Wednesday, February 12, 2020

ලග්ගල ජනතාව ට සංවර්ධනය ලැබුණාද?



ලග්ගල ජනතාව පසුගිය පෙබරවාරි 10 දින (2020) ලග්ගලට ඇතුල්වන මහා මාර්ගය අවහිර කරමින් උද්ගෝශනයක නිරත වූහ.





ඔවුන්ගේ ඉල්ලීම කුමක්ද?
එම ඉල්ලීම් සාධාරණද?
ප්‍රායෝගිකද? යන්න විමසිය යුත්තකි.

කළු ගඟ ව්‍යාපෘතිය නිසා සිය දේපළ අහිමි වූ ගම්වැසියන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ට වන්දි ලබා දෙනු ලැබිණි.  එම වන්දි අතර මුදල්මය වන්දියට අමතරව ඔවුන්ට ගොඩින් අක්කර බාගයක් සහ මඩින් අක්කර එක හමාරක් වශයෙන් ඉඩම් ද ලබාදෙන ලදි.


එම ඉඩම් ලබාදීම සිදුකළ 2012 වසර වනවිට ලියාපදිංචි වූ සෑම පවුලකටම මෙසේ ඉඩම් ලබාදෙන ලදි.

ගැටළුව මතුවන්නේ අනු පවුල් ගොඩනැඟෙන විටයි. එනම් පවුලක සාමාජිකයෙක් විවාහ වී නව පවුලක් ගොඩ නැඟෙන විට ඔවුන්ටද අලුතෙන් ඉඩම් ඉල්ලා සිටීම තුළයි.

2015 දී එම අනු පවුල්වලට ඉඩම් ඉල්ලා උද්ගෝශන ඇරඹුනි.
ජනතා උද්ගෝශන හමුවේ  තවත් වසර 3 කට පසුව තත්වය සළකා බලා වසර 2015 වනවිට අලුතෙන් එක්වූ පවුල් වලටද ඉඩම් ලබාදී එවර ප්‍රශ්නය තාවකාලිකව විසඳන ලදි.


දැන් 2020 ය. 2015 සිට ගත් විට පසුගිය වසර කීපය තුළ තවත් අනු පවුල් අලුතෙන් බිහිවී ඇත. දැන් ඔවුන් පාරට බැස යළිත් උද්ගෝශනය කරති. තමන්ටද අලුතෙන් ඉඩම් ලැබිය යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

අලුතෙන් අනු පවුල් බිහිවීම නවතින්නේ නැත. එමනිසා මේ ප්‍රශ්නය වසර කීපයකට වතාවක් නැවත නැවතත් මතුවීම නවතින්නේ ද නැත.

No comments:

Post a Comment

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters