Wednesday, April 4, 2012

ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය......


ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි.

ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා.
ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993)  සහ  Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය, Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගනිමින්.

මුල් යුගයේ සාර්ථක වූ තවත් චිත්‍රපටයක් තමයි 95 දී සල්මාන් ඛාන් සමඟ එක්ව රඟපෑ  කරන් අර්ජුන්.
නමුත් ඔහුගේ turning point එක 1995 දී තිරගත වූ Dilwale Dulhania Le Jayenge  මෙයින් ඔහු හින්දි සිනමාවේ අංක එකේ සුපිරි තරුව බවට පත්වෙනවා.ඔහු ඉන්පසුව ආපසු හැරෙන්නේ නැහැ.කොතරම් අළුත් නළුවන් ආවත් වර්තමානය වනතුරුම බොලිවුඩ් සිනමාවේ අංක එකේ සුපිරි තරුව ලෙස කියවෙන්නේ ඔහුගේ නාමය.
ඔහු හැඟීම්බර රංගනයට අති දක්ෂයෙක්.(ඉස්සර කාලේ ෆිල්ම් වල කොල්ලා, කෙල්ලව දිනාගන්නේ ෆයිට් කරලා..වීරයෙක් වෙලා. නමුත් ෂාරුක් නම් බොහෝ ෆිල්ම් වල කෙල්ලව දිනා ගන්නේ අඬලා. :-)  )
 

මේ හැඟීම්බර චරිතවලට මිනිසුන්ගේ ස්වභාවයෙන්ම ඇති ආදරය තුලින් ෂාරුක් ඉහලම ජන ප්‍රසාදය ලැබුවා.එතෙක් තම පෙනුමෙන්, නැටුමෙන්, ෆයිට් වලින් වීරයෝ වුනු චරිත මේ ට්‍රෙන්ඩ් එකත් සමඟම පසුපසට තල්ලු වුනා.අදටත් ෂාරුක් ට වඩා හොඳ  Handsom,නටන්න, ෆයිට් කරන්න පුළුවන් නළුවන් හින්දි සිනමාවේ සිටියත් ෂාරුක් ට වගේ අඬන්න පුළුවන් කෙනෙක් නම් නැහැ. (පැහැදිලිවම ඔහුගේ රංගනයට ඇති අසමසම හැකියාව අවිවාදිතයි.)


92 සිට 2011 දක්වා ඔහු රඟපා ඇති චිත්‍රපට ගණන 70 කට අධිකයි.ඒවා අතරින් වඩාත් අවධානයට, ආකර්ශනයට හා සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙස පහත චිත්‍රපට සඳහන් කරන්නට පුළුවන්.

1.  1995 - Dilwale Dulhania Le Jayenge
2.  1997 - Dil To Pagal Hai
3.   1998  - Dil Se..
4.   1998 - Kuch Kuch Hota Hai

5.   2000 - Mohabbatein
6.  2001  - Kabhi Khushi Kabhie Gham...

7.  2001 - Asoka

 8. 2002 - Devdas

9. 2002 - Hum Tumhare Hain Sanam
10. 2003 - Kal Ho Naa Ho
11. 2004 - Swades
12. 2004 - Veer-Zaara
13. 2006 -  Kabhi Alvida Naa Kehna
14. 2006  - Don: The Chase Begins Again
15. 2007  - Chak De! India      

ඔහුගේ චිත්‍රපට අතරින් මා කැමතිම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ 
|
|
|
|

1917 දී  Sarat Chandra Chattopadhyay අතින් නිර්මාණය වූ ශෝකී නවකථාව...
...තුන්වෙනි වරටත් සිනමාවට නැඟුණු......
|
|
|
|
|
 Devdas............

 

Hamesha Tumko Chaha song - Devdas

 
ඔබත් ෂාරුක් රසිකයෙක් නම් මේ ඇරැයුම ඔබ කැමතිම ඔහුගේ චිත්‍රපටය  ගැන සටහනක් තබන්නට...:-) 








20 comments:

  1. ගොඩක් හොඳ පෝස්ට් එකක්... මමත් ෂාරුක් ගේ රසිකයෙක්... ඔබට ජය!!! :)

    ReplyDelete
  2. මම ෂාරුක් ගේ කැමතිම චිත්‍රපටිය කබි කුශි කබි ගම්... ඒ වගේම චක් දේ ඉන්දියා , කුච් කුච් හෝතා හේ හා DDLJ වලටත් ගොඩාක් කැමතියි.... ඇත්තම කිව්වොත් ෂාරුක්ගේ ගොඩාක් චිත්‍රපටි වලට මම ආසයි... ඒ වගේම ඒවා ගොඩක් පාරක් බලලත් තියේ :)

    ReplyDelete
    Replies
    1. කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. විශේෂයෙන්ම සරල ආදර කථාවකින් ඔබ්බට ගිහින් පවුලක් තුල බැඳීම් වල සුන්දරත්වය අපූරුවට මතුකෙරුණු අවස්ථාවක් නිසා...
      ඒ වගේම, මමත් ෂාරුක්ගේ ගොඩාක් චිත්‍රපටි වලට කැමතියි.

      Delete
  3. මමත් ෂාරුක්ගේ රසිකයෙක් , කැමතිම චිත්‍රපටි , වීර් සරා ,ඩොන් -2 , රබ්නේ බනාඩි ජෝඩි , කබි කුශි කබි ගම් ,... යාශ් චොප්‍රගේ අලුත් එකත් නියමෙට තියෙයි

    ReplyDelete
    Replies
    1. කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. විශේෂයෙන්ම සරල ආදර කථාවකින් ඔබ්බට ගිහින් පවුලක් තුල බැඳීම් වල සුන්දරත්වය අපූරුවට මතුකෙරුණු අවස්ථාවක් නිසා...

      Delete
  4. Replies
    1. DDLJ......ෂාරුක් ගේ හොඳම තරුණ කාලේ නිමැවුණු තාරුණ්‍යයේ සුන්දරත්වය උපරිමයෙන් මතු කෙරුණු, මමත් ගොඩක් කැමති චිත්‍රපටයක්.

      Delete
  5. මමත් ශාරුක් ගේ චිත්‍රපටි හැම එකකටම වගේ කැමතියි. බිග් බච්චන් වගේම ශාරුක් ඉන්න ඕනේම ෆිල්ම් එකක් අප්පිරිය නැතිව බලතෑකි. !

    ReplyDelete
    Replies
    1. බිග් බච්චන්...හින්දි සිනමාව තුළ එදා මෙදා තුර බිහිවුණු දැවැන්තම සිනමා පෞර්ෂය....!

      Delete
  6. ෂාරුක්ගේ මුල් කාලේ චිත්‍රපටිවල එයා ඉන්න හැටි නම් මරු... :D

    ෂාරුක්ගේ මම කැමති චිත්‍රපටිය "චක් දේ ඉන්දියා" ෂාරුක් ප්‍රේමවන්තයාගෙන් මිදුණු එකම චිත්‍රපටිය ඒක වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. "චක් දේ ඉන්දියා"; ඒක මරු. ක්‍රීඩකයෙක්ගේ අතපසු වීමක් නිසා හැඟීම්බර ක්‍රීඩා ලෝලීන් සහ මාධ්‍ය එකතුව ඒ ක්‍රීඩකයා විනාශ කරන හැටි..ඉන්දියවෙම සීමාව ඉක්මවා යන ක්‍රීඩා ලෝලීන් ට අතුල් පහරක් එල්ල කරන නිර්මාණයක්.

      Delete
  7. veer zara ,kalho naho,devdas superb!

    ReplyDelete
    Replies
    1. "වීර් සාරා"; ඉන්දියාව සහ පාකිස්ථානයේ දේශපාලන පසමිතුරුකම පසුබිම් කර ගත් කථාවක්. පාකිස්ථානයේ හිටපු ජනාධිපති "මුෂාරෆ්" ගෙත් කැමතිම චිත්‍රපටයක් බව වරෙක ප්‍රකාශ කළා මතකයි.

      Delete
  8. ඉස්සර ෂාරුක් ඛාන්ගෙ ෆිල්ම් වලට කැමතියි..
    ඒත් දැං නං පුද්ගලයෙක් වශයෙන් ශාරුක්ට එච්චර කැමැත්තක් නෑ..
    නළුවෙක් විදිහටනං මිනිහා සුපිරි..

    ReplyDelete
    Replies
    1. ෂාරුක් පුද්ගලයෙක් වශයෙනුත් එතරම් අවුලක් නැති ඩයල් එකක් නේද? සල්මාන් වගේ ලොකු සීන් එහෙම නැති, නිහතමානී කෙනෙක් විදිහටයි මම නම් දන්නේ.

      Delete
    2. ow eka aththa eyage nihathamanikama dakinna meka click karannahttps://aluthzone.com/2017/10/14/%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD/

      Delete
  9. අනේ ඉතින් මෙ අමගෙත් සුපිරි වීරයානේ, මෙයා ඉන්න ෆිල්ම් එකක්වත් මම මග අරින්නෙ නෑ,ශාරුක්ගෙ මම කැමතිම ෆිල්ම් එකක් කියලා හරියට වෙන් කරන්න බෑ අප්පා.වීර් සාරා, ඩෙව්දාස්, කුච් කුච් හොතා හේ , මොහබ්බත්තීන් තමා මට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මොහබ්බත්තීන්..ෂාරුක් සමඟ Eishwarya පළමු වරට එක්ව රඟපෑ film එක. ඒකේ තියෙන "හම් කෝ හමී සේ චුරාලෝ" song එක නම් පට්ට.

      Delete
  10. mama shahrukh khan ge lokuma rasikaya. oyala hamoma fan movie eka baluwaneda?. anna e charithema thamai mamath. shahrukh khan sir kiyanne mama me loke wadiyenma adaraya saha gaurawa karana kena.mata ita wada watina kisima deyak na.mama shahrukh sir ta godak adarei.eya mona de kalath mama ewa mage jeewitheta aragannawa.mama hamadamath eyath ekkai

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters