Thursday, July 5, 2012

කමල් අද්දරආරච්චි.... නැවතත්....!



උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....
සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......





සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි.

 එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. සප්ත කන්‍යා හි කමල්ගේ රංගනය ඔහුගේ ආකර්ශනීයම රංගනයන්ගෙන් එකක්.  

------------------------------------------------------------------


"සඳකැන් දහරින්  දෙනුවන් පිරිලා...
දෙනුවන් කැළුමෙන්  පියුමන් සැලිලා"....





ඒ "වෙද හාමිනේ". විස්මයජනක දේශීය වෛද්‍ය ක්‍රමය පසුබිම් කරගෙන ජයන්ත චන්ද්‍රසිරි මැවූ රූපවාහිනී වික්‍රමය...

.ලේ පිළිකාවවක් වැළඳෙන ධනවත් තරුණ ව්‍යාපාරිකයා..ඔහු අතින් අනාථ වන සහ අමතක කර දැමෙන වෙද මහතාගේ තරුණ දියණිය..දෛවයේ සරදමින් ලේ පිළිකාව ඔහුගේ පුත්‍රයාටද වැළඳුන විට........
අන් කවර පිහිටද? සොයා යනු හැර ...ඒ අනාථ කර අමතක කර දැමුණු වෙද හාමිනේවම....

ප්‍රේමය අභියස අප්‍රමාණ සුන්දරත්වයකින් විකසිත විය හැකිව තිබූ මනුෂ්‍ය ආත්මයක්,එකී ප්‍රේමයේම උහුලාගත නොහැකි පරිපූර්ණ පෞර්ෂය අභියස දැවී යන ආකාරය රූපවාහිනි තිරයේ මැවූ "වෙද හාමිනේ", ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ මහරු මිණක්."වෙද හාමිනේ" කොතරම් අපූරු සිනමා නිර්මාණයක් කරන්නට තිබුණි දැයි මට හිතෙනවා.

 ගුනේන්ද්‍ර නම් ධනවතාද දීමන්ත නම් ඔහුගේ පුත්‍රයාද ලෙසින් ද්විත්ව චරිත රඟපෑ කමල්ගේ  ප්‍රබල රංගන  "වෙද හාමිනේ" හි සාර්ථකත්වයේ ප්‍රබල සාධකයක්.

------------------------------------------------------------------




දේශීය අංගම්පොර නම් සටන් ක්‍රමය පසුබිම් කර ගනිමින් ජයන්ත චන්ද්‍රසිරි ලාංකේය රූපවාහිනි ප්‍රේක්ශකයා අමන්දානන්දයට පත්කළ අනෙක් නිර්මාණය "දඬුබස්නාමානය". අසරණ, අහිංසක, ගුටි කන කොලු ගැටයෙකුගේ සිට, එල්ලවන අනේකවිධ අභියෝග හමුවේ, ප්‍රබල අංගම්පොර සටන් කරුවෙක් දක්වා වර්ධනය වන " රනා" ගේ චරිතය..කමල් අද්දරආරච්චි නම් විශිෂ්ට  රංගධරයාගේ තවත් සුවිශේෂි රංගනයක්.

--------------------------------------------------------------------




  2005 දී තිරගත  වූ ජයන්ත චන්ද්‍රසිරිගේ  "ගරිල්ලා මාකටිං" ....

දේශීයත්වයේ මුල් සිඳගත්, විදෙස් ගැති ,"බෙර ෆෝබියාවෙන්" පෙළෙන "ග්‍රෙගරි මහාධිකාරම්" ලාට දේශීය සළුපිළි පළන්දන ගරිල්ලා මාකටිං ව්‍යාපාරය මෙහෙයවන නිර්මාණශීලී තරුණයා "තිසර"..

.කමල්ගේ තවත් මා අගය කරන රංගනයක්.  


------------------------------------------------------------------------


"මේ රාත්‍රිය ප්‍රදීප් ගෙද? ....ඔහු අතුරු සිදුරු නැතිව පිරී උන් ප්‍රේක්ශකාගාරයෙන් අසයි.මහා ප්‍රතිචාරයකි. අනෙක් පස හැරෙන ඔහු නැවත අසයි. " මේ රාත්‍රිය සුරේන්ද්‍ර ගේද" නැවත මහා ප්‍රතිචාරයකි. වේදිකාව ඉදිරිපසට හැරෙන ඔහු නැවත ප්‍රශ්න කරයි." මේ රාත්‍රිය කමල් ගේද?"

මා සිතන්නේ ඒ රාත්‍රිය ඔහුගේ බවයි.

 ඇත්තෙන්ම මුළු රටම ඒ වැඩසටහනට ආකර්ශනය කරගත් සැබෑම සුපිරි තරුව ඔහුයි.සමස්ථ ප්‍රේක්ශකයා තුළ කුතුහලය උපරිමයෙන් මවමින්.නවතම නිවේදන රටාවක් හඳුන්වා දුන්නේ අලුතෙන් නිවේදන කලාවට අතගැසූ මේ දක්ෂ මිනිසා.(ඉන්පසු බොහෝ රියැලටි නිවේදක, නිවේදිකාවෝ ඔහුව අනුකරණ‍ය කරමින් කුතුහලය මතුකිරීමට දැරූ උත්සහයන්ගෙන් මතුවුනේ කුතුහලයට වඩා හාස්‍යය.).

--------------------------------------------------------------------


 ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 දී " සාගරයක් මැද " චිත්‍රපටයෙන්.

 "හිරුට මුවාවෙන්" හෙවත් "ඉඳි ආප්ප කථාව" ........ "රතු රෝස" ....යනු අමතක කළ නොහැකි , අතිශයින් ජනප්‍රියත්වය දිනූ ඔහු රඟපෑ ටෙලි නාට්‍යය.... 

සත් වසරකට පසු .කමල් අද්දරආරච්චි නැවතත් සිනමා නිර්මාණයකින් අප හමුවට එන බව කියවෙන්නේ,
 වියපත් සිත්තරෙකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධි දාමයක්
ඇතුළත් යැයි සඳහන් Colour  නම් වූ චිත්‍රපටයෙන්..

හිරුට මුවාවෙන් හි දඟකාර තරුණ්‍යය මැවූ කමල් .Colour හි වියපත් සිත්තරෙක් වන සැටි දකින්නට අපි බලා හිඳිමු.


.


8 comments:

  1. "කලර්"ෆිල්ම් ඒක ඇත්තටම හොද ෆිල්ම් එකක් එකේ කමල් අද්දරාරච්චිගේ රංගනය සුපිරි මට්ටමක පවතිනවා ...

    ReplyDelete
    Replies
    1. කමල් කොහොමත් ලංකාවේ ඉන්න ඉහළම මට්ටමේ රංගන ශිල්පියෙක්. රංගන දක්ශතාවත් ආකර්ශනීය "තරු" ගුණයත් රඳවාගන්නට සමත් වුණු දක්ෂයෙක්.

      Delete
  2. කලර් ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් නම් විජය කුවේණි බලන්න ගිය වෙලේ දැක්කා. ෆිල්ම් එක නම් හොඳ බව පෙනුණා. ඒ වගේමයි කර්ම කියලා ෆිල්ම් එකකත් ට්‍රේලර් එකක් දැක්කා.

    ReplyDelete
    Replies
    1. Colour බලන්න හිතාගෙන ඉන්න film එකක්.විජය-කුවේණි ගෙන් පස්සෙ එන්නෙ Colour කියලා කොහෙදි හරි දැක්කා.

      Delete
    2. @ Hasitha,

      විජය කුවේණි කොහොමද?

      Delete
    3. @ හරී

      …මට නම් මෙලෝ රහක් නැති film එකක් :(

      Delete
  3. කථා දෙකක් නෑ හොඳ නළුවෙක්..

    ReplyDelete
  4. මේ ලිපියෙ කමල්ගෙ වෙදිකා නාට්‍ය රංගනය ගැනත් සඳහනක් කලානම් වටිනවා. මගෙ අදහසනම් ඔහු ඔය අංශ තුනෙන් වැඩියම හොඳට කරන්නෙ වෙදිකාවෙ. ඒක එයාම කියලා තියන දෙයක්

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters