Saturday, April 2, 2011
2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................?
අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස...
අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව...
දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී..
..
මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව පුරවන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු....
කාසියේ වාසිය දිනන කණ්ඩායම බොහෝ දුරට පළමුවෙන් පන්දුවට පහර දේවි...
ලකුණු 250ක්, 260 ක් කියන්නේ මේ ක්‍රීඩාංගනයේදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක්..
අපේ අවුල මැද පෙළ..මේ තරඟයේදීවත් තම යුතුකම ඉටු කරාවියැයි බලාපොරොත්තුවෙමු...
අද දවස ගැන බලාපොරොත්තු නම් උපරිමයි..නමුත් බලාපොරොත්තු වලට විතරක් තරඟ දිනන්න බැරි බව අපි දන්නවානේ...
සන්සුන් මනසින්..නිවැරදි සැලස්මෙන්..නොපසුබසින ධෛර්යයෙන්..යුතු අපේ කොල්ලන් ගැන අපි විශ්වාසය තබමු...
.සංගා සහ පිරිවරට ජය....!!! ශ්‍රී ලංකාවට ජය...!!!
ප.ලි. : මාතෘකාවේ ඇති ප්‍රශ්නාර්ථ ලකුණ තව පැය කීපයකින් ඉවත් කරන්න හැකිවේවිද???....!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts - Last 30 Days
-
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහ...
-
චිත්‍රපට , ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම , ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල...
-
ක්‍රිකට් වලදී අනාවැකි කීම කොහොමටවත් පහසු දෙයක් නෙමෙයි..... හිතාගන්න වත් බැරි දේවල් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ....ක්‍රිකට් වල සුන්දරත්වයත් ...
-
අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත...
-
හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ...
-
රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන...
-
http://www.star-clicks.com/?ref=50485357 ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන ...
-
මාතා ගැන ලියන්නට පළමුව "බුඩී" ගැන යමක් ලිවියයුතු වෙනවා.."බුඩී" හෙවත් විශ්වනාත් බුද්ධික කීර්තිසේන...ලාංකේය සිනමාවට ...
-
2011 රනිල්ගේ නායකත්වයේ අවසන් වසරද? ඔහුගේ දේශපාලනයේ අවසන් වසරද? අපි බලා හිඳිමු සිදුවන්නේ කුමක්ද කියා... ඒ අතරේදී ඔහුගේ දේශපාලන භූමිකාව වි...
-
"අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂ...
තිසර ගහනවද? ඔව් අඩුම තරමේ එක ඩෑෆ් ප්ලේවයර් කෙනෙක්වත් ඕනේ තමා. රංගන තමා එහෙම වුනොත් කැපෙන්නේ.
ReplyDeleteජය වේවා අපේ පිළට.
jaya weiwa!
ReplyDeleteරංග මගේ ලෝකයෙ තිබ්බ පාර දිගේ ආවේ ......ආ බවට සටහනක් තබා යමි.. ෆලෝවරස් වෙන්න බැහැනෙ මට........ම්ම්ම
ReplyDeleteComments වලට ස්තූතියි..
ReplyDeleteඇත්තටම කලකින් සටහනක් තැබුවේ නැහැ..[ලෝක කුසලාන අවසාන තරඟය ගැන සටහනින් පසු]
බලාපොරොත්තු වෙනවා ආයෙත් ලියන්න වෙලාව ලැබෙන පරිදි..