අපේ රටේ සිටින්නේ පුදුම ආතල් ජනතාවකි.අද දවසේ රටේ දේශපාලන නායකත්වය සඳහා ජනතාව තෝරා එවන්නේ ටෙලි නාට්‍ය නිලියන්ය. ගායකයෝය.ක්‍රිකට් ක්‍රීඩකයෝය. පාර්ලිමේන්තුව කියන්නේ සිංදු කියන, නටන, ක්‍රිකට් ගසන නියම "ෆන් පොට්" එකක් ලෙස අපේ රටේ ජනතාව සිතනවා විය හැක.
"බැරි වැඩ නොකරන් අබරෝ" කියන්නේ මේවාටය.මුලදී ඉදිරිපත් වූ එකා දෙන්නා ජනතාව උඩින්ම පත්කර එවූහ. තමන්ගේ ගමට, රටට වැඩ කල දක්ෂ, පරිණත නායකයන් පසෙකට කල ජනතාව "වන් ෂොට්" බයිස්කෝප් වීරයා අංක එකට ගෙන ඒමට පැකිලුනේ නැත.ඉතින් අනිත් උන්ද ෆෝම් වූහ. අපේ රටේ බුද්ධිමත් ජනතාවද අත හැරියේ නැත.යූ.එන්.පී. දෙවෙනි නායකයාව සිටි කරූ ජයසූරිය අභිබවා "සමගිපුර පබාට “ඡන්දය දුන්හ.
පබාගේ දේශපාලනයට ඇති සුදුසු නොසුදුසුකම පිලිබඳව කිසිවෙකුට හෝ විචිකිච්චාවක් ඇත්නම් පලමුව මෙය නරඹා සිටින ලෙස ඇරියුම් කරමු.
මේවා බලාගෙන සිටින විට සිනාසෙන්නටද හඬන්නටද යන්න තෝරා ගත නොහැකි වීමේ අවුලකට අප පත්වේ.මැයට ඡන්දය දුන් ගම්පහ ජනතාව මෙය නරඹා තම හිස අත ගා බලා අං ඇති නැති බව පරීක්ෂා කරගන්නේ නම් යහපතක් වනු ඇත.
මෙවැනි දේශපාලන විකට ජවනිකාවලට වග කිව යුත්තේ කවුද?මෙවැනි චරිත ඡන්දවලට ඉදිරිපත් කරන ඉහල දේශපාලන නායකත්වයද? බැරි වැඩ නොකර තමන්ගේ තැන රැකගෙන සිටීමට නොදන්නා මේ සීනිබෝල තරුද?එසේත් නැත්නම් රූප ලස්සනට, කටහඬේ ලස්සනට කතිරය ගසනා ජනතාවද?
ඉහල දේශපාලන නායකත්වයට උවමනා කරන්නේ කෙසේ හෝ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටය.මිනිසුන් ඡන්දය දෙන්නේනම් පොල් පිත්තක් හෝ ඡන්දයට ඉදිරිපත් කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත.ජනතාව මෙවැන්නන්ට ඡන්දය නොදෙන්නේ නම් ඉහල දේශපාලන නායකයන් මොවුන්ට ඡන්දය ඉල්ලීමට අවස්ථාව දෙන්නේවත්, මෙවැනි චරිත ඡන්දය ඉල්ලීමට පෙලඹෙන්නේවත් නැත.
බල්ලන්ගේ රාජකාරිය බූරුවන්ට කරන්නට බැරි බව අපේ රටේ ජනතාව අවබෝධ කරගන්නා තුරු මෙවැනි දේශපාලන කොමඩි අපට නරඹන්නට ලැබෙනු ඇත.
බුදුනි...ජේසුනි...නබි නායක තුමනී...
මිනිසුන් හට ප්‍රඥ්ඥාව දුන මැණැවී...
ප්‍රඥ්ඥාවන්තයන් සිංහාසනාරූඩ කල මැනවී......!!!