Wednesday, February 2, 2011

2011...රනිල්ගේ අවසන් වසරද...?


2011 රනිල්ගේ නායකත්වයේ අවසන් වසරද? ඔහුගේ දේශපාලනයේ අවසන් වසරද? අපි බලා හිඳිමු සිදුවන්නේ කුමක්ද කියා...

ඒ අතරේදී ඔහුගේ දේශපාලන භූමිකාව විග්‍රහ කර ගැනීමකටයි මේ වෑයම..


රනිල් ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ 1977 දී...ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ...මව නාලිනී වික්‍රමසිංහ...ඇය ලාංකේය පුවත්පත් ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වන ඩී.ආර්.විජයවර්ධනගේ දියණිය... ඒ කියන්නේ ඔහු කීර්තිමත්..ධනවත්..ප්‍රභූ පවුලකින් පැවත එන්නෙක්..පාසල් ගියේ කොලඹ රාජකීය විදුහලට...පදිංචිය කොල්ලුපිටියේ...මේ ධනවත් ,high class පසුබිමම ඔහුට එක් අතකින් වාසනාවත් අනෙක් අතින් අවාසනාවත් උරුම කරලා දීලා තියෙනවා...


රනිල්ගේ දේශපාලන ඉතිහාසය ගත්තාම, 77 සිට 94 දක්වා සෑහෙන මට්ටමක කීර්තිමත්, අගය කලහැකි දේශපාලනයක් ඔහුට හිමියි..ජේ.ආර්.ජයවර්ධන ඔහුව අනාගත නායකයෙක් විදිහට පක්ෂය තුල ගොඩ නැඟුවා.ඒ යුගයේදී ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී කියන ප්‍රබල චරිතවලින් පස්සේ යූ.ඇන්.පි යේ සිටි නායකත්ව චරිතය ඔහුයි..


ඔහු වැදගත් ඇමති ධූර දරමින් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර තිබෙනවා..
1) විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
2) අධ්‍යාපන ඇමති
3) තරුණ කටයුතු ඇමති
4) විද්‍යා හා තාක්ෂන ඇමති
5) පාර්ලිමේන්තු සභානායක


රනිල් පාර්ලිමේන්තුවට එන්නේ 77 මහ මැතිවරණයෙන් බියගම ආසනය ජය අරගෙන..ජේ.ආර්.තමයි මුලින්ම වෙනමම විදේශ ඇමති ධූරයක් ඇති කලේ..(එතෙක් එය රාජ්‍ය නායකයාට පැවරුනු කාර්යභාරයක්..)

රනිල් මුලින්ම විදේශ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරුවා..ඊට පසු අධ්‍යාපන ඇමති ධූරය ලැබූවා...ඔහු එහිදී විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා....

1. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අධ්‍යාපන පීඨ ක්‍රමය ආරම්භ කිරීම
2. ජාතික පාසල් ක්‍රීඩා උලෙල ආරම්භ කිරීම
3. ගුරුවරුන් බඳවාගැනීමේ තරඟ විභාග ක්‍රමයක් හඳුන්වා දීම
4. අධ්‍යාපන පරිපාලන සේවය ආරම්භ කිරීම


එයට අමතරව පාසල්වල ඉංග්‍රීසි භාෂාව හා පරිගණක අධ්‍යාපනය දියුණු කිරීමට විශේෂ උනන්දුවකින් ක්‍රියා කලා...

ඊලඟට තමයි ඔහු පලමු තරුණ කටයුතු ඇමති බවට පත්වන්නේ...

තරුණ සේවා සභාව ඔහුගේ නිර්මාණයක්.. ජාතික තරුණ සේවා සභාව හරහා විශාල වැඩ කොටසක් කර තිබෙනවා..Infotel Lanka ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ ගෞරවය ඔහුට හිමිවෙනවා...අනිත් දේශපාලනඥයන්ට වඩා නවීන ලෝකය ගැන, නවීන තාක්ෂනය ගැන අවදියෙන් සිටි ඔහු එහි ප්‍රතිලාභ රටට ගෙන ඒමට විශාල වැඩ කොටසක් කලා..

ඔහු ජාතිවාදියෙක් නෙමෙයි...මිනිස්කම අගයන ඔහු 83 කළු ජූලියේදී සුළු ජාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල බව ප්‍රකටයි..බොරු පොරොන්දු නොදී..ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් වෙනුවෙන් ඔහු කැපවූවා...වඩා සාධාරණ සමාජ ක්‍රමයක්..සමෘධිමත් දේශයක් අපේක්ෂා කරන්නෙකුට රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ තේරීමක්....

6 comments:

  1. ස්තූතියි ඔබේ ප්‍රතිචාරවලට...

    ReplyDelete
  2. රනිල් මහත්තයා ගාව බොහොම හොඳ ලක්ෂන ගොඩක් තියනව දුර්වලතා වගේම . ඒත් අපේ මිනිස්සුන්ට ඒ හොඳ කම් පෙන්නෙ නැහැ අඩු තරමෙ යූන්පී කාරයින්ටවත්

    ReplyDelete
  3. ඔව්, රනිල් මහත්තයගෙ හොද තියනව කළුත් තියනව.
    ඔබ කියන ධනවත් ,high class පසුබිමක් තිබ්බට ඔහු ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන්නෙක්.දේශපාලන භූමිකාවට පුද්ගලික ගති පැවතුමුත් වැදගත් වෙනව. රනිල් සමලිංගිකයෙක් සහ වැඩිපුරම මධුවිත සමග "සමන් විලාස්‌""""' හෝටලේ ගත කරන්නෙක්. එසේම ඔහු තමුන්ගේ දේශපාලන ඉතිහාසයේ අනුවණ තීරණ රාශියක් ගත් පුද්ගලයෙක්.
    ලිපියෙන් මතු කරන්න හදන තරම් පොරක් නූනත් අද කාලේට අනුව වැඩක කල හැකි මිනිසෙකි.

    ReplyDelete
  4. රනිල්ගේ ගැටළු නොතිබෙනවා නොවේ. ඒත් අද ලංකාවට ගැලපෙන්නේ එවන් නායකයෙක්. ඒත් අභාග්‍යය ඔහුගේ දැක්ම ලංකාව තුල අලෙවි කරගත නොහැකි වීම නිසා පක්ෂ නායකත්වය පවා රැකගැනිමේ තර්ජනයක් රනිල් තිබීම.

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters