි.



3) ජේවීපී සහ අනිත් විකල්ප අපේක්ෂකයන් ඡන්ද කීයක් ලබා ගනු ඇතිද යන්න ඊළඟ ගැටළුවයි.
ජේවීපි සියයට 5 සීමාව ඉක්මවා සියයට 7 ක් පමණ ලබාගනු ඇතියැයි මම උපකල්පනය කරමි. එය ලක්ෂ 9 කි.අනිත් සියළු විකල්ප අපේක්ෂයන්ට ඡන්ද ලක්ෂ 1 ක් වෙන් කළහොත් ප්‍රධාන අපේක්ෂයන් හැර අනිත් අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 10 කි. (7.8 %) .

මේ තුළ ජේවීපි ය ලබාගන්නා දෙමළ, මුස්ලිම් ඡන්ද ලක්ෂ 4 ක් ඇතුලත්ය. විකල්ප අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා සිංහල ඡන්ද ප්‍රමාණය (10-4=6) ලක්ෂ 6 කි.


4) එවිට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා වලංගු සින්හල ඡන්ද ප්‍රමාණය (128-26.4-6= ලක්ෂ 95.6) ක් වෙයි.
එයින් ගෝඨා ට ලැබෙන ප්‍රතිශතය කවරක්ද? මගේ උපකල්පනය එය 60 % ක් පමණ වනු ඇති බවයි. එය ලක්ෂ 57.4 ක් වෙයි. එවිට ඔහුගේ ඡන්ද ප්‍රමාණය (57.4 + 5.3 = 62.7 ) වෙයි. එය 48.98 % කි.

5) සජිත් ලබන ඡන්ද ප්‍රමාණය කීයද? සිංහල ඡන්ද (95.6 x 40 % = 38.24 මි ). මුළු ඡන්ද (38.24 + 17.2 =55.44 ම වෙයි. එය 43.31 % ක් වෙයි.



බොහෝ දුරට දෙවෙනි මනාපය ගණන් කරනු ලැබීමට සිදුවීමේ ඉඩ කඩක් ඇත.
=======================================================


Friday, November 8, 2019

Millennium Challenge Compact





On April 25, 2019, the MCC Board of Directors approved the five-year Sri Lanka Compact.

https://www.mcc.gov/where-we-work/country/sri-lanka )


Background and Context

Sri Lanka’s performance on MCC’s policy indicators has steadily increased in parallel with the reforms undertaken by the Government since January 2015. In FY 2017, Sri Lanka passed more than half of the indicators, including both democratic rights indicators—political rights and civil liberties—and the control of corruption indicator.

MCC’s Board selected Sri Lanka to develop a compact in December 2016. With MCC’s assistance, the Government completed a constraints-to-growth analysis in November 2016 identifying three binding constraints to economic growth:

(1) policy uncertainty, especially regarding revenue collection and tax policy;

 (2) transport bottlenecks resulting in traffic congestion in the Western Province and the slow movement of people, goods and services between the Western Province and other regions; and

(3) the difficulty of the private sector in accessing state-owned land for commercial purposes.

Sri Lanka has made impressive economic headway over the past few decades, but significant challenges remain. Economic growth declined to 3.2 percent in 2018, down from 3.4 percent in 2017, and 4.5 percent in 2016. Between 2002 and 2016, the country made significant strides to reduce poverty. Excluding the Northern and Eastern Provinces (for which 2002/2003 data was not available), the poverty rate fell from 22.7 percent in 2002/2003 to 6.1 percent in 2014. The national poverty rate, including the Northern and Eastern Provinces, fell further to 4.1 percent in 2016.

Despite this encouraging reduction in poverty, living standards remain modest for most of the country, and pockets of severe poverty persist. Living standards of the near-poor—those above the national poverty line but below the 40th percentile—are similar to those of the poor. Significant pockets of poverty remain in the central region and former conflict areas in the north and east. The current coalition government, elected in 2015 on a platform of political and economic reform, has developed an agenda to accelerate economic growth and continue to reduce poverty in Sri Lanka. The Government’s goal is to increase per capita income to $5,000 per year by 2025, increase foreign direct investment to $5 billion per year from its current $1 billion, and further reduce poverty.


Prior to Board approval of the program, on October 26, 2018, President Maithripala Sirisena dismissed Prime Minister Ranil Wickremesinghe, and replaced him with former president 2 Mahinda Rajapaksa. Questions immediately arose regarding the constitutionality of both actions. On December 13, the Supreme Court ruled that President Sirisena had acted in violation of the Constitution. Rajapaksa subsequently resigned as Prime Minister on December 15 and Wickremesinghe was reinstated a day later. The Supreme Court decision, Rajapaksa’s resignation, and the re-instatement of Prime Minister Wickremesinghe were important developments that brought the immediate constitutional crisis to a close.

 MCC assesses partner country governments’ ongoing commitment to MCC’s eligibility criteria by examining their policy performance, including their commitment to the rule of law. The current democratically constituted government has expressed its continued support for and commitment to the terms of the Compact as negotiated. MCC’s assessment of policy performance in Sri Lanka recognizes that if this or a future government engages in a pattern of actions inconsistent with MCC’s eligibility criteria, there could be consequences for our partnership, in line with MCC’s Policy on Suspending or Terminating Assistance.

https://assets.mcc.gov/content/uploads/cn-042519-sri-lanka-intent-to-sign.pdf )


Link to Congressional Notifications 

https://www.mcc.gov/resources?fwp_resource_country=6133&fwp_resource_type=congressional-notification-cn

Tuesday, October 22, 2019

මට සිහින නායකයෙක් ඇත..



ක්‍රියාවටත් දක්ෂ..
කථාවටත් දක්ෂ..
හොරකම් කර නැති..
මිනී මරා නැති..
පවුල් පාලනයක් නැති..
ඥාති මිත්‍ර සංග්‍රහය නැති..
උගත්..
බුද්ධිමත්..
දක්ෂ..
මේ සියළු නායකත්ව ගුණාංග ඔප්පු කළ නායකත්වයක්..
වර්තමාන දේශපාලන භූමියේ..
ගොඩනැඟී තිබේ..


නමුත් මේ සිස්ටම් එක ඇතුළේ..
ඔහු ජනතාව ඉල්ලා සිටින නායකයා නොවුන නිසා..
ඔහුට අපේක්ෂත්වය නොලැබුණි.
ජනතාව  improve වනතුරු quality තීරණ නොලැබෙයි.
එමනිසා..
අතුල අධිකාරී ගයන්නාක් මෙන්..
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද " කියා..
ලැබී ඇති options වලට අනුව..
වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමට අපට සිදුව තිබේ.



Monday, October 21, 2019

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?



විශිෂ්ට ප්‍රතිපත්ති මාලා සකසන, ඒවා මැනවින් විග්‍රහ කරන අති දක්ෂ කථිකයන් සිටින, තර්කානුකූල හා ප්‍රගතිශීලී විසඳුම් අතින් ප්‍රධාන පක්ෂ දෙකම අභිබවන, හොරකම් නොකරන ජේවීපි යට බහුතර මිනිසුන් ඡන්දය නොදෙන්නේ ඇයි?


මෙතරම් හොඳ ප්‍රතිපත්ති තිබියදීත් ජේවීපි ය දිනන්නේ නැත්තේ ඇයි?

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?

දීලා බලන්නට දෙයක් නැත. බලය ඇතිවිට ඔවුන්ගේ හැසිරීම කෙබඳු දැයි ඔවුන් මනාව ඔප්පු කර ඇත.

ඒ සඳහා ඔබ විමසිය යුත්තේ ජේවීපි හා පෙරටුගාමීන් විසින් දිගු කලක සිට බලය පතුරුවන රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඔවුන්ගේ හැසිරීමය.

වසර ගණනාවක සිට රාජ්‍ය විශ්ව විද්‍යාලවල බලය හිමිකරගෙන සිටින ජේවීපි ය එම සුන්දර, සාධාරණ, යුක්තිගරුක, ප්‍රගතිශීලී ලෝකය එම විශ්ව විද්‍යාලවල නිර්මාණය නොකරන්නේ මන්ද?

බලය ඇතිවිට ඔවුන් හැසිරෙන අන්තගාමී, අධිකාරිවාදි ආකාරය නිහීන ලෙස ප්‍රදර්ශනය වන විශ්ව විද්‍යාල තුල, ඒ බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් නොකරන්නේ කුමක්ද?



සමාජයට වෛර කරන, වෙන කිසියම්ම හෝ ආකාරයකින් සමාජයේ තැනක් හිමිකර ගැනීමට අසමත්, පීඩිත මනෝ භාවයකින් යුත්, ලාබාල තරුණ තරුණියන්ජෙ senior ජෙප්පන්ගේ පහසු ගොදුරුය.


ජේවීපි ය අන්ධ භක්තියෙන් ගත්, මේ සුකිරි බටිල්ලන් විරුද්ධ මතයන් හෝ විරුද්ධ මතධාරීන් අබිමුව හැසිරෙන නින්දිත ආකාරය අපිදු ඇස් දෙකෙන් දැක ඇත්තෙමු.


රූපවාහිනී සංවාදවලදී, වේදිකා කථාවලදී චතුර කථිකත්වයකින් ඔවුන් මවා පෙන්වන ප්‍රගතිශීලී, සාධාරණ, යුක්තිගරුක ලෝකය ඔවුන්ගේ බලය ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල නිර්මාණය කර ආදර්ෂයෙන් ඔප්පු නොකරන්නේ ඇයි?

Saturday, October 19, 2019

සජිත් සමඟ ලැබෙන Package එක ..බාර ගැනීමට ඔබ සූදානම්ද ?



සජිත් නම් ටිකක් මොංගල් බව ඇත්ත..

ඒත් සජිත් සමඟ මෙහෙම Package එකක් ලැබුනොත් කොහොමද?

ෆොන්සේකා (ආරක්ෂක )
චම්පික ( මෙගා පොලිස් )
අකිල (අධ්යාපන )
හර්ෂ (මුදල්)
එරාන් ( ආර්ථික සංවර්ධන )

හරීන් (ක්‍රීඩා )



ගෝඨා සමඟ ලැබෙන Package එක..බාර ගැනීමට ඔබ සූදානම්ද ?



නායකයෙක් තෝරාගැනීම යනු තනි පුද්ගලයෙක් පමණක්  තෝරාගැනීමක් නොවේ.
                   
ඔහුට සහය දක්වන, ඔහු සමඟ සිටින පිරිස ද ඔහු සමඟ ලැබෙන "Package" එකක් ලෙසින් බාර ගැනීමට ජනතාවට සිදුවේ.

ගෝඨා සමඟ ජනතාවට ලැබෙන Package එක කුමක්ද?

මහින්ද රාජපක්ෂ
චමල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ

බන්දුල ගුණවර්ධන
ඩලස් අලහප්පෙරුම
විමල් වීරවන්ශ
උදය ගම්මන්පිල

ජොන්ස්ටන් ප්‍රනාන්දු
රෝහිත අබේගුණවර්ධන (රත්තරං)
මහින්දානන්ද අලුත්ගමගේ
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ඩිලාන් පෙරේරා



මේ Package එක බාර ගැනීම ට ඔබ සූදානම්ද?


Thursday, October 10, 2019

රොහාන් පල්ලෙවත්ත...සැබෑ විකල්පයක්ද ?






පෙණ බුබුළු වගේ මතුවී, බිඳී විසිරී යාමට නියමිත.......
ස්ථිර, දිගුකාලීන ගමනක් නැති...
සමාජ මාධ්‍යයේ තරුණ ඡන්ද ඉලක්ක කරගත්..
බොළඳ විකල්පයක්..!

මේ ඡන්දයෙන් යම් ඡන්ද ප්‍රමානයක් ගනීවි..
නමුත් ඒ අය වෙනුවෙන් හෝ මොහු ඡන්දයෙන් පසු ලංකාවේ දේශපාලනයේ දිගටම නිරත වීමට ඇති ඉඩකඩ නම් ඉතා අඩුය..

මොහුව සොයා ගැනීමටවත් නොහැකි වීමේ සම්භාවිතාව නම් ඉතා ඉහලය.

Monday, October 7, 2019

විජේවීර, ප්‍රේමදාස යුගයේ සිට අනුර, සජිත් දක්වා..







මේ ඡායාරූපය දේශපාලන සංකේතාත්මකව වටිනා එකකි...
වසර 30 ක් ආපසු හැරී බැලූ විට අපට 1989 හමුවෙයි..
තිරිසනුන් මෙන්..පිස්සු බල්ලන් මෙන් උනුන් මරාගත්..
ලේ පිපාසිතව දහස් ගණන් ජීවිත බිලිගත්..
දේශපාලන ව්‍යාපාර දෙකක්..
වසර 30 කට පසුව...
තමුන්ගේ මතවාද එක් වේදිකාවක සිට ජනතාවට ඉදිරිපත් කරන
ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුල මෙසේ හමුවී සිටියි.



එය ඉබේ ගොඩනැඟුනේ නැත..
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී, ඉදිරිගාමී ලක්ෂණ වෙනුවෙන්
පෙනී සිටි මිනිසුන්ගේ උත්සාහයන්, කැපවීම් හමුවේ පැමිණි ගමනකි මේ..
වැඩවසම්, පසුගාමීත්වය වෙනුවට..
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමනක් වෙනුවෙන්..
තවත් යා යුතු දුර බොහෝය..
ඒ ගමනේදී..
මෙය සතුටු විය හැකි ජයකි..
සන්ධිස්ථානයකි..!

Friday, April 26, 2019

රටේ ආරක්ෂාව සරත් ෆොන්සේකා අතට..


"දෙයක් වේ නම් යම් සුදුස්සාටම උරුම විය යුතු" යැයි හෙන්රි ජයසේන හුණුවටයට ලිවීය.
මේ මොහොතේ රටේ ආරක්ෂාව බාරදීමට සිටින සුදුසුම මිනිසා ඔහුය. හැකියාවක්, පෞර්ෂයක් නැති විහිළුකාරයන් පිරිසක් රටේ නායකයන් වී සිටින මොහොතක, අපට විශ්වාසය තැබිය හැකි හැකියාවද පෞර්ෂයද ඔප්පු කර ඇති මෙවන් මිනිසෙක් සිටීම පවා මේ අභාග්‍ය සම්පන්න මොහොතේ රටේ වාසනාවකි.

එසේ වුවද ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීමටනම් සුදුස්සාට සුදුසු වගකීම් බාරදිය යුතුය. ජනපති ධූරයේ සිටින බුද්ධිහීන, වගකීම් විරහිත මිනිසා එයට සූදානම් නැත්නම්, ආරක්ෂාව සම්බන්ධ ප්‍රබල වගකීමක් සරත් ෆොන්සේකාට ලබාදීමට ජනමතයක් ඇති කළ යුතුය. ඒ සඳහා සමාජ මාධ්‍යද ජනමාධ්‍යද සමඟ අප සියළු දෙනා පෙරට ආ යුතු මොහොතකි මෙය.
අභියෝගය ජයගැනීමට නම් නිවැරදි තීරණ ගත යුතුය. නිවැරදි, සුදුසු මිනිසුන්ට වගකීම බාරදිය යුතුය. එසේ නැත්නම්...තව තවත්..තව තවත්..විනාශයන් ඉදිරියේදි බලාපොරොත්තු විය යුතුය....

Tuesday, April 23, 2019

කළු වළාකුලේ රිදී රේඛා දකිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට පෙළගැසෙමු..!



ශ්‍රී ලංකාව තුළ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය වී තිබුනේ කතෝලිකයන් හා විදේශිකයන්ය. එමනිසා මේ ප්‍රහාරය නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට සිදුකළ පලිගැනීමේ ප්‍රහාරයක් ලෙස සැළකීම වඩා නිවැරැදි විග්‍රහයක් යැයි සිතමු.

ආසන්නතම හේතුව එය ලෙස සැලකිය හැකි වුවද ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මුස්ලිම් සංවිධාන බිහිවීමද ඒවා අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා හා පුහුණුව ලබාගැනීමද අද ඊයේ සිදුවූවක් නොවේ. එය වසර ගනනක් තිස්සේ සිදුවන්නකි.එමනිසා නවසීලන්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර යනු ආසන්නතම හේතුවක් නිර්මාණය වීමක් පමනි.

එමනිසා අනතුර අවසන් නැත. මේ ආරම්භය පමණි.ඊළඟ ඉලක්කය කවුරුන් හෝ විය හැකිය. බෞද්ධ, හින්දු හෝ කවුරුන් හෝ විය හැක.


දැන් ඇත්තේ සිංහල, දෙමල ගැටුම වැනි ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරගත්, ජාත්‍යන්තරය අපට ඇඟිල්ල දිගුකල ආකාරයේ ගැටලුවක් නොවේ. මුස්ලිම් අන්තවාදය යනු ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කළ ගැටළුවක් නොවේ. මෙය ලොවම මුහුණ දෙන ගැටළුවකි. මේ මොහොතේ අප එයට ගොදුරු වූවා පමණි. 


එබැවින් සියළු ජාත්‍යන්තර සහාය අප සමඟය.


ISIS බලප්‍රදේශ සිරියාවේ හෝ ඉරාකයේ අහිමිව ගියද ඔවුන් සමූලඝාතනය වී පරාජය වී නැත. ඔවුන්ගේ ඊළඟ සංක්‍රමණය පහසු ඉලක්කයක් වන දකුණු ආසියාව විය හැක.දැනටමත් ශ්‍රී ලාංකේය, මාලදිවයින් සහ ඉන්දියන් සාමජිකයන් ඔවුන් හා එක්ව සිටිති.



ආරක්ෂක, බුද්ධි අංශ, දේශපාලන සහ මූල්‍ය ආකාරයේ සියලු සහයෝගය ලබාගනිමින් මේ අන්තවාදීන් විනාශ කරලීමට මෙය අවස්ථාවක් කරගනිමු. මේ සිද්ධිය නිසා තවදුරටත් සහජීවන තර්ක වලංගු නොවනු ඇත. කළු වළාකුලේ රිදී රේඛා දකිමින් අනාගතය උදෙසා බුද්ධිමත් තීරණ ගනිමු.

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters