Thursday, March 29, 2012

ගාමිණි-මාලිනි යුගයේ සුන්දරම ගීතය කුමක්ද..........???

හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-)  ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය"  ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.

විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ගුප්ත වළව්කරු....මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු "නිධානය" තිරයේ මැව්වේද "සුදු පාට මීදුම් ගලාලා" හි පෙම් රැඟුම් පෑ ගාමිණි-මාලිනි මයි.("සුදු පාට මීදුම් ගලාලා" ගිතය අඩංගු "එදත් සූරයා අදත් සූරයා" ත්   "නිධානය" ත් එකම වසරේ (1972) තිරගත වූ චිත්‍රපටි.)

මේ ඔවුන් එක්ව රඟපෑ චිත්‍රපටි...

1.  1969  -  පාරාවළලු
2.  1971  -  හතර දෙනාම සූරයෝ
3.  1972  -  නිධානය
4.  1972  -  සහනය
5.  1972  -  එදත් සූරයා අදත් සූරයා
6.  1972  -  ආදරේ හිතෙනව දැක්කම
7.  1973  -  සදහටම ඔබ මගේ
8.  1973  -  හොඳම වෙලාව
9.  1973  -  හොඳයි නරකයි
10. 1973  -  හොඳට හොඳයි
11. 1974  -  කස්තුරි සුවඳ
12. 1975  -  ආවා සොයා ආදරේ
13. 1975  -  සූරයා සූරයාමයි
14. 1976  -  නයනා
15. 1976  -  කවුද රජා
16. 1977  -  දෙවියනි ඔබ කොහිද
17. 1997 -  අපායේ තප්පර අසූ දහසක්
18. 1998 -  අන්තිම රැය

හාමිණි-මාලිනි එක්ව රඟපෑ චිත්‍රපට ගණන 18 ක්. ඉනුදු 15 ක් ම තිරගත වී ඇත්තේ 70 දශකයේදී.

(1977 දී "දෙවියනි ඔබ කොහිද " තිරගත වූවාට පසු ඔවුන් එක්ව රඟපෑවේ නැහැ.යම් අමනාපවීමක් නිසා එය සිදුවූ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟි වී නැවත චිත්‍රපටයක රඟපාන්නේඉන් වසර 20 කට පසු. එවිට දෙදෙනාගෙම හොඳම තාරුණ්‍ය ගෙවී ගිහින්.)

මේ චිත්‍රපටවල ගීත අදටද ඉතා ජනප්‍රියයි.ගාමිණි-මාලිනි එක්ව රැඟූ සොඳුරුතම ගීත කීපයක් මේ.මේවායේ අසීමිත ජනප්‍රියත්වයට ප්‍රබලම සාධකයක් වුනේ ජෝතිගේ ගැඹුරු සහ හැගීම්බර කටහඬට එක්වූ ඇන්ජලීන් ගේ සුමියුරු කටහඬ බව අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.


1.  පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
2. ලස්සන ලෝකෙක ඉපදීලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
3. හද විමන් දොරින්  - කස්තුරි සුවඳ  චිත්‍රපටයෙන්
4. කොයි යන්නේ බඳ නලවාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
5. සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
6. මල් වැහි සීතල මල් වැස්සේ  - හොඳට හොඳයි චිත්‍රපටයෙන්
7. අමර පෙම් ලතාවේ  - සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්
8. ආවා සොයා ආදරේ  - ආවා සොයා ආදරේ  චිත්‍රපටයෙන්
9. දෑසෙ විමන් දොරින්   -ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙන්


                                     
                                      පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                     හද විමන් දොරින්  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                          සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්

ඉතින් ගාමිණි-මාලිනි යුගයේ චිත්‍රපටිවලට, ගීතවලට ආදරය කරන රසිකයන්ට ඇරයුමක් මේ. ගාමිණි-මාලිනි එක්ව රැඟූ සුන්දරම ගීතය තෝරන්නට.....:-)

හරිම අමාරු වැඩක්.ඔක්කොම එකකට එකක් නොදෙවෙනියි. ඉතාම අමාරුවෙන් මා නම් අංක එකට තෝරන්නේ....................................................................!!!

|
|
|
|
|
 එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්...................!!!
|
|
|
|
|
" සුදු පාට මීදුම් ගලාලා" ගීතයයි.   :-)

16 comments:

  1. මම නම් අංක එකට තෝරන්නේ...... ආයේ දෙකක් නෑ......
    |
    |
    |
    |
    |
    "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටියෙන් (1972)
    |
    |
    |
    |
    |
    " දෑසේ විමන් දොරින් " ගීතය යි.

    http://www.youtube.com/watch?v=sgKeeh7-9g0

    ReplyDelete
    Replies
    1. අනිවා..කොතරම් සුන්දරද? Shit..මට මේක miss වුනේ කොහොම්ද list එකට add කරන්න..:-). මේකත් උඩ list එකට add කරන්නම්.

      Delete
    2. "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටිය first day, first show බලපු කෙනෙක් මම!
      එතකොට මට වයස 9 යි.

      Delete
    3. ඉතාම සතුටුයි ඒ යුගයේ ප්‍රේක්ෂක අත්දැකීමක් ඇති අයෙක් ලෙස ඔබ මෙහි comment කිරීම ගැන..අපි නම් මේවා ටීවී එකේ යනකොට බලපු අය..ඒ යුගයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔබට ඇති රසවත් මතකයන් අපිත් සමඟ බෙදා ගන්නවා නම් හරිම වටිනවා.

      Delete
    4. මෙතැනදී නම් ඔබට සතුටු විය හැකි පිළිතුරක් දීමට මට පුළුවන්කමක් නැහැ, මන්ද මට ප්‍රේක්ෂක අත්දැකීම් නැති නිසා. දැඩි දෙමාපිය නීති යටතේ හැදුණු වැඩුණු මට 1970 දශකයේ චිත්‍රපටි හත-අටකට වඩා නැරඹීමට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔවුන් සිනමා ශාලා දුටුවේ රස්තියාදුකාරයින්ගේ තිප්පළවල් හැටියට. ඔබ සඳහන් කර ඇති 1970 දශකයේ චිත්‍රපටි 15 න් මා නරඹා ඇත්තේ 2 ක් පමණ යි. "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටිය නැරඹීමට මට අවසර ලැබුණේ පික්චර් පිස්සියක් වූ එකල මගේ හොඳම මිතුරාගේ මව සිය දරුවන් සමඟ මා කැටිව ගිය නිසා යි. මා නැරඹූ අනෙක් ගාමිණි-මාලිනි චිත්‍රපටිය වන්නේ "හතර දෙනාම සූරයෝ" යි. මගේ දෙමව්පියන් විදේශගතව සිටි අවස්ථාවක තම යි මම එය හොරෙන් නැරඹුවේ. කොහොම නමුත් එකල තිරගත වූ සෑම චිත්‍රපටියක ම වාගේ ගීත නම් මම ගුවන් විදුලියෙන් රස වින්දා. ඒ ඒ අවස්ථාවේ ප්‍රදර්ශනය වන චිත්‍රපටිවල ගීත කොටස් සහ දෙබස් ඛණ්ඩ රැගත් විනාඩි 15 ක ප්‍රචාරක වැඩ සටහන් එකල නිතර සිංහල දෙවන සේවයෙන් (අද වෙළඳ සේවය) අසන්නට පුළුවන්කම තිබුණා.

      ප.ලි.: එකල තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'සේවයන්' පමණ යි. 'නාලිකාව' යන වචනය එකල භාවිතා වුණේ නැහැ. පෞද්ගලික ගුවන් විදුලි සේවා ඇරඹුණේ 1993 දී.

      Delete
  2. අනිවාර්යයෙන්ම...! ගාමිණී මාලිනී යුගලය වර්ණවත් වුණේ ජෝති ඇන්ජලීන් යුගලයෙන්... අපට අහුවෙලා තියෙන්නෙ ඒවයින් බොහොම ටිකයි. නමුත් ඒ ටිකත් හොඳටම ඇති!

    සහ මේ කමෙන්ට් දාද්දි එන word verification අටමගලෙ අයින් කරමුද?

    ReplyDelete
    Replies
    1. an interesting post about srilankan cinema.
      i think those era of Golden time of sri lankan cinema.....

      Delete
    2. @hare: අටමගලෙ අයින් කළා..:-). කෝ ඔබේ තේරීම කියලා නෑනේ..!

      @Il mondo di una povera pazza: Yes. It was the golden era in Sri Lankan cinema.Anyway,I would like to know your selection for the best song.

      Delete
  3. මල් වැහි සීතල මල් වැස්සේ

    තමයි මගේ තේරීම , ඒ සින්දුවට ලින්කුවක් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්

    ජෝතිට හඬ දෙන්න තරම් පෞර්ශයක් තියන නලුවො එදා සිනමාවේ හිටියා , ගාමිනි , විජය ඒ අතර ඉහලින්ම ඉන්නවා , අද කාලේ ජෝති හිටියා නම් විරැකියාවෙන් පෙලෙන්නයි වෙන්නේ , මොකද ඒ වහේ ගැඹුරු හඬකට ගැලපෙන පෞර්ශයක් තියන නලුවො අද නැහැ

    ReplyDelete
    Replies
    1. බුවා,
      අද නළුවන් ගැන ඔබේ නිරීක්ෂණය හරියට ම හරි!

      මේ තියෙන්නේ ඔබ සඳහන් කළ ගීතයට සබැඳියක්:

      http://www.youtube.com/watch?v=8cd3lifME9U

      මෙය හින්දි චිත්‍රපටි ගීතයක තනුවක්. ඒ Andaaz (1971) චිත්‍රපටියේ මොහමඩ් රාෆි සහ ආශා බෝස්ලේ ගැයූ "Dil Use Do Jo Jaan De De" ගීතය යි.

      Delete
    2. @බුවා:"අද කාලේ ජෝති හිටියා නම් විරැකියාවෙන් පෙලෙන්නයි වෙන්නේ , මොකද ඒ වහේ ගැඹුරු හඬකට ගැලපෙන පෞර්ශයක් තියන නලුවො අද නැහැ." -නියම කතාව :-)

      Delete
  4. මාර ඉලක්කනෙ දෙන්නෙ ඔයා. මේව එකකට වඩා හොඳ එක හොයන්න පුඵවන් ඒව නෙවෙයි. ‍හැම ‍එකේම ඊටම අයත් ලස්සනක් තියෙනව.

    වඩාත් හිත් බැඳගත් ගීතය විදියට

    "දෑසේ විමන් දොරින්" නම් කරනව.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රස්නෙම තමයි බං ආ‍වෙ ;:-(

      Delete
    2. කතාව ඇත්ත. හැම එකේම ඊටම අයත් ලස්සනක් තියෙනවා.නමුත් මම අදහස් කරන්නේ තමන් වඩාත් කැමති ගීතය තෝරන්න කියලයි.

      Delete
  5. මටනම් හැම ගීතයක්ම වගේම ලස්සනයි , කොහොම එකක් තොරන්නද මන්දා ?

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters