Friday, June 18, 2010

ලාංකේය දේශපාලනයේ විකට ජවනිකා...



අපේ රටේ සිටින්නේ පුදුම ආතල් ජනතාවකි.අද දවසේ රටේ දේශපාලන නායකත්වය සඳහා ජනතාව තෝරා එවන්නේ ටෙලි නාට්‍ය නිලියන්ය. ගායකයෝය.ක්‍රිකට් ක්‍රීඩකයෝය. පාර්ලිමේන්තුව කියන්නේ සිංදු කියන, නටන, ක්‍රිකට් ගසන නියම "ෆන් පොට්" එකක් ලෙස අපේ රටේ ජනතාව සිතනවා විය හැක.
"බැරි වැඩ නොකරන් අබරෝ" කියන්නේ මේවාටය.මුලදී ඉදිරිපත් වූ එකා දෙන්නා ජනතාව උඩින්ම පත්කර එවූහ. තමන්ගේ ගමට, රටට වැඩ කල දක්ෂ, පරිණත නායකයන් පසෙකට කල ජනතාව "වන් ෂොට්" බයිස්කෝප් වීරයා අංක එකට ගෙන ඒමට පැකිලුනේ නැත.ඉතින් අනිත් උන්ද ෆෝම් වූහ. අපේ රටේ බුද්ධිමත් ජනතාවද අත හැරියේ නැත.යූ.එන්.පී. දෙවෙනි නායකයාව සිටි කරූ ජයසූරිය අභිබවා "සමගිපුර පබාට ඡන්දය දුන්හ.
පබාගේ දේශපාලනයට ඇති සුදුසු නොසුදුසුකම පිලිබඳව කිසිවෙකුට හෝ විචිකිච්චාවක් ඇත්නම් පලමුව මෙය නරඹා සිටින ලෙස ඇරියුම් කරමු.

මේවා බලාගෙන සිටින විට සිනාසෙන්නටද හඬන්නටද යන්න තෝරා ගත නොහැකි වීමේ අවුලකට අප පත්වේ.මැයට ඡන්දය දුන් ගම්පහ ජනතාව මෙය නරඹා තම හිස අත ගා බලා අං ඇති නැති බව පරීක්ෂා කරගන්නේ නම් යහපතක් වනු ඇත.
මෙවැනි දේශපාලන විකට ජවනිකාවලට වග කිව යුත්තේ කවුද?මෙවැනි චරිත ඡන්දවලට ඉදිරිපත් කරන ඉහල දේශපාලන නායකත්වයද? බැරි වැඩ නොකර තමන්ගේ තැන රැකගෙන සිටීමට නොදන්නා මේ සීනිබෝල තරුද?එසේත් නැත්නම් රූප ලස්සනට, කටහඬේ ලස්සනට කතිරය ගසනා ජනතාවද?
ඉහල දේශපාලන නායකත්වයට උවමනා කරන්නේ කෙසේ හෝ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටය.මිනිසුන් ඡන්දය දෙන්නේනම් පොල් පිත්තක් හෝ ඡන්දයට ඉදිරිපත් කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත.ජනතාව මෙවැන්නන්ට ඡන්දය නොදෙන්නේ නම් ඉහල දේශපාලන නායකයන් මොවුන්ට ඡන්දය ඉල්ලීමට අවස්ථාව දෙන්නේවත්, මෙවැනි චරිත ඡන්දය ඉල්ලීමට පෙලඹෙන්නේවත් නැත.
බල්ලන්ගේ රාජකාරිය බූරුවන්ට කරන්නට බැරි බව අපේ රටේ ජනතාව අවබෝධ කරගන්නා තුරු මෙවැනි දේශපාලන කොමඩි අපට නරඹන්නට ලැබෙනු ඇත.
බුදුනි...ජේසුනි...නබි නායක තුමනී...
මිනිසුන් හට ප්‍රඥ්ඥාව දුන මැණැවී...
ප්‍රඥ්ඥාවන්තයන් සිංහාසනාරූඩ කල මැනවී......!!!

3 comments:

  1. I would like to make certain comments about this "Upeksha Swarnamali affair", a discussion taking place around the interview Upeksha had with Derana 360 programme. I hope the above post also is centred around that discussion. There can be more than one way of looking at things, and following is how I see that.

    1. It is obvious that she does not know certain basics in politics and her Sinhala skill is poor.

    2. There is a recent trend that the MPs in parliament in general (those who get elected) are similar as far as their knowledge is concerned. So this is not the first occasion we see such thing.

    3. One thing that distinguishes Upeksha from all others is her sincerity to admit things that she does not know, in a public interview, with a smile. This is a very rare quality nowadays. People with no knowledge about certain things try pretend that they know all, sometimes reminding us of the practice of ostrich to hide itself from others by hiding its head in the sand.

    4. I have seen many interviews by Upeksha, both in Sinhala and English (in her interviews in English she had been very successful in expressing what she wanted to say) and I have never seen her making derogatory comments on others, talking things she doesn't know or getting agitated. These are again very rare qualities present day politicians do not possess.

    5. Looking at the circumstances that brought her into politics, and the pace at which they took place, I would excuse her for her unpreparedness. Even when she was swimming against the tides during the presidential campaign, I do not think there was any plan for her to enter into active politics.

    6. Upeksha shows clearly that she needs to learn. The basic pre-requisite for learning is the capacity of a person to admit his/her ignorance. Those who think that they know everything will never learn.

    7. The parliament is filled with criminals, rogues, thugs, killers, thieves, drug dealers, ethnic and religious extremists all. In comparison to such people, someone with no exposure to politics and a desire to learn is million times better and qualified to be in the parliament. I do not consider lack of experience as a crime.

    8. I have never got a chance to vote Upeksha, but if I ever get a chance, I happily will.

    It is never too late to learn.

    ReplyDelete
  2. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ අදහස සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ මෙයයි.

    "පාපය මිස පව්කාරයා පිලිකුල් නොකරන්න" යැයි ජේසුස් වහන්සේ කියා ඇත. මේ ලිපියේ අරමුණ උපේක්ෂා ස්වර්ණමාලිට පෞද්ගලිකව පහර ගැසීම නොවේ. මේ වැරදි රැල්ලට පහර ගැසීමය; බොලඳ දේශපාලන විගඩම් හමුවේ ඇස් කන් පියා බලා නොසිට, එයට එරෙහි වීමය; "ඇය නොදන්නාකම පිලිගන්නවා, ඇගේ අවංකකම අගය කල යුතුයි" වැනි සරල හේතු දක්වමින් මෙවැනි ගොන්පාට් අනුමත කරන තැනකට තල්ලු වීම වෙනුවට ජනතාව හදවතින් නොව බුද්ධියෙන් දේශපාලන තීන්දු ගතයුතු බව කීමය.

    දේශපාලනිකව එකඟ විය හැකි/නොහැකි මතවාදීමය වෙනස්කම් පසෙක තිබියදී මිලින්ද මොරගොඩ, බිමල් රත්නායක, ලාල්කාන්ත වැනි දක්ෂ මිනිසුන් පාර්ලිමේන්තුවෙන් එලියට විසිවෙද්දී උපේක්ෂා ස්වර්ණමාලි, රන්ජන් රාමනායක, සනත් ජයසූරිය අද දවසේ අපට දේශපාලන නායකත්වය දීමට ජනතාව තෝරා අවසන්ය.උගත්, බුද්ධිමත්, දැනුවත්, නායකත්ව සහ කලමනාකරණ දක්ෂතා පසෙක තබා නටන, ගයන, රුවැති ගුණාංග නායකයන් තේරීමේ මිනුම් දඬු වී ඇත.මා එරෙහි වන්නේ මේ දේශපාලනික අවිඥ්ඥානකත්වයටය.

    අනර්කලී ආකර්ෂා ද අපට දේශපාලන නායකත්වය දීමට ජනතාව විසින් තෝරා ගෙන ඇත . මේ තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? ඇයද මෙවැනි සාකච්චාවකට පැමින මුකුළු පාමින් "අනේ මං දන්නේ නෑනේ, අහලා කියන්නම් දෙය්යනේ"කිවුවොත් ඔබ කියන්නේ " අනේ, මේ කෙල්ලගේ අවංකකම, නිහතමානිකම" ලෙසින් ඒ දෙස අප බැලිය යුතු බවද?
    යුද්ධය නමැති මහා බාධකය අවසන්ය.බොහෝ දෙනා කියන පරිදිම අපේ රටට මහා ඉදිරි පිම්මක් පැනීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. රට ඉහලට ඔසවා තැබීමට නම් සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුය.සැබෑ දක්ෂයාට අවස්ථාව ලැබිය යුතුමය.

    දෙයක් වේ නම් යම්...
    සුදුස්සාටම අයිති විය යුතු......

    අප විශිෂ්ට ලෙස සාර්ථක ඵල ලැබූ යුද්ධය එලෙස සාර්ථක වූයේ සුදුස්සන්ට සුදුසු තැන ලැබුනු හෙයිනි.මහින්ද, ගෝඨාභය, සරත්, වසන්ත, රොෂාන්, ශවේන්ද්‍ර වැන්නෝ තම වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට සමත් සුදුස්සෝ වූහ; දක්ෂයෝ වූහ.

    එලෙසම අපේ රටට දේශපාලනික, ආර්ථික සහ සමාජයීය ජයග්‍රහණ ගෙන ඒමට නම් සුදුස්සන්ට රටේ නායකත්වය බාරදිය යුතුය.මෙවැනි විසිළු දේශපාලන තීන්දුවලින් සිදුවන්නේ ඒ අනගි අවස්ථාව අහිමි කර ගැනීමය. මා එරෙහි වන්නේ එයටය.

    උපේක්ෂාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තිබුනි නම් ඔබ ඉතා සතුටින් එය කරන බව පවසා ඇත.එය ඔබේ කැමැත්තය; ඔබේ අයිතියය.
    උපේක්ෂා ද අනර්කලී ද වැඩිය හුරතල් වැනි SMS තරඟයක් තිබුනේනම් මටද ඇයට ඡන්දය ප්‍රකාශ කිරීම ගැන සලකා බැලිමට තිබුනි...!

    ReplyDelete
  3. ප්ලේටෝ කෙසේ කීවද දාර්ශනිකයන් පාලකයන් නොවන්නා සේම පාලකයන්ද දාර්ශනිකයන් නොවන්නේමය

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters