ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය. විශේෂයෙන්ම පෙරදිග, ආසියානු සිනමාවේදී මේ ගැටළුවක්ව මතුවෙයි.විශේෂයෙන්ම මේ නිරූපනයට එක්වන නිරූපිකාවට/නිළියට සමාජීය විවේචන වලට මුහුණ දීමට සෑහෙන මට්ටමක ධෛර්යක් අවශ්‍ය වෙයි.
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වීමේ සිහිනයෙන් සිය නිරුවත පෙන්වීමට නොපැකිළෙන නිරූපිකාවන් බොහෝය.පසු කලෙක අතිශය ජනප්‍රිය තලයන්ට පැමිණි බොහෝ නිළියන් ක්ෂේත්රයට පිවිසි යුගයේදී නිරුවත පෙන්වීමට පැකිලී නැත.සිය සිරුරේ සුන්දරත්වය සේම නිරුවත පෙන්වීමේ ධෛර්යද තිබුනද සියළු දෙනාට සිය සිහිනය සැබෑ කරගැනීමේ වාසනාව හිමිවන්නේ නැත.
මේ අතරින් සාර්ථකත්වය ලැබ බොලිවුඩය ඉක්මවා හොලිවුඩය ද ආක්‍රමණය කිරීමට වාසනාවද සමත්කම ද පෑ නිළියකි මල්ලිකා...මල්ලිකා ෂෙරාවත්..සාම්ප්‍රදායික ඉන්දියානු පවුලක උපත ලබා ඇති මල්ලිකාට මෙවන් ගමනක් පැමිණීම කිසිසේත් පහසු නොවන්නට ඇති.කෙසේ වතුදු අවසානයේ ඇය ඇගේ අරමුණ ජයග්‍රහණය කර තිබෙනවා.
ඇය සිනමාවට පිවිසීමේදී ඇගේ පවුලෙන් දැඩි විරෝධතා එල්ලවුණු බවද මුල් යුගයේදී ඇය සමඟ ඇගේ පවුල සබඳතා නොපැත්වූ බවද පැවසෙනවා.වර්තමානයේදී ඇගේ වෘත්තීය තෝරාගැනීම ගැන පවුලේ එකඟතාව ලැබී ඇතැයි කියවුනද මෙයින් ඔප්පු වන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් වෙනස්ව සිතන්නන්ට සහ කටයුතු කරන්නන්ට මුහුණ පාන්නට සිදුවන පොදු අභියෝගයකි.
ඇය දිල්ලි විශ්ව විද්‍යාලයේ දර්ශනය පිලිබඳව උපාධිධාරිණියක් බවද සැළකිය යුතු කාරණයක්.
ඇගේ ආරම්භය සටහන් වෙන්නේ රූපවාහිනි වෙළඳ දැන්වීම් සහ ගීත වීඩියෝ වලින්.
2002 දී ඇගේ සිනමා ජීවිතය ඇරඹෙන්නේ Jeena Sirf Merre Liye නම් චිත්‍රපටයේ ඉතා කුඩා චරිතයක රංගනයෙන්.
හොලිවුඩ් Unfaithful චිත්‍රපටයෙන් ආභාෂය ලැබූ Murder (මිනීමැරුම) (2004) තුලින් ඇය සිහිනය ජයගන්නවා. ඇය සිනමා ලෝකයේ අවධානය තමා වෙත දිනා ගන්නවා. Murder 2004 වසරේ වැඩිම අවධානයක් දිනාගත් super hit චිත්‍රපටයක් බවට පත්වෙනවා.මේ ලිපියේ උද්ධෘතය සඳහා නිමිති වූයේ ඒ කරුණයි.
බොලිවුඩය ඉක්මවා ජාත්‍යන්තර අවධානය දිනාගන්නට ඊලඟ වසර වනවිට ඇය සමත් වෙනවා. 2005 දී Jackie Chan සමඟ The Myth නම් චීන සිනමා පටයේ පෙනී සිටින්නට ඇයට ඇරැයුම් ලැබෙනවා.
2007 දී මනි රත්නම් ගේ "ගුරු" චිත්‍රපටයේ " Maiya-Maiya" ගීතයට ඇය ඉදිරිපත් කරන රංගනය ද සුවිශේෂ අවස්ථාවක්. Belly Dancer කෙනෙක් ලෙස ඇය රැඟූ Maiya-Maiya ගීතය චිත්‍රපටයට සුවිශේෂ ආලෝකයක් එකතු කළා.
එම වසරේ තිරගත වූ Aap Ka Suroor - The Real Love Story නම් චිත්‍රපටයේ..මිනිත්තු 10 ක පෙනී සිටීමක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 15 ක් අය කිරීමට තරම් ඇය වටිනාකමක් හිමිකර ගන්නවා.
2009 දී ඇය හොලිවුඩ් සිනමාවට එක්වෙනවා. ඒ Hisss චිත්‍රපටයෙන්. ඇගේ ඊළඟ හොලිවුඩ් චිත්‍රපටය Politics of Love (2011).
ඇය අද වනවිට සිනමාවේ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙනවා.ලෝක මට්ටමේ අවධානය දිනූ නිළියක් වන්නට ඇය කෙටි කලකින් සමත් වී තිබෙනවා. සුන්දර රුවද රංගන හැකියාවද වාසනාවද ආදී බොහෝ හේතු ඇගේ ගමනේ සාර්ථකත්වයට හේතු ලෙස හඳුනාගත් හැකිය. නමුත් ඒ අතරින් ප්‍රධානම හේතුව සාම්ප්‍රාදායික සීමා ඉක්මවා යාමට ඇය තුළ වූ ධෛර්ය බවයි මගේ අදහස.

සාම්ප්‍රදාය ඉක්මවා යාම අනිවාර්යෙන්ම ප්‍රසිද්ද විමට හොද මගක්...
ReplyDeleteඒක ඇත්ත.නමුත් සංස්කෘතික සීමා ඉක්මවා යන හැමෝම සාර්ථක වෙන්නේත් නැහැ.
Delete"ඇය දිල්ලි විශ්ව විද්‍යාලයේ දර්ශනය පිලිබඳව උපාධිධාරිණියක් බවද සැළකිය යුතු කාරණයක්"
ReplyDeleteලංකාවේ ඉන්න නළු නිළියන්ගෙන් කීයෙන් කී දෙනාටද පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන්නේ... මට මතක විදිහට නම් ප්‍රීති සින්ටාටත් භෞතික විද්‍යාව පිලිබඳ උපාධියක් තිබෙනවා
ඔබ කියූ පසුවයි විකිය බැලුවේ. එහි තිබෙන පරිදි ප්‍රීති සින්ටාට තියෙනවා "අපරාධ මනෝ විද්‍යාව" පිළිබඳ උපාධියක්.
Deleteම්ම්ම්.. සම්ප්‍රදායෙන් ඔබ්බට...
ReplyDeleteසංස්කෘතීන් විසින් නීර්ණය කළ සීමාවන්ට අභියෝග කිරීම...:-)
Delete