Monday, October 29, 2012

ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...!



පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි  විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් මේ දර්ශනයේ අගය වැටහෙන්නේ සමාජයේ ජීවත් වෙනකොට..සතුට සේම දුකද ප්‍රශංසාවන් සේම නින්දාවන්ද උරුම ජීවිතය විඳිද්දී.

ඕනෑම දෙයක් නොසැලී දරාගන්න අවශ්‍ය පදනම ලබාදෙන දැනුමක් විදිහට, මේක මටනම් මාරයි...

නිකම් දේශනාව විතරක් නෙමෙයිනේ; බුද්ධ චරිතය ගත්තත් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවානේ. කොයි තරම් ශ්‍රේෂ්ට, විශිෂ්ට මනුස්සයෙක් වුණත් ගෞතමයන්ටත් කොයිතරම් නින්දා, අපහාස, දුක් කම්කටොළු විඳින්න වුනාද ;ගෞරවයන්, ප්‍රශංසාවන් වාගේම.නමුත් කිසිවකට නොසැලී, සන්සුන් මනසින් උන් වහන්සේ ඒවාට මුහුණ දුන් ආකාරය තම දේශනාවට ප්‍රායෝගික වටිනාකම එක් කළා. තියරි එක වාගේම ප්‍රැක්ටිකල් වලිනුත් බුදු හාමුදුරුවෝ මේ විෂන් එකේ අගය ඉහළින්ම පෙන්වා දුන්නා.

තවත් කැමතිම තැනක් තමයි කාලාම සූත්‍රය.

"කාලාමයෙනි, යමක් ඇසූ පමණින් හෝ පොත පතෙහි සඳහන් වන්නේ යැයි කියා හෝ මෙය මෙසේ වීයැයි කියා හෝ පරපුරෙන් පරපුරට නොනැසී, නොසිඳී පැවත ආවේ යයි කියා හෝ තර්කය හේතු කොටගෙන හෝ න්‍යාය හේතු කොටගෙන හෝ මේ අපගේ ශාස්තෘවරයා විසින් දේශන කරන ලද්දකැයි ගුරු ගෞරවයෙන් හෝ නොපිළි ගත යුතුය.

එය නුවණින් මෙනෙහි කර ස්වීය චින්තනයට යොමු කර සත්‍ය යයි තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතුය"

පූර්ණ නිදහස් චින්තනය පිළිබඳ මෙවන් ඉගැන්වීමක් කොයි තරම් ශ්‍රේෂ්ටද? බෞද්ධ දර්ශනය හෝ විවේචනය කිරීමට, එරෙහිව තර්ක කිරීමට බාධා පමුණුවා නැහැ.

මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට.

සාගරයක් වගේ විශාල බෞද්ධ දර්ශනයේ කථා කළ යුතු තැන් අසීමිතයි.

ඒත් අදට මේ ඇති :)

13 comments:

  1. "මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට."

    සහතික ඇත්ත!

    ReplyDelete
    Replies
    1. නිදහස් චින්තනය....බොහෝ ආගම් නිර්මාතෘන් ඉඩ නොදුන් දෙයක්...

      Delete
  2. බුදුන් දේශනා කල දහම තරම් සත්‍යයක් තවත් නෑ....ඊට තවත් එකතු කරන්නට දෙයක් ඉතුරුවෙලත් නෑ...මේ මේ දේ එහි අඩු බව කෙනෙ‍කුට කියන්නට ඉතුරුකරලත් නෑ...

    ReplyDelete
    Replies
    1. මේ ‍මේ දේ වැඩියි කියල ඉවත් කරන්න දෙයක් කියලත් නෑ....

      Delete
    2. විශිෂ්ට දර්ශනයක්..

      Delete
  3. සාදු සාදු සාදු ....!!!!

    ReplyDelete
  4. ඇත්ත බුදුන් වදාල ධර්මයෙන් තමන්ට තේරුම් ගත හැකි එක පේලියක් සිහි කළාමත් හිතට දැනේනේ සැනසීමක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.බුදුන් දෙසූ දහමෙන් එක් සරල බණ පදයක් ඇති විසල් ජීවන අවබෝධයක් ලබන්න.

      Delete
  5. Hada diha penwana agilla hada nemei.....e wagema nirapeksha sathaya ta yomu karana budu dahama nirapeksha sathayada nowei.....it has to be practiced and then perceived .

    ReplyDelete
    Replies
    1. බුදු දහමෙන් මා සොයන්නේ නිරපේක්ෂ සත්‍ය නොවේ; ජීවත්වීමේ නිවැරදි මඟ පිළිබඳව වන ප්‍රායෝගික ඉගැන්වීම්..

      Delete
  6. මේ වගේ ගුණාංග නිසාමයි උන්වහන්සේගෙන් උත්තරීතර බව තව තවත් ඉහළ යන්නේ

    ReplyDelete
  7. යථාර්තය මෙය නොවේද?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters