Friday, April 27, 2012

මිනීමැරුමෙන් ලොව දිනූ සරාගිනිය....



ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය. විශේෂයෙන්ම පෙරදිග, ආසියානු සිනමාවේදී මේ ගැටළුවක්ව මතුවෙයි.විශේෂයෙන්ම මේ නිරූපනයට එක්වන නිරූපිකාවට/නිළියට සමාජීය විවේචන වලට මුහුණ දීමට සෑහෙන මට්ටමක ධෛර්යක් අවශ්‍ය වෙයි.


බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වීමේ සිහිනයෙන් සිය නිරුවත පෙන්වීමට නොපැකිළෙන නිරූපිකාවන් බොහෝය.පසු කලෙක අතිශය ජනප්‍රිය තලයන්ට පැමිණි බොහෝ නිළියන් ක්ෂේත්‍රයට පිවිසි යුගයේදී නිරුවත පෙන්වීමට පැකිලී නැත.සිය සිරුරේ සුන්දරත්වය සේම නිරුවත පෙන්වීමේ ධෛර්යද තිබුනද සියළු දෙනාට සිය සිහිනය සැබෑ කරගැනීමේ වාසනාව හිමිවන්නේ නැත.


මේ අතරින් සාර්ථකත්වය ලැබ බොලිවුඩය ඉක්මවා හොලිවුඩය ද ආක්‍රමණය කිරීමට වාසනාවද සමත්කම ද පෑ නිළියකි මල්ලිකා...මල්ලිකා ෂෙරාවත්..සාම්ප්‍රදායික ඉන්දියානු පවුලක උපත ලබා ඇති මල්ලිකාට මෙවන් ගමනක් පැමිණීම කිසිසේත් පහසු නොවන්නට ඇති.කෙසේ වතුදු අවසානයේ ඇය ඇගේ අරමුණ ජයග්‍රහණය කර තිබෙනවා.


ඇය සිනමාවට පිවිසීමේදී ඇගේ පවුලෙන් දැඩි විරෝධතා එල්ලවුණු බවද මුල් යුගයේදී ඇය  සමඟ ඇගේ පවුල සබඳතා නොපැත්වූ බවද පැවසෙනවා.වර්තමානයේදී ඇගේ වෘත්තීය තෝරාගැනීම ගැන පවුලේ එකඟතාව ලැබී ඇතැයි කියවුනද මෙයින් ඔප්පු වන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් වෙනස්ව සිතන්නන්ට සහ   කටයුතු කරන්නන්ට මුහුණ පාන්නට සිදුවන පොදු අභියෝගයකි.

ඇය දිල්ලි විශ්ව විද්‍යාලයේ දර්ශනය පිලිබඳව උපාධිධාරිණියක් බවද සැළකිය යුතු කාරණයක්.


ඇගේ ආරම්භය සටහන් වෙන්නේ රූපවාහිනි වෙළඳ දැන්වීම් සහ ගීත වීඩියෝ වලින්.

2002 දී ඇගේ සිනමා ජීවිතය ඇරඹෙන්නේ Jeena Sirf Merre Liye නම් චිත්‍රපටයේ ඉතා කුඩා චරිතයක රංගනයෙන්.

හොලිවුඩ් Unfaithful චිත්‍රපටයෙන් ආභාෂය ලැබූ Murder  (මිනීමැරුම) (2004) තුලින් ඇය සිහිනය ජයගන්නවා. ඇය සිනමා ලෝකයේ අවධානය තමා වෙත දිනා ගන්නවා. Murder  2004 වසරේ වැඩිම අවධානයක් දිනාගත් super hit චිත්‍රපටයක් බවට පත්වෙනවා.මේ ලිපියේ උද්ධෘතය සඳහා නිමිති වූයේ ඒ කරුණයි.








බොලිවුඩය ඉක්මවා ජාත්‍යන්තර අවධානය දිනාගන්නට ඊලඟ වසර වනවිට ඇය සමත් වෙනවා. 2005 දී Jackie Chan  සමඟ The Myth   නම් චීන සිනමා පටයේ පෙනී සිටින්නට ඇයට ඇරැයුම් ලැබෙනවා.


2007 දී මනි රත්නම් ගේ "ගුරු" චිත්‍රපටයේ " Maiya-Maiya" ගීතයට ඇය ඉදිරිපත් කරන රංගනය ද සුවිශේෂ අවස්ථාවක්. Belly Dancer කෙනෙක් ලෙස ඇය  රැඟූ  Maiya-Maiya ගීතය  චිත්‍රපටයට සුවිශේෂ ආලෝකයක් එකතු කළා.





එම වසරේ තිරගත වූ Aap Ka Suroor - The Real Love Story  නම් චිත්‍රපටයේ..මිනිත්තු 10 ක පෙනී සිටීමක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 15 ක් අය කිරීමට තරම් ඇය වටිනාකමක් හිමිකර ගන්නවා.

2009 දී ඇය හොලිවුඩ් සිනමාවට එක්වෙනවා. ඒ Hisss චිත්‍රපටයෙන්. ඇගේ ඊළඟ හොලිවුඩ් චිත්‍රපටය Politics of Love (2011).

ඇය අද වනවිට සිනමාවේ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙනවා.ලෝක මට්ටමේ අවධානය දිනූ නිළියක් වන්නට ඇය කෙටි කලකින් සමත් වී තිබෙනවා. සුන්දර රුවද රංගන හැකියාවද වාසනාවද ආදී බොහෝ හේතු ඇගේ ගමනේ සාර්ථකත්වයට හේතු ලෙස හඳුනාගත් හැකිය. නමුත් ඒ අතරින් ප්‍රධානම හේතුව සාම්ප්‍රාදායික සීමා ඉක්මවා යාමට ඇය තුළ වූ ධෛර්ය බවයි මගේ අදහස.


Thursday, April 19, 2012

මාලිනියේ....

මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්‍යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්‍ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්‍රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්‍රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් රසිකයන් පිරිසක් අමන්දානන්දයට පත්කළ ඇගේ ගමන ආරම්භ වෙනවා.....

"වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා" ඇයයි.

"පුංචි බබා" හි ඇය රඟපාන්නේ එකල ලාංකේය සිනමාවේ දැවැන්ත රංග පෞර්ෂයක් වූ "ජෝ අබේවික්‍රමයන්" සමඟයි.

ඇගේ රුව සිනමාව වෙනුවෙන්ම දෙවියන් මැවූ ත්‍යාගයක් බව ඉක්මනින්ම සිනමා අධ්‍යක්ෂවරුන් වටහා ගන්නවා.චිත්‍රපටවලට ඇරැයුම් ඇය වෙත ගලා එන්නට පටන් ගන්නවා. ඇය ඉක්මනින්ම ලාංකේය සිනමා රසිකයාගේ සිහින කුමරිය බවට පත්වෙනවා.


සිනමාවේ ජයකෙහෙළි නංවා සිටි දැවැන්ත සිනමා පෞර්ෂයන් හා රංගනයට ඇයට ඉක්මනින්ම අවස්ථාව උදාවෙනවා. ඉතා කෙටි කලකින් ඔවුන් හා සමානම දැවැන්ත සිනමා පෞර්ෂයක් බවට ඇය පත්වෙනවා.එය හුදෙක් රූපයේ අසමසම සුන්දරත්වය නිසාම පමණක් නොවේ.අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවක්ද උරුම කරගැනීමට ඇය වාසනාවන්ත වී සිටියා.

සිංහල සිනමාවේ අමරණීය "ගාමිණි-මාලනි යුගය" ඇරඹුනා.

ලාංකේය සිනමාවේ අග්‍රතම ඵලය ලෙස අද ද සැලකෙන " නිධානයේ" විලී අබේනායක සහ අයිරින් තිරයේ මැවුනේ ඇයගේ ද ගාමිණී ගේද එකිනෙකාට නොපරදින රංගන කෞශල්‍යයෙන්.











 සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවාගේ කිරුළ ගාමිණි ගෙන් විජය ට මාරුවුනා.නමුත්  සම්භාව්‍ය, ගැඹුරු සිනමාවේ මෙන්ම සරල විනෝදාත්මක සිනමාවේ ද දිගින් දිගටම කිරුළ පැළඳියේ මාලනියයි. ඉනික්බිති ඒ "විජය-මාලනි යුගය" නම් වී...:-)

සුන්දර, කඩවසම් විජය සැබෑ ලෝකයේදීත් ඇගේ පෙම්වතා වුනා.ඔවුන් දෙදෙනා අතිශය ජනප්‍රිය වූ "තුෂාරා" හි පෙම් රැඟුම් මැවුයේ සැබෑ ලෝකයේ දීත් පෙම්වතුන්ව සිටි යුගයේදීයි.



විජය හා සමඟ ගැඹුරු සිනමා නිර්මාණයකට ඇය දායක වනවා 1978 දී.. නාගරික සල්ලාල ධනපතියෙකුට බිලිවන මුහුදුකරයේ අහිංසක යුවතිය ..."හෙලන්".. මාලනිය විසින් තිරයේ මැවූයේ ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්" නම් විශිෂ්ට සිනමා නිර්මාණයේදී.




පළමු වතාවට ලාංකේය සිනමාවට අන්තර්ජාතික සම්මානයක් දිනා දෙන්නේ ඇයයි. ඒ 1975 දී මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබමින්.

විජය හා එක්ව මැවූ තාරුණ්‍යයේ මිහිරියාව......."යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ"....."දියමන්ති" චිත්‍රපටයෙන්..








ගීතමය ජවනිකාවල ඇය මැවූ සොඳුරු රැඟුම්.....

   -:ගාමිණි- මාලනි ගීත මෙතනින්
   -:සල් සපු නා   - සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: ඉර සඳ වැඳලා -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මී පිරුණු සුවඳ මල් වනේ  -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මීදුම් ගලා කන්දේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: කලක් තිස්සේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: ජීවනයේ මී වනයේ  - තුෂාරා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: තරහදෝ    - සඳ වට රන් තරු චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: ඔබ ලඟ ඉන්න   -  වාසනා චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: කලක් ඇවෑමෙන් පෙරුම් පුරා  - අපේක්ෂා චිත්‍රපටයෙන්  - කලංසූරිය සමඟ
   -: සීත අරණේ සුපුල් නාමල - ආරාධනා චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -: උන්මාද සිතුවම්  - එක්ටැම් ගේ චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -:  සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා - අපේක්ෂා චිත්‍රපටයෙන්  -  අමරසිරි කලංසූරිය සමඟ
   -:  මාල ගිරා ගෙල   - වසන්තයේ දවසක් චිත්‍රපටයෙන් - රවීන්ද්‍ර සමඟ
      
                                                


වදන්  කුමකටද මේවායේ සෞන්දර්ය වර්ණනයට...
[youtube එකට ජයවේවා   :-)  ]

සොල්දාදු උන්නැහේ, බැද්දේගම, ඉන්දුට මල් මිටක්, සිරිපාල හා රන්මැණිකා සහ එක්ටැම්ගේ තවත් අමතක කළ නොහැකි නිර්මාණ කීපයක්.





140 කට අධික සිනමා නිර්මාණයන්ගෙන් අප පිනවූ ඇය ලක් මෑණිය සැරසූ අගනා මිණි කැටයක් බඳු චරිතයක්.ලක් මවට අභිමානයක්.





"ගාමිණි-මාලනි" සහ "විජය-මාලනි" යුගයන් මැවූ ගාමිණී ද විජය ද අද අප අතරින් සමු අරන්. අප අතර සිටින්නේ මාලනිය පමණයි. පරම්පරා ගණනක ආදරය, ගෞරවය දිනූ මාලනියේ..ඔබට සදා ජය....!






[ අප්‍රේල් 30 උපන් දිනයට සුභ පැතුම් මේ සමඟින් ]

මාලනියට ප්‍රිය කරන ඔබට මේ ඇරැයුම ඇය ගැන, ඇගේ චිත්‍රපටි ගැන සටහනක් තබන්නට...

Wednesday, April 4, 2012

ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය......


ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි.

ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා.
ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993)  සහ  Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය, Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගනිමින්.

මුල් යුගයේ සාර්ථක වූ තවත් චිත්‍රපටයක් තමයි 95 දී සල්මාන් ඛාන් සමඟ එක්ව රඟපෑ  කරන් අර්ජුන්.
නමුත් ඔහුගේ turning point එක 1995 දී තිරගත වූ Dilwale Dulhania Le Jayenge  මෙයින් ඔහු හින්දි සිනමාවේ අංක එකේ සුපිරි තරුව බවට පත්වෙනවා.ඔහු ඉන්පසුව ආපසු හැරෙන්නේ නැහැ.කොතරම් අළුත් නළුවන් ආවත් වර්තමානය වනතුරුම බොලිවුඩ් සිනමාවේ අංක එකේ සුපිරි තරුව ලෙස කියවෙන්නේ ඔහුගේ නාමය.
ඔහු හැඟීම්බර රංගනයට අති දක්ෂයෙක්.(ඉස්සර කාලේ ෆිල්ම් වල කොල්ලා, කෙල්ලව දිනාගන්නේ ෆයිට් කරලා..වීරයෙක් වෙලා. නමුත් ෂාරුක් නම් බොහෝ ෆිල්ම් වල කෙල්ලව දිනා ගන්නේ අඬලා. :-)  )
 

මේ හැඟීම්බර චරිතවලට මිනිසුන්ගේ ස්වභාවයෙන්ම ඇති ආදරය තුලින් ෂාරුක් ඉහලම ජන ප්‍රසාදය ලැබුවා.එතෙක් තම පෙනුමෙන්, නැටුමෙන්, ෆයිට් වලින් වීරයෝ වුනු චරිත මේ ට්‍රෙන්ඩ් එකත් සමඟම පසුපසට තල්ලු වුනා.අදටත් ෂාරුක් ට වඩා හොඳ  Handsom,නටන්න, ෆයිට් කරන්න පුළුවන් නළුවන් හින්දි සිනමාවේ සිටියත් ෂාරුක් ට වගේ අඬන්න පුළුවන් කෙනෙක් නම් නැහැ. (පැහැදිලිවම ඔහුගේ රංගනයට ඇති අසමසම හැකියාව අවිවාදිතයි.)


92 සිට 2011 දක්වා ඔහු රඟපා ඇති චිත්‍රපට ගණන 70 කට අධිකයි.ඒවා අතරින් වඩාත් අවධානයට, ආකර්ශනයට හා සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙස පහත චිත්‍රපට සඳහන් කරන්නට පුළුවන්.

1.  1995 - Dilwale Dulhania Le Jayenge
2.  1997 - Dil To Pagal Hai
3.   1998  - Dil Se..
4.   1998 - Kuch Kuch Hota Hai

5.   2000 - Mohabbatein
6.  2001  - Kabhi Khushi Kabhie Gham...

7.  2001 - Asoka

 8. 2002 - Devdas

9. 2002 - Hum Tumhare Hain Sanam
10. 2003 - Kal Ho Naa Ho
11. 2004 - Swades
12. 2004 - Veer-Zaara
13. 2006 -  Kabhi Alvida Naa Kehna
14. 2006  - Don: The Chase Begins Again
15. 2007  - Chak De! India      

ඔහුගේ චිත්‍රපට අතරින් මා කැමතිම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ 
|
|
|
|
| 
1917 දී  Sarat Chandra Chattopadhyay අතින් නිර්මාණය වූ ශෝකී නවකථාව...
...තුන්වෙනි වරටත් සිනමාවට නැඟුණු......
|
|
|
|
|
 Devdas............

 

Hamesha Tumko Chaha song - Devdas

 
ඔබත් ෂාරුක් රසිකයෙක් නම් මේ ඇරැයුම ඔබ කැමතිම ඔහුගේ චිත්‍රපටය  ගැන සටහනක් තබන්නට...:-) 








Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters