Wednesday, September 9, 2026

විසල් ගැහැනියක ද විසල් මිනිසකු ද වූ නන්දා සහ සුනිල්

මේ දූපතේ විසල් මිනිසුන් හෝ ගැහැණුන් හිඟය. නන්දා මාලිනිය ද සුනිල් ආරියරත්න ද විසල් ගැහැනියකද විසල් මිනිසකුද වන්නේ යැයි සිතමි. ඒ විසල් බව යනු කුමක්ද? මේ රටේ ඔවුන්ගේ නිර්මාණ තුලින් රසවත් වූ , පරම්පරා කීපයක ජනතාවක් සිටී. හුදෙක් එය ගීත රස වින්දන කලාවට ලඝු නොවේ. ඇය මිහිරි කටහඬකින් ගී ගැයූ ගායිකාවක පමණක් නොවේ. ඇය ජීවිතය ගැයුවාය. ලංකාවේ අන් කවර ගායිකාවක හෝ එය සිදු කර නැත. ජීවන දර්ශන , දේශපාලන දර්ශන, ජීවන ආකල්ප , සාහිත්‍ය එක් කළ මහරු ගී පද වැල් සුනිල් ආරියරත්නයන් ලිව්වේය. එසේ ලිවිය හැක්කෙක් තවත් නැත. ඇය ඒවා ගැයීමටම උපන්නා සේ මහා පරිපූර්ණත්වකින් , ඒවා ගැයුවාය.
සුනිල් ආරියරත්නයන් පෑනෙන් මැවූ ඒ විස්කමට කිසිම අඩුවක් වන්නට ඉඩ නොදෙමින් ඒ තරමටම විස්කම් ගායනයකින් ඒ නිර්මාණ පරිපූර්ණත්වයට ඔසවා තබන්නට නන්දා මාලිනි සමත් වූවාය. ඒ ගායනා මධුර විය. නියම ස්වර ස්ථානවලින් ගැයූ සන්ගීතමය මිහිර විය. ඒවයේ අර්ථය නියමාකාරයෙන් මතුකළ භාව ප්‍රකාශනය විය. නිසි ලෙස වචන උචචාරණයෙන් මතුකල භාශාමය රසය විය. මගේ කලා අවබෝධය කෙසේ වූවත් මටනම් ලාංකේය ගීත කලාවේ පරිපූර්ණ නිර්මාණ නන්දා මාලිනි-සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් නිර්මාණය වූ ගීතයි. ඒවා අර්ථ රසයේත්, භාවිත වචනවල් සාහිත්‍ය රසයේත්, ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට කැඳවාගෙන යන ජීවන දර්ශනයේත් පරිපූර්ණ නිමැවුම් වූහ.

No comments:

Post a Comment

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters