Friday, April 26, 2019

රටේ ආරක්ෂාව සරත් ෆොන්සේකා අතට..


"දෙයක් වේ නම් යම් සුදුස්සාටම උරුම විය යුතු" යැයි හෙන්රි ජයසේන හුණුවටයට ලිවීය.
මේ මොහොතේ රටේ ආරක්ෂාව බාරදීමට සිටින සුදුසුම මිනිසා ඔහුය. හැකියාවක්, පෞර්ෂයක් නැති විහිළුකාරයන් පිරිසක් රටේ නායකයන් වී සිටින මොහොතක, අපට විශ්වාසය තැබිය හැකි හැකියාවද පෞර්ෂයද ඔප්පු කර ඇති මෙවන් මිනිසෙක් සිටීම පවා මේ අභාග්‍ය සම්පන්න මොහොතේ රටේ වාසනාවකි.

එසේ වුවද ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීමටනම් සුදුස්සාට සුදුසු වගකීම් බාරදිය යුතුය. ජනපති ධූරයේ සිටින බුද්ධිහීන, වගකීම් විරහිත මිනිසා එයට සූදානම් නැත්නම්, ආරක්ෂාව සම්බන්ධ ප්‍රබල වගකීමක් සරත් ෆොන්සේකාට ලබාදීමට ජනමතයක් ඇති කළ යුතුය. ඒ සඳහා සමාජ මාධ්‍යද ජනමාධ්‍යද සමඟ අප සියළු දෙනා පෙරට ආ යුතු මොහොතකි මෙය.
අභියෝගය ජයගැනීමට නම් නිවැරදි තීරණ ගත යුතුය. නිවැරදි, සුදුසු මිනිසුන්ට වගකීම බාරදිය යුතුය. එසේ නැත්නම්...තව තවත්..තව තවත්..විනාශයන් ඉදිරියේදි බලාපොරොත්තු විය යුතුය....

Tuesday, April 23, 2019

කළු වළාකුලේ රිදී රේඛා දකිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට පෙළගැසෙමු..!



ශ්‍රී ලංකාව තුළ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය වී තිබුනේ කතෝලිකයන් හා විදේශිකයන්ය. එමනිසා මේ ප්‍රහාරය නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට සිදුකළ පලිගැනීමේ ප්‍රහාරයක් ලෙස සැළකීම වඩා නිවැරැදි විග්‍රහයක් යැයි සිතමු.

ආසන්නතම හේතුව එය ලෙස සැලකිය හැකි වුවද ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මුස්ලිම් සංවිධාන බිහිවීමද ඒවා අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා හා පුහුණුව ලබාගැනීමද අද ඊයේ සිදුවූවක් නොවේ. එය වසර ගනනක් තිස්සේ සිදුවන්නකි.එමනිසා නවසීලන්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර යනු ආසන්නතම හේතුවක් නිර්මාණය වීමක් පමනි.

එමනිසා අනතුර අවසන් නැත. මේ ආරම්භය පමණි.ඊළඟ ඉලක්කය කවුරුන් හෝ විය හැකිය. බෞද්ධ, හින්දු හෝ කවුරුන් හෝ විය හැක.


දැන් ඇත්තේ සිංහල, දෙමල ගැටුම වැනි ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරගත්, ජාත්‍යන්තරය අපට ඇඟිල්ල දිගුකල ආකාරයේ ගැටලුවක් නොවේ. මුස්ලිම් අන්තවාදය යනු ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කළ ගැටළුවක් නොවේ. මෙය ලොවම මුහුණ දෙන ගැටළුවකි. මේ මොහොතේ අප එයට ගොදුරු වූවා පමණි. 


එබැවින් සියළු ජාත්‍යන්තර සහාය අප සමඟය.


ISIS බලප්‍රදේශ සිරියාවේ හෝ ඉරාකයේ අහිමිව ගියද ඔවුන් සමූලඝාතනය වී පරාජය වී නැත. ඔවුන්ගේ ඊළඟ සංක්‍රමණය පහසු ඉලක්කයක් වන දකුණු ආසියාව විය හැක.දැනටමත් ශ්‍රී ලාංකේය, මාලදිවයින් සහ ඉන්දියන් සාමජිකයන් ඔවුන් හා එක්ව සිටිති.



ආරක්ෂක, බුද්ධි අංශ, දේශපාලන සහ මූල්‍ය ආකාරයේ සියලු සහයෝගය ලබාගනිමින් මේ අන්තවාදීන් විනාශ කරලීමට මෙය අවස්ථාවක් කරගනිමු. මේ සිද්ධිය නිසා තවදුරටත් සහජීවන තර්ක වලංගු නොවනු ඇත. කළු වළාකුලේ රිදී රේඛා දකිමින් අනාගතය උදෙසා බුද්ධිමත් තීරණ ගනිමු.

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters