
අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස...
අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව...
දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී..
..
මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව පුරවන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු....
කාසියේ වාසිය දිනන කණ්ඩායම බොහෝ දුරට පළමුවෙන් පන්දුවට පහර දේවි...
ලකුණු 250ක්, 260 ක් කියන්නේ මේ ක්‍රීඩාංගනයේදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක්..
අපේ අවුල මැද පෙළ..මේ තරඟයේදීවත් තම යුතුකම ඉටු කරාවියැයි බලාපොරොත්තුවෙමු...
අද දවස ගැන බලාපොරොත්තු නම් උපරිමයි..නමුත් බලාපොරොත්තු වලට විතරක් තරඟ දිනන්න බැරි බව අපි දන්නවානේ...
සන්සුන් මනසින්..නිවැරදි සැලස්මෙන්..නොපසුබසින ධෛර්යයෙන්..යුතු අපේ කොල්ලන් ගැන අපි විශ්වාසය තබමු...
.සංගා සහ පිරිවරට ජය....!!! ශ්‍රී ලංකාවට ජය...!!!
ප.ලි. : මාතෘකාවේ ඇති ප්‍රශ්නාර්ථ ලකුණ තව පැය කීපයකින් ඉවත් කරන්න හැකිවේවිද???....!!!