Monday, March 21, 2011

ලෝක කුසලානයේ ඊලඟ පියවරට පෙර.....




කණ්ඩායම් තරඟ අවසන්..දැන් ඇත්තේ අර්ධ අවසන් පූර්ව තරඟ(Quarter Final)..බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල කීපයක් ලැබුනත්, දැන් යළිත් කණ්ඩායම් සියල්ල ආරම්භ වූ තැනටම ඇවිත් ඉන්නවා.......Quarter Final සඳහා වඩාත් පරිණත කණ්ඩායම් 8 තේරී තිබෙනවා..

ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
පකිස්තානය 10 ද.අප්‍රිකාව 10
ශ්‍රි ලංකාව 09 ඉන්දියාව 09
ඕස්ට්‍රේලියාව 09 එංගලන්තය 07
නවසීලන්තය 08 බ.ඉ.කොදෙව් 06


මේ කණ්ඩායම් 8 ඇතුලට ඇතුලත් වීමට බංගලාදේශයට ඉතා විශාල අවස්ථාවක් තිබුනත් අවසාන මොහොතේදී එය නූලෙන් වැලකී ගියා.. මෙවර ලෝක කුසලානයේදී අත්දැකීම් අඩුයැයි සැලකෙන කණ්ඩායම් අතින් වඩාත් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් පරාජය වීම හොඳ ප්‍රවණතාවයක්..ඉදිරි ලෝක කුසලානය වනවිට මෙම කණ්ඩායම් වලින් බංගලාදේශය, අයර්ලන්තය වැනි කණ්ඩායම් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් අතරට එක්වී සිටීවියැයි බලාපොරොත්තු වන්න පුළුවන්...එය ලෝක කුසලානයේ තරඟකාරීත්වය තවත් වැඩි කරන්නට හේතුවේවි..

පසුගිය තරඟ දෙස බලන විට එංගලන්තය මුහුණ දුන් තරඟ සියල්ලම වාගේ සුවිශේෂි තරඟ වුනා..බලාපොරොත්තු විය නොහැකි ප්‍රතිඵල ගෙනා, ක්‍රිකට් විස්මය පිරුණු, ආකර්ශනීය තරඟ වුනා..පලමුව ඔවුන් ප්‍රබල ඉන්දියාව සමඟ වූ තරඟය ලකුණු 338 ක් හඹා ගොස් ලකුණු සමකරගෙන අවසන් කලා..ද.අප්‍රිකාව සමඟ තරඟයේදී ලකුණු 171 ක් පමණක් ලැබූ නමුත් ප්‍රබල ද.අප්‍රිකාව ලකුණු 165 කට දවාගෙන එය ජයග්‍රහණය කළා..නමුත් ඔවුන් බංගලාදේශය සහ අයර්ලන්ත වැනි අපරිණත කණ්ඩායම් අතින් පරාජය වූවා..අවසන Quarter Final ආවෙත් බ.ඉ.කොදෙව්. තරඟය යන්තම් ලකුණු 18 කින් දිනාගෙන..

මෙයින් පෙනෙන්නේ ප්‍රබල/දුර්වල හෝ පරිණත/ අපරිණත සාධකය මත ක්‍රිකට් අනාවැකි ඵල කිරීමේ දුෂ්කරතාවයයි..එදා දවසේදී හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම සහ වාසනාව වැනි සාධක තමයි වඩාත් බලපෑවේ..

අනික් සුවිශේෂි කණ්ඩායම පාකිස්ථානයයි..ඔවුන් මුලදී ඉහලින් නම කියවුනේ නැති කණ්ඩායමක් වූවත් A Group එකේ ප්‍රබලයන් වූ ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් දෙකම පරාජය කර A Group එකේ පළමු තැනට පැමිණියා..

කෙසේ හෝ මෙවර තරඟාවලියේදී අපරාජිත කණ්ඩායම් නැහැ..සියළු කණ්ඩායම් එක් වරක් හෝ පරාජය වී තිබෙනවා..

දැන් තරඟාවලිය සියළු දෙනාට විවෘතයි..ඉහලින් ඇති කණ්ඩායම් 6න් ඕනෑම කණ්ඩායමකට ලෝක කුසලානය දිනිය හැකියි..(නවසීලන්තයට හා බ.ඉ.කොදෙව්වන්ට ඒ සඳහා ඇති ඉඩකඩ ඉතා අඩුයි..)


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} පකිස්තානය - බ.ඉ.කොදෙව් [පකිස්තානය ]
මාර්තු 24 -:{A3-B2} ඕස්ට්‍රේලියාව- ඉන්දියාව [ඕස්ට්‍රේලියාව] ??
මාර්තු 25 -:{A4-B1} නවසීලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 26 -:{A2-B3} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]

මෙහි ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට අර්ධ අවසන් පූර්ව වටයේදී මුණ ගැසෙන්නට සිදුවීම ඉතා සුවිශේෂයි..ලෝක කුසලානය මෙවර දිනනවා යැයි ආරම්භයේදී ඉහලින්ම කියවුනු නම් දෙකක් මේ කණ්ඩායම් දෙක..දැන් ඉතින් ඉන් එකකට අර්ධ අවසන් වටයෙන්ම ගෙදර යන්න වෙනවා..:) [මගේ අනාවැකිය, ඕස්ට්‍රේලියාව ජයගනු ඇති බවයි]

ශ්‍රී ලංකා- එංගලන්ත තරඟයත් සුවිශේෂයි..එය ශ්‍රී ලංකාව ජයගැනීමේ සම්භාවිතාවය වැඩි නමුත්, එංගලන්තය මේ තරඟාවලිය පුරා දැක්වූ පෙරළිවල හැටියට, කිසිසේත් තරඟය සුළුවෙන් තකන්න බැහැ..

ක්‍රිකට් වලදී දක්ෂතාවය සේම වාසනාවත් වැදගත් සාධකයක් බව අප දන්නවා..වර්තමාන සැකැස්ම අනුව නම් අපට අවසාන තරඟයට යාමට වැඩි අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තියෙනවා..!!! [6493]

6 comments:

  1. ඔයාගෙ නිගමන තුනක් එක්ක මම එකඟයි.( මගේ පොස්ට් එකත් ඔය ගැනම තමයි ).මම හිතන්නෙ ඉන්දියාව දිනනව කියල . බලමුකො නෙ

    ReplyDelete
  2. තරග කාල සටහන හරිද?
    ඒක මට හම්බ වුනේ මේහෙම 26 වෙනිදා අපේ තරඟය කියලා.

    http://www.sankalpana.info/2011/03/cricket-world-cup-2011-india-vs-west-indies

    ReplyDelete
  3. check the time table again. from here

    http://www.cricbuzz.com/cricket-schedule/series/228/icc-world-cup-2011

    ReplyDelete
  4. @buwa: ඔයාගේ පෝස්ට් එක මම බැලුවා..හොඳ විග්‍රහයක්..අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා නේද..?

    ReplyDelete
  5. @sankalpana & මාලින්ද: sorry for the mistake and thanks for the correction.

    තරඟ කාල සටහන:
    මාර්තු 23 -: පකිස්තානය - බ.ඉ.කොදෙව්
    මාර්තු 24 -: ඕස්ට්‍රේලියාව- ඉන්දියාව
    මාර්තු 25 -: නවසීලන්තය - ද.අප්‍රිකාව
    මාර්තු 26 -: ශ්‍රි ලංකාව - එංගලන්තය

    ReplyDelete
  6. මමත් හිතන්නෙ ඉන්දියාව දිනනව කියල

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters