තපස්ගේ කොලම
මට හැඟෙන දෙය සහ මා විඳින දෙය...
Wednesday, September 9, 2026
විසල් ගැහැනියක ද විසල් මිනිසකු ද වූ නන්දා සහ සුනිල්
මේ දූපතේ විසල් මිනිසුන් හෝ ගැහැණුන් හිඟය. නන්දා මාලිනිය ද සුනිල් ආරියරත්න ද විසල් ගැහැනියකද විසල් මිනිසකුද වන්නේ යැයි සිතමි. ඒ විසල් බව යනු කුමක්ද?
මේ රටේ ඔවුන්ගේ නිර්මාණ තුලින් රසවත් වූ , පරම්පරා කීපයක ජනතාවක් සිටී. හුදෙක් එය ගීත රස වින්දන කලාවට ලඝු නොවේ. ඇය මිහිරි කටහඬකින් ගී ගැයූ ගායිකාවක පමණක් නොවේ.
ඇය ජීවිතය ගැයුවාය. ලංකාවේ අන් කවර ගායිකාවක හෝ එය සිදු කර නැත. ජීවන දර්ශන , දේශපාලන දර්ශන, ජීවන ආකල්ප , සාහිත්‍ය එක් කළ මහරු ගී පද වැල් සුනිල් ආරියරත්නයන් ලිව්වේය. එසේ ලිවිය හැක්කෙක් තවත් නැත. ඇය ඒවා ගැයීමටම උපන්නා සේ මහා පරිපූර්ණත්වකින් , ඒවා ගැයුවාය.
සුනිල් ආරියරත්නයන් පෑනෙන් මැවූ ඒ විස්කමට කිසිම අඩුවක් වන්නට ඉඩ නොදෙමින් ඒ තරමටම විස්කම් ගායනයකින් ඒ නිර්මාණ පරිපූර්ණත්වයට ඔසවා තබන්නට නන්දා මාලිනි සමත් වූවාය. ඒ ගායනා මධුර විය. නියම ස්වර ස්ථානවලින් ගැයූ සන්ගීතමය මිහිර විය. ඒවයේ අර්ථය නියමාකාරයෙන් මතුකළ භාව ප්‍රකාශනය විය. නිසි ලෙස වචන උචචාරණයෙන් මතුකල භාශාමය රසය විය.
මගේ කලා අවබෝධය කෙසේ වූවත් මටනම් ලාංකේය ගීත කලාවේ පරිපූර්ණ නිර්මාණ නන්දා මාලිනි-සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් නිර්මාණය වූ ගීතයි.
ඒවා අර්ථ රසයේත්, භාවිත වචනවල් සාහිත්‍ය රසයේත්, ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට කැඳවාගෙන යන ජීවන දර්ශනයේත් පරිපූර්ණ නිමැවුම් වූහ.
Subscribe to:
Posts (Atom)
Popular Posts - Last 30 Days
-
http://www.star-clicks.com/?ref=50485357 ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්රබල දේශපාලන ...
-
රියැලිටි ප්රෝග්රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන...
-
දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති ...
-
විශ්ව විද්යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහ...
-
ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි. ඔහ...
-
http://www.star-clicks.com/?ref=50485357 කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" ...
-
"ප්රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන ...
-
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔ...
-
හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ...
-
මේ දූපතේ විසල් මිනිසුන් හෝ ගැහැණුන් හිඟය. නන්දා මාලිනිය ද සුනිල් ආරියරත්න ද විසල් ගැහැනියකද විසල් මිනිසකුද වන්නේ යැයි සිතමි. ඒ විසල් බව යනු ...
