හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-) ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය" ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.
විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ගුප්ත වළව්කරු....මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු "නිධානය" තිරයේ මැව්වේද "සුදු පාට මීදුම් ගලාලා" හි පෙම් රැඟුම් පෑ ගාමිණි-මාලිනි මයි.("සුදු පාට මීදුම් ගලාලා" ගිතය අඩංගු "එදත් සූරයා අදත් සූරයා" ත් "නිධානය" ත් එකම වසරේ (1972) තිරගත වූ චිත්‍රපටි.)
මේ ඔවුන් එක්ව රඟපෑ චිත්‍රපටි...
1. 1969 - පාරාවළලු
2. 1971 - හතර දෙනාම සූරයෝ
3. 1972 - නිධානය
4. 1972 - සහනය
5. 1972 - එදත් සූරයා අදත් සූරයා
6. 1972 - ආදරේ හිතෙනව දැක්කම
7. 1973 - සදහටම ඔබ මගේ
8. 1973 - හොඳම වෙලාව
9. 1973 - හොඳයි නරකයි
10. 1973 - හොඳට හොඳයි
11. 1974 - කස්තුරි සුවඳ
12. 1975 - ආවා සොයා ආදරේ
13. 1975 - සූරයා සූරයාමයි
14. 1976 - නයනා
15. 1976 - කවුද රජා
16. 1977 - දෙවියනි ඔබ කොහිද
17. 1997 - අපායේ තප්පර අසූ දහසක්
18. 1998 - අන්තිම රැය
හාමිණි-මාලිනි එක්ව රඟපෑ චිත්‍රපට ගණන 18 ක්. ඉනුදු 15 ක් ම තිරගත වී ඇත්තේ 70 දශකයේදී.
(1977 දී "දෙවියනි ඔබ කොහිද " තිරගත වූවාට පසු ඔවුන් එක්ව රඟපෑවේ නැහැ.යම් අමනාපවීමක් නිසා එය සිදුවූ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟි වී නැවත චිත්‍රපටයක රඟපාන්නේඉන් වසර 20 කට පසු. එවිට දෙදෙනාගෙම හොඳම තාරුණ්‍ය ගෙවී ගිහින්.)
මේ චිත්‍රපටවල ගීත අදටද ඉතා ජනප්‍රියයි.ගාමිණි-මාලිනි එක්ව රැඟූ සොඳුරුතම ගීත කීපයක් මේ.මේවායේ අසීමිත ජනප්‍රියත්වයට ප්‍රබලම සාධකයක් වුනේ ජෝතිගේ ගැඹුරු සහ හැගීම්බර කටහඬට එක්වූ ඇන්ජලීන් ගේ සුමියුරු කටහඬ බව අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.
1. පාට පොදක් තිලක ලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
2. ලස්සන ලෝකෙක ඉපදීලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
3. හද විමන් දොරින් - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
4. කොයි යන්නේ බඳ නලවාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
5. සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
6. මල් වැහි සීතල මල් වැස්සේ - හොඳට හොඳයි චිත්‍රපටයෙන්
7. අමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්
8. ආවා සොයා ආදරේ - ආවා සොයා ආදරේ චිත්‍රපටයෙන්
9. දෑසෙ විමන් දොරින් -ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙන්
පාට පොදක් තිලක ලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
හද විමන් දොරින් - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
ඉතින් ගාමිණි-මාලිනි යුගයේ චිත්‍රපටිවලට, ගීතවලට ආදරය කරන රසිකයන්ට ඇරයුමක් මේ. ගාමිණි-මාලිනි එක්ව රැඟූ සුන්දරම ගීතය තෝරන්නට.....:-)
හරිම අමාරු වැඩක්.ඔක්කොම එකකට එකක් නොදෙවෙනියි. ඉතාම අමාරුවෙන් මා නම් අංක එකට තෝරන්නේ....................................................................!!!
|
|
|
|
|
එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්...................!!!
|
|
|
|
|
" සුදු පාට මීදුම් ගලාලා" ගීතයයි. :-)