Monday, July 29, 2013

පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම





දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.


 නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද? ලස්සන නැද්ද? කියන එක වෙනම කථාවක් :) .

දයාසිරි මහ ඇමති වුනා කියලා වයඹ ජනතාවට අමුතු කෙංගෙඩියක් ලැබෙන්නේ නැහැ. ඔහු මේක දක්ෂ විදිහට කළොත් ඔහුට ලකුණු ලැබෙනවා හැරෙන්න. මේක වැටිච්ච තැනක් නෙමේ දයාසිරි ඇවිල්ලා ගොඩ දාන්න.



නමුත් අද මිනිස්සු නැත්තේ කාටද? විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම??

17 comments:

  1. දයාසිරිගේ පිල්මාරුව එක්ක බොහෝදෙනාට අහුවෙන තැන තමයි විපක්ෂයේ සිටියදී පතුරුගැසූ ආණ්ඩුවට එක්වීම. කොටින්ම කියනව නං මෙච්චර විවේචන තිබෙන ආණ්ඩුවකට රෙදි ඇඳගෙන හේත්තුවෙන්න පුළුවන්ද පක්ෂෙ මොන ප්‍රශ්න තිබුනත්?

    කොහොම උනත් විපක්ෂයේ හිටිය කට තියන මිනිස්සු (හොඳ හෝ නරක, බලයට එන්න වැඩි දායකත්වය සැපයෙන්නෙ ඔවුන්ගෙන්) දැන් දෑත් ශක්තිමත් කරන්න ගිහිල්ල ඉවරයි. දැන් ඉන්නෙ බොහොම සුළු පිරිසයි. ඒ ගොල්ලත් ගියාට පස්සෙ රනිල් උන්නැහේට පුළුවන් මැරෙනතුරා විපක්ෂ නායකය විදියට ඉන්න.

    ReplyDelete
    Replies
    1. තපස් කාලෙකට පස්සෙ?

      Delete
    2. අනේ මේ රනිලා නම්...මතක් වෙනකොටත් මල පනිනවා :)

      Delete
    3. ඉතින් මචන් රාජ්.....සන්තෝෂයි හමුවෙන්න ලැබීම කාලෙකින්, comment එකකින් හරි.

      Delete
  2. තපස් මාස තුනකට පස්සේ ඇවිත් ඇයි මචං මේ කුණු කදු ගැන ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙලෝ මචන් රතු..සෑහෙන කාලෙකට පස්සෙ නේද? ඇත්තටම සන්තෝසයි comment එකකින් හරි හමුවෙන්න ලැබීම. මේකනේ මචන් සීන් එක. හේතුව මොකක්ද මන්දා,දේශපාලනය කියන්නේ මම කැමතිම ක්ෂේත්‍රයක්.(ලංකාවේ දේශපාලනය නම් ජරා ගොඩක් තමයි. ඒත් ඉතින් එහෙමයි කියලා අහක බලාගෙන ඉඳලත් බෑනේ.) :)

      Delete
  3. දයා ආවත් ගියත් අපේ සමාජ,ආර්ථික ප්‍රශ්ණ එතැනමය.නැත්නම් එතැනිනුත් තව එහාටය.

    ReplyDelete
    Replies
    1. විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට කළයුතු කාර්යභාරය ඉටු කරමින් හිටපු දක්ෂ මන්ත්‍රීවරයෙක් දයාසිරි. තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන හිතලා ඔහු අද ඒ කාර්යභාරයෙන් ඉවත් වෙලා තියෙනවා.මේ රටේ හොරකම්, මැරකම්, දූෂණ හෙළි කරන්නට ඒවාට එරෙහිව හඬක් නඟන්නට සිටි ප්‍රබල චරිතයක් අහිමි වීම බලවත් පාඩුවක් බවයි මම හිතන්නේ. (පක්ෂ දේශපාලනය නෙමෙයි මම කථා කරන්නේ )

      Delete
  4. මේ ලිපිය ඔය ගැනම තමයි.

    ReplyDelete
    Replies
    1. කියවීමි. දයාසිරි මහ ඇමති වනු ඇතැයි ද සිතමි. නමුත් ඔහු හැරගිය භූමිකාවක් ඇත. ඒ භූමිකාව පිරවිය යුත්තකි. රන්ජන් ඒ කාර්යභාරයට අත ගසා තිබෙනු දැක්ම සතුටට කරුණකි.

      රන්ජන් ගේ පාර්ලිමේන්තු කථාව මෙතනින්..

      Delete
  5. දේශපාලනයේ සදාකාලික මිතුරෝහ් නැහැ සතුරෝත් නැහැ

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගේ අරමුණ ඉෂ්ට කරගන්න අන්‍යෝන්‍ය සහයෝගය අවශ්‍ය නම්...තරහ මරහ තියාගන්නවට වඩා අරමුණ ඉෂ්ට කරගන්න එක වඩා වාසිදායක බව දේශපාලනයේ මූලික තියරි එකක්..දයාසිරිට මහ ඇමතිකම..මහින්දට ප්‍රබලම විවේචකයෙක් ඉවත් කරගැනීම..

      Delete
  6. පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම මහජනයා පෙලන පාලනාධිකාරියටම යෑම තමයි අනුමත කරන්න බැරි . . . ඒ කියන්නේ ඔහු ගියේ මහජනයා නියෝජනය කරන්න නොවේ ඔහුගේ බඩගෝස්තරය වෙනුවෙන් . . .

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික දේශපාලන අරමුණු ඇතිව දේශපාලනයේ නිරත වෙන විට මෙහෙම වෙනවා. මුදල් හෝ බලය හෝ කීර්තිය ඉලක්ක කරගත් විට ප්‍රතිපත්තීන් පසෙක ලන්න වෙනවා,.
      මේ කාර්යභාරය පුද්ගලබද්ධ නොවිය යුතුය. නික්ම ගිය මිනිසුන් වෙනුවට අලුත් මිනිසුන් පැමිණිය යුතුය.පවතින මර්දනය ගැන රන්ජන් පාර්ලිමේන්තුවේදී කළ නිර්භය සහ සෘජු ප්‍රකාශයට අපගේ ස්තූතිය..

      රන්ජන් ගේ පාර්ලිමේන්තු කථාව මෙතනින්..

      Delete
  7. තපස් මතකද දන්නේ නෑ මාව, මම E99 ... අදයි දැනගත්තේ බ්ලොගක් ලියන බව.
    කමක් නෑ , පේරාදෙණියෙන් පිටවුණාට පස්සේ මෙහෙම හරි සංවාදයකට පැටලෙන්න ලැබීම සතුටක්.

    මෙතනට නික්ම යාම කියන වචනය ගැලපෙන්නේ නෑ මම හිතන්නේ , මොකද ඔහු යන්නේ බොහෝ වරප්‍රසාද වරදාන ගොඩක් මැද්දට. මට පෙන්නේ ඔහු සටන හැරදමා ගොස් ඇති බවක්.

    ReplyDelete
    Replies
    1. හෙලෝ මචන්, හරිම සතුටුයි මේ හමුවීම.ඉවාන් පවුලූශා ගේ comments තැන් තැන් වල දැකලා තිබුනා. ඒ උඹයි කියලා දැනගත්තේ අදයි.

      Delete
  8. කොන්ද පන නැති විපක්ෂයක් ඉන්න එකම රට අපේ සිරි ලංකාවයි

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters