"ප්‍රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?
ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් අසීමිත ලෙස වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.
ඔහුගේ වෙහෙස මහන්සිය, කැපවීම දශක ගණනාවක් තිස්සේ විහිදුනා.කථිකත්වය, සංවිධාන ශක්තිය,උපායශීලීත්වය, දක්ෂයන්ගෙන් වැඩ ගැනීමේ කලාව වගේ නායකත්ව ලක්ෂණ ඔහු උපරිමයටම ප්‍රගුණ කළා.
රට පුරා නිවාස හදපු මිනිසා....දහස් ගණනකට රැකියා දුන් මිනිසා...දුප්පතුන්ට ජනසවිය දුන් මිනිසා...ඔහු කළ තරම් වැඩ කළ දේශපාලන නායකයෙක් ලංකාවේ තවත් සිටියේද???
80 දශකයේ මුල භාගය දක්වාම මිනිස්සු ඔහුට ආදරය කළා.අගමැති ප්‍රේමදාස පොදු ජනයාගේ මිනිහෙක් ලෙසයි හැඳින්වුනේ.
නමුත් අවසන් වසර කීපය තුල දෛවය විසින් ඔහුව ඇදගෙන ගියේ කවර නම් දිශාවකටද? අවසානයේ ඔහු කොයි තරම් ජනතාවගේ පිළිකුලට භාජනය වී සිටියාද? පක්ෂ භේදයකින් තොරව ඔහුට ආදරය කළ මිනිසුන්ම අවසානයේදී පක්ෂ භේදයකින් තොරව ඔහුට වෛර කළා.පිළිකුල් කළා.
එසේ වූයේ ඇයි? ජේවීපී භීෂණය පරාජය කරන්න භීෂණ ක්‍රියා මාර්ගයම තෝරා ගන්න ඔහුට සිදුවුනා සේම ජේවීපී නිමාවෙන් පසුවද රාජ්‍ය භීෂණය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න ඔහු පෙළඹුනා.බලය පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ඔහු වියරු මිනිසෙක් බවට පත්වී සිටියා.අධිකතර හීනමානයකින් පෙලුනා.ලෝරන්ස් මාෆියාවෙන් රටක් බියපත් කළා.
එල්.ටී.ටී.ඊ ක්‍රියාත්මක ඒ යුගයේදී, බෝම්බයකින් මියයාමට සිදුවීම ඒ තරම් කණගාටුවට කරුණක් නෙමෙයි, .නමුත් දශක ගණනාවක් තිස්සේ ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ රටේ ජනතාවම ඔහුගේ මරණයෙන් උද්දාමව කිරිබත් කමින්, රතිඥ්ඥා පත්තු කරමින් සතුටු වන්නට සැලැස්වීම නම් දෛවයේ අකරුණාවන්ත සරදමක්.
මේ තරම් දක්ෂකම් ඔහුට උරුම කළ දෛවයම, ඔහුව මේ තරම් දුෂ්ටයෙක් බවට පත්කිරීම කොයිතරම් නම් අවාසනාවක්ද???
දෛවය හෙතු කාරකය කර ගෑනීමට වඩා බල ලෝබීත්වය හෙතු විදියට ගත්තා නම් සාදාරනයි කියලා මට නම් හිතෙන්නේ,කෙසේ හෝ බලය පවත්වා ගෑනීමේ උත්සහය තුලදී සාමාන්ය්‍ය ජනයා අතර පිරිහීම නිරන්තරයෙන් සිදු වන්නක්,වර්තමානයේද ඒ දෙම නෑවත දෑක ගත හෑක..
ReplyDeleteපිරිහීමට මුල බලලෝභය බව ඇත්ත. නමුත් මෙලෙස සිද්ධි පෙළ ගැසුනේ ඇයි කියන කාරණයේදී "දෛවය" කියනු හැරෙන්නට වෙන කිව හැකි දෙයක් නැහැ.
Delete"වර්තමානයේද ඒ දෙම නෑවත දෑක ගත හෑක.."
-එකඟයි.
බලය කියන එක උපරිමයෙන් ලැබුණාම, ඒ බලය අහිමි වීමේ තර්ජනයක් දැනෙන්නට උනාම කෙනෙක් මේවාගේ අවාසනාවන්ත තත්වයකට පත්වෙන්න පුලුවන් නේද?
ReplyDeleteලැබූ බලය දිගටම පවත්වා ගැනීමට දරණ උත්සහයේදී තමයි බොහෝ නායකයන් ඇනගන්නේ.පැහැදිලිවම ප්‍රේමදාසට සිදුවූ දෙය අවාසනාවන්ත තත්වයක්.
Deleteඇත්තටම අද දේශපාලනය කරන බොහො දෙනෙකුට දේශපාලනයේදි තමන්කළයුතු දේ පිළිබදව දැක්මක් නැ. නමුත් ප්‍රේමදාස ජනාධීපතිට රට පිළීබදව තමන්ට අවේනික භූමිකාවක් තිබුනා.
ReplyDeleteපැහැදිලිවම අති දක්ෂ නායකයෙක්;රට පිළිබඳ සැබෑ දැක්මක් සහ වැඩ පිළිවෙලක් තිබුණු.
Deleteතමන්ගේ අවසානය දක්වාම සාර්ථකත්වයේ හිණි පෙත්තේ ඉන්න නූතන ශ්‍රී ලාංකික දේශපාලනඥයන්ට පුලුවන්ද ??
ReplyDeleteමිනිස්සු අකමැතිව බලෙන් ඉන්න ගියාම තමයි කරපු හොඳ වැඩවල කීර්තියත් අහිමි වෙලා කුජීත වෙන්නේ.නියම ප්‍රජාතන්ත්‍රවාදීව, වැදගත් විදිහට චන්ද පවත්වලා, මිනිස්සු යන්න කියූ දවසට ගෙදර ගියාම, හිටපු කාළේ කළ යහපත් ක්‍රියාවල ගුණ සුවඳ හැමදා පවතිනවා."කන්නන්ගර" වාගේ අතීත දේශපාලනඥයන් චන්දවලින් පැරදිලා ගෙදර ගියත්, අදටත් අවංක ගෞරවය ලබනවා.
Deleteප්‍රේමදාස මහතා අති දක්ෂයෙක් බව ඇත්ත. ඒත් අපේ රටේ දේශපාලන නායකත්වයට පුද්ගල සාධකය වැදගත් නෑ. ප්‍රේමදාස බලෙන් හෝ එජාපයේ නායකත්වයට පත්වෙන්නේ, ඒ වෙලාවෙ රටේ තිබුණ තත්ත්වය අනුව යූඑන්පියෙ සැබෑ හිමිකරුවන් පස්ස ගැසූ නිසයි. නායකත්ව තරගය තිබුනේ ලලිත්, ගාමිණි සහ ප්‍රේමදාස අතරයි. ලලිත් සහ ගාමිණිගේ උත්පත්තිය ප්‍රේමදාසට වඩා උසස් පන්තියක උණත්, වෙලාවෙ හැටියට සුදුසුම පුද්ගලයා තමා ප්‍රේමදාස. එයාට තිබුණෙ අමාරු කාලෙ අල්ලගෙන යන්ඩ විතරයි. ඊට පස්සෙ නැවතත් සුපුරුදු ලෙස ඒ නායකත්වය සැබෑ ධනපතියන් විසින් ඩැහැ ගත්තා.
ReplyDeleteසජිත්ට කවදාවත් යූඑන්පියෙ නායකයා වෙන්ඩ හම්බ වෙන්නැත්තෙත් ඔය කාරණය උඩමයි. රුවන් විජේවර්ධන උඩට එනකම් රනිල් අල්ලන් ඉන්නවාමයි. ඒ නිසාමයි සරත් ෆොන්සේකාව යූඑන්පියට නොගන්නෙත්.
අපේ රටේ විතරක් නෙමේ. තුන්වෙනි ලෝකයේ ගොඩක් රටවල ''ප්‍රජතන්ත්‍රවාදී'' දේශපාලනය ඕකයි.
නායකත්වය දායාද දෙන්න රනිල් හදනවා රුවන් විජේවර්ධනව ; මහින්ද හදනවා නාමල් බේබිව.හ්ම්ම්... තුන්වෙනි ලෝකයේ රටවල 'ප්‍රජතන්ත්‍රවාදී' දේශපාලනය..:-)
Delete