Wednesday, September 9, 2026
විසල් ගැහැනියක ද විසල් මිනිසකු ද වූ නන්දා සහ සුනිල්
Wednesday, February 25, 2026
මේ රෑ සීතලේ..
මේ රෑ සීතලේ..
පුර සඳක් දිලිසෙතේ..
සඳ කිරණ ගලාලා..
මුළු ගමම එළිවෙලා....
පුර පෝය ලැබුව දා..
මුළු ගමම එක්වෙලා..
මේ ගමේ..පන්සලේ..
මල් පහන් පුදනවා..
මේ ගමේ සැමදෙනා
සුදු වතින් සැරසිලා..
බුදු සමිඳු ඉදිරියේ..
දණ නමා වඳිනවා..
Friday, August 1, 2025
"දේවි කුසුමාසන" ද ? "කොනප්පු බණ්ඩාර" ද?
ලංකාවේ ඉතිහාසය විෂයට ප්‍රිය කරන මගේ ලෝකයේ වීරයෙකු වන... සාමාන්‍ය වීරයෙකු නොව සුවිශේෂී වීරයෙකු වන. කොනප්පු බණ්ඩාර ගැන චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙද්දී එය නරඹන්න උවමනාවක් තිබුණා.
එය නිර්මාණය කරලා තියෙන්නේ දඬුබස්නාමානය, වෙද හාමිනේ සහ ගරිල්ලා මාකටිං වැනි ලංකාවේ කලාව තුළ next level වැඩ පෙන්නපු ජයන්ත චන්ද්‍රසිරි වීම එය නැරඹීමේ උවමනාව තීව්ර කළා.
ඒ වගේම, මහනුවර නගරයේ මැතකදි විවෘත වූ අළුත්ම සිනමා ශාලාව වන JP Cineplex එකේ චිත්‍රපටයක් නැරඹීමේ අත්දැකීම විඳගන්න උවමනාවක් තිබුණා.
ඒ සියළු කාරණා නිසාවෙන් පසුගියදා ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "දෝන කුසුමාසන" නැරඹුවා.
මුලින්ම කියන්න තියෙන්නේ බොහෝ දෙනා ඉතිහාස කතා, රාජ කතා තම සිනමා නිර්මාණවලට වස්තු විෂය කරගන්නා මේ කාලයේ කොනප්පු බණ්ඩාර වගේ ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී වීරයෙකුගේ කථාව සිනමාවට ගෙන ඒම වෙන කෙනෙකු අත ගහන්නට කලින් ජයන්ත චන්ද්‍රසිරි අතින් සිදුවීම සතුටට කරුණක්.
දෙවනුව , මේ චිත්‍රපටයේ නම සමහරුන් ප්‍රශ්නයක් කරගෙන ඇති බව සමාජ මාධ්‍ය හරහා දකින්නට ලැබුනා. මේක කොනප්පු බණ්ඩාර ගැන කථාව බව ඇත්ත. නමුත් මේ චිත්‍රපටයට "කොනප්පු බණ්ඩාර" කියලා නම දැම්මානම් කී දෙනෙක් බලන්න එයිද? කී දෙනෙක් "කොනප්පු බණ්ඩාර" ගැන දැනගෙන ඉන්න ඇතිද මේ චිත්‍රපටයට කලින්. ඉතින් "දේවි කුසුමාසන" නම දාන්න ඇත්තේ marketing අරමුණකින්. එවැනි දේ කරන්න වෙනවා මන්ද, සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයක්ද වන නිසා.
චිත්‍රපටය ගැන ලියන්නට කලින් කොනප්පු බණ්ඩාර ගැන ලිවිය යුතුයි. (මන්ද, අද කාලයේ ඉතිහාස දැනුම ඇති අය අඩු බව පෙනෙන්නට තිබෙන නිසා.)
ලාංකේය ඉතිහසය හදාරන විට හමුවන වීරයන් අතරින් කොනප්පු බණ්ඩාර සුවිශේෂි වන්නේ ඇයි ?
ඔහුගේ නමින් පවා ඔහු අනන්‍ය මිනිසෙක්. ඔහුගේ මවගේ නම ඇසුරින් සාදාගත් විමලධර්මසූර්ය නම එතෙක් සිංහල රාජාවලියේ භාවිතා වූ නමක් නොවේ. ඔහු පළමුවන විමලධර්මසූර්ය මිස දෙවන,තුන්වන හෝ හතර වන පරාක්‍රම බාහු හෝ විජයබාහු නොවේ.
සේනා සම්මත වික්‍රමබාහු විසින් 1469 දී ආරම්භ කෙරුණු සේ සැලකෙන මහනුවර රාජධනිය වසර 123 ක් පමණම පැවතුනේ කෝට්ටේ හෝ සීතාවක යටත් රාජ්‍යයක් ලෙසින්. 1592 දී එය ස්වාධීන රාජ්‍යක් බවට පත් කරන්නේ කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූර්ය විසින්.
වසර දෙසීයකට වැඩි ගණනක් විදේශිකයන්ට යටත් කරගැනීමට බැරිවුණු එකම රාජ්‍යය ලෙස පැවතීමේ ගෞරවය, එය ස්වාධීන රාජ්‍යක් ලෙස ගොඩනැගූ ඒ මිනිසාට හිමිවිය යුතු නොවේද ?
තමන්ගේ ගේම් එක සාර්ථක අවසානයක් කරන ගෙනයාමට සමත් වූ වීරයෙක් විදිහට මට ඔහු ගැන සුවිශේෂි ගෞරවයක් තියෙනවා.
කැප්පෙටිපොල, පුරන් අප්පු පවා වීරයන් වූවත් ඔවුන්ගේ ගේම් එක ජයග්‍රහණය කරා ගෙනයන්න ඔවුන් සමත් වුනේ නැහැ ක්‍රිකට් මැච් එකක සීයක් ගැහුවට වැඩක් නැහැ මැච් එක පරාදයි නම්.
ඔහු රජ පෙළපතකින් පැමිණියේ නැහැ. ඔහු සැබෑ බුද්ධිමත්, උපායශීලි නායකයෙක්. දොන් පිලිප් පෘතුගීසීන්ගේ රූකඩයක් වූවත් දොන් ජෝන් එක්ක ඒ සෙල්ලම් දාන්න පෘතුගීසීන්ට බැරිවුනා.
ඒ කාලයේ ලංකාවේ පොලිටිකල් ගේම් එකේ හිටපු අණ්ඩපාලම චරිතය"අරිට්ට කී වෙණ්ඩු" ටත් උපායෙන්ම ගේම් එක දෙන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා.
Politics කියන්නේ ගේම් එකක්. ඒක වර්තමානයේත් එහෙමයි, අතීතයේත් එහෙමයි. ඒ කාලයේ, ලංකාවේ දේශපාලන ගේම් එකේ හිටපු පෘතුගීසීන්, සීතාවක රාජසිංහ විතරක් නෙමෙයි ඒ කාලයේ ලොකු ගේම් ගහපු, චිත්‍රපටයේ පෙන්වනවා සේම බොහෝ දුරට කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණඩාරගේ මරණයට හවුල් වූ අරිට්ටකී වෙණ්ඩු වත් රණශූරත්වයෙන් විතරක් නෙමෙයි බුද්ධියෙනුත් පරාජය කරන්න ඔහු සමත් වෙනවා.
චිත්‍රපටය ගැන ගත්තොත්, මේ වගේ ඉතිහාස කථාවක් චිත්‍රපටයට නඟන විට එන විශාලම අභියෝගයක් තමයි අතීතය නිර්මාණය කිරීම. පසුතල, ඇඳුම් පැළදුම් වැනි දේ තුළින් ප්‍රේක්ෂකයාට ඒ යුගය පිළිබඳව නිවැරදි හැඟීමක් ලබාදීම. ඒ අභියෝගය ජයන්ත විසින් බොහෝ දුරට ජයගෙන ඇති බව කිව යුතුය.
කොනප්පු බණ්ඩාරගේ චරිතයට වර්තමානයේ හේමාල් හැර වෙන සුදුස්සෙක් නැහැ. ඔහුගේ හැඩිදැඩි පෙනුමත්, වර්ධනය කරගෙන ඇති රංගන කුසලතාවයත් ලාංකේය සිනමාවට ඒතිහාසික වීර චරිතයකට සැබෑ සුදුස්සෙක් නිර්මාණය කරදී තිබෙනවා.
උදාරි ගේ රංගනයත් හොඳයි කියන්නට පුළුවන් මට්ටමක තියෙනවා. හොඳම ස්වාභාවික රංගනය ඉදිරිපත් කරන්නේ "අරිට්ට කී වෙන්ඩු" ගේ චරිතය ඉදිරිපත් කරන මහේන්ද්‍ර පෙරේරා බව කිව යුතුයි. අනිත් බොහෝ දෙනෙකුගේ රංගනයන් ආධුනික මට්ටමේ බවත් කිවයුතු වෙනවා.
Friday, May 8, 2020
ජනතාව මර නින්දේ - ආර්ථික අර්බුදය ඔඩු දුවයි..
ලංකාව වර්තමානයේ මූණ දීලා ඉන්නේ ඉතාම බැරෑරුම් ආර්ථික අර්බුදයක.නමුත් ඒ පිළිබඳව වන නිවැරදි වැටහීමක් ලාංකික පුරවැසියන් බහුතරයකට ඇති බවක් පෙනෙන්නට නැහැ. මෙය රටේ පාලකයන්ට පවරා ඇස් කන් වසා සිටිය හැකි තත්වයක් නෙමෙයි. නැව ගිලෙන්නේ අප සියල්ලන්ම කැටුව බවවත් අඩුම ගානේ තේරුම් ගන්නවානම් හොඳයි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය මැයි 5 දා රජයේ සේවකයන්ගෙන් මැයි මස වැටුප පරිත්‍යාග කරන ලෙස කරන ලද ඉල්ලීම,අර්බුදයේ තරම හොඳින්ම පැහැදිලි වන සිදුවීමක්.
(පී.බී.ජයසුන්දර මහතාගේ ලිපියෙන් උපුටාගත් කොටස්..)
( සම්පූර්ණ ලිපිය කියවන්න.)
ලක්ෂ 14 ක් පමණ වන රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් සහ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 100 ක් පමණ අවශ්‍ය වන බව ඔහු සඳහන් කළා.
එම මුදලම හෝ එයින් කොටසක් හෝ පරිත්‍යාග කල හැකිනම් එය අයවැය හිඟය පියවා ගැනීමට උපකාරයක් වනු ඇති. එසේම රටේ ණය කළමනාකරන ක්‍රියාවලියටත් එය විශාල සහනයක් වනු ඇති බව ඔහු සඳහන් කර තිබුනා.
මේ වසරේ ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.8 ක්. මේ මොහොත වනවිට රටේ විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන් 7.2 ක් පමණයි.
සංචාරක ව්‍යාපාරයෙන් 2018 වසරේදී ඉපයූ ආදායම ඩොලර් බිලියන 4.4 ක්. 2020 වසරේදී ණය වාරික ගෙවීමට (ඩොලර් බිලියන 4.8 ක් ) සාමාන්‍ය වසරක සංචාරක ආදායම ප්‍රමාණවත් නැහැ. දැන් කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී තියෙන තත්වයක අපට මේ ආදායමත් අහිමිව ගොසින්.
2018 දී අපනයන වලින් අප ලද ආදායම ඩොලර් බිලියන 15 කට ආසන්නයි. කොරෝනා නිසා කොතරම් අපනයන බිඳ වැටී ඇත්ද ? කොතරම් ආදායමක් අපට අහිමිව ඇත්ද ? යන්න තවම හරියටම දන්නේ නැහැ.
==========================================================
අර්බුදයේ තවත් පැතිකඩක් පෙන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 240 ක පමණ මුදලක් පසුගිය මාර්තු මුල සතියේ සිට මැයි මස මුල සතිය දක්වා වන මාස දෙකක පමණ කාලය තුල මුද්‍රණය කර තිබෙනවා. නිෂ්පාදනයේ ඉහළ යාමක් සිදු නොවී ආර්තිකයට මෙසේ මුදල් පොම්ප කිරීම නිසා උද්ධමනය විශාල ලෙස ඉහළ යාවි.
( කියවන්න. )
===============================================================
ණය ගනුදෙනු වෙනුවෙන් ශ්‍රේණිගත කිරීමක් වන Fitch Ratings වලට අනුව ශ්‍රී ලංකාව "B-" සිට " B" තත්වය දක්වා පහත හෙළා තියෙනවා. එයට හේතු ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනවාරියේ සිට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා බදු ආදායම විශාල ලෙස පහළ වැටීමත් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමට යොමු වීමත්ය. ශ්‍රේණිගතවල මේ පහළ යාම විදෙස් ණය ගැනීම් තව දුරටත් අපව දුෂ්කර අඩියකට පත් කරාවි.
කියවන්න.
Wednesday, February 12, 2020
ලග්ගල ජනතාව ට සංවර්ධනය ලැබුණාද?
ඔවුන්ගේ ඉල්ලීම කුමක්ද?
එම ඉල්ලීම් සාධාරණද?
ප්‍රායෝගිකද? යන්න විමසිය යුත්තකි.
කළු ගඟ ව්‍යාපෘතිය නිසා සිය දේපළ අහිමි වූ ගම්වැසියන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ට වන්දි ලබා දෙනු ලැබිණි. එම වන්දි අතර මුදල්මය වන්දියට අමතරව ඔවුන්ට ගොඩින් අක්කර බාගයක් සහ මඩින් අක්කර එක හමාරක් වශයෙන් ඉඩම් ද ලබාදෙන ලදි.
Friday, December 20, 2019
චම්පිකව දේශපාලනිකව විනාශ කිරීමට ඉඩ දිය යුතුද?
ඒ දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසා දේශපාලනිකව විනාශ කිරීමේ ව්‍යාපෘතිය දැන් ඇරඹී ඇත. දූෂණ, වංචා චෝදනා නැති චම්පිකගේ රිය අනතුරක් අවසානයේ ඔවුන්ට අසුවී තිබේ.මේ මොහොතේදී හිරු, දෙරණ වැනි ජනමාධ්‍යවල ශක්තියද , දේශපාලන බලයද උපරිමයෙන් යොදා ගනිමින් චම්පිකට එරෙහි ප්‍රහාරය ඇරඹී ඇත.
Sunday, November 24, 2019
යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය
යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව සිය ගමන නිමා කළාය. ඒ යුගය අප හැඳින්විය යුත්තේ කන්දක් විළිලා මී පැටියෙක් වැදූ යුගයක් ලෙසද ? නැත්නම් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති යුගයක් ලෙසද ?
යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානම චෝදනාවක් නම් මහ බැංකු බැඳුම්කර වංචාවයි. බලය ලබා මාසයක් ඉක්ම යාමට මත්තෙන් කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකෙරිණි.එයට වගකිවයුතු යැයි ඔප්පු වුණු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , අගමැති රනිල්ගේ දැඩි වුවමනාව මත ඒ තනතුරට පත්කෙරුණෙකි. මිස්ටර් ක්ලීන් යැයි කියවුණු රනිල් ඒ සිද්ධියේදී සිය නම කැත කරගත්තේ, පැරණි හොරුන්ටද නැවත අලු ගසා දමා නැගිටීමට ජීවය පිඹිමිනි. මහින්ද රජයේ සියළු දූෂණ චෝදනා අහෝසි වී ගියේ, යහපාලන ආණ්ඩුවද හොරකම ඇරඹූ බැවිනි. හොරකමට, දූෂණයට එරෙහිව මහින්ද රජය ගෙදර යැවූ යහ පාලනයක් වෙනුවෙන් ක්‍රියාකල ජනතාව සිය යහපාලන නියෝජිතයන් විසින් පාවා දෙන ලදහ.
යහපාලන රජයේ අනෙක් ප්රබලතම පරාජය / අසාර්ථකත්වය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමයි.ජනපති ද අගමැති ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද සිය වගකීම් පැහැර හැර තිබුණි. අකාර්යක්ෂම, අදක්ෂ, වගකීම් විරහිත නායකත්වය විසින් ජීවිත තුන්සිය ගණනකට අධික පිරිසක් බිලිගන්නට ඉඩ දුන්හ. සහජීවනයේ සැබෑ අර්ථය නොව ව්‍යාජය මත කටයුතු කළ ඔවුන්ට සැබෑ අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නට දැක්මක් නොවිණි.
රනිල් ප්රමුඛ යූ.ඇන්.පි ය ආර්ථික කළමනාකරණය වඩා යහපත් තැනකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණි. නමුත් එය ප්‍රමාණවත් මට්ටමකින් ඉටුවූ බවක් පෙනෙන්නට නැත. බදු ආදායම වැඩි කරගත් නමුත්, එය ජනතා සහයෝගය ඇතිව කෙරුණක් නොවේ. රටේ ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයකට වැටුණි. 2017 දී ආර්ථික වර්ධන වේගය 3.1 % ක් විය. එය වසර 16 කට පසු වාර්ථා වූ අඩුම අගය විය.
යහපාලන ආණ්ඩුවේ යම් සාධනීය ලක්ෂණ නොතිබුණාම නොවේ. එයින් ප්‍රමුඛතම වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්රබලතම චෝදනාව වූ නීතියක් නැති රටක් වෙනුවට යම් ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වීමයි. නීතියේ ආධිපත්‍ය, අධිකරණ නිදහස, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත සහ 19 වෙනි සංශෝධනය වැනි දේ ජයග්‍රහණ ලෙස සැළකිය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා මෙගාපොලිස් අමාත්‍යාංශයේද රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයේද කැපී පෙණුනු වැඩ කොටසක් කළහ. හර්ෂ ද සිල්වා 1990 සුව සැරිය සේවය ඇරඹීය.අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ලෙස සාධනීය වැඩ කොටසක් කළේය.
නමුත් මේ සාධනීය දැය සමස්තය ගැන ජනතාව තුළ ඇති වූ කළකිරීම දුරු කරවන්නට සමත් නොවීය.
රනිල් ගේ යූ.එන්.පී. ආණ්ඩු ස්වභාවයෙන්ම සිය වැඩ කොටස් ජනතාව අතර මාකට් කිරීමට අසමත්ය. හොඳම උදාහරණයක් නම් ණයක් නොව ආධාරයක් ලෙස දිනාගත් MCC ගිවිසුම ජයග්‍රහණයක් ලෙස ලකුණු දමාගත යුතු එකක් වුවද විපක්ෂය පහසුවෙන් බොරු බිල්ලෙක් මවා, එය ආණ්ඩුවේ ලකුණු කපා දැමීමට භාවිතා කළේය.
තමන් කළ හොඳ දෙයක් පවා මාකට් කරගෙන ජනතා සහයෝගය ලබා ගැනීමට නොහැකි ආණ්ඩුවක් අසමත් ආණ්ඩුවක් නොවන්නේද? ඉතින් ඒ අසමත් ආණ්ඩුවට නියතව උරුම පරාජය දැන් ඔවුන් හිමිකරගෙන සිටිති.
යහපාලන ජනතා නියෝජිතයන් තම ආණ්ඩුව බිහිකළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අසමත් වූහ. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එසේ වූ පමණින් යහ පාලනයක් ගැන වූ ඒ ජනතා අපේක්ෂාවන් නිමාවිය යුතුද ?
.
Tuesday, November 12, 2019
2019 ජනාධිපතිවරණය - ඡන්ද ප්‍රථිපල ගැන අනාවැකියක්
2018 දී පිළියෙළ කළ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 160 කට ආසන්නය.
1) ජනාධිපතිවරණයකදී සියයට 80 ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරනු ඇතැයි මීට පෙර ජනාධිපතිවරණවල ඡන්දය භාවිතය සැලකීමෙන් අනුමාන කළ හැක.
ලක්ෂ 160 න් සියයට අසූවක් ලක්ෂ 128 කි.
සියයට 50 ක් ලබා ජයගැනීමට නම්, අපේක්ෂකයෙක් ඡන්ද ලක්ෂ 64 ක් ලබා ගත යුතුය.
2) දෙමළ, මුස්ලිම් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 33 ක් පමණ වේ.
එයින් සියයට අසූවක් යනු ලක්ෂ 26.4 කි. ගෝඨා ට දෙමළ,මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය 20% ක්, අනුර ට 15 % ක් ද සජිත් ට 65 % ක් ද උපකල්පනය කරමි.එවිට ගොඨාට ඡන්ද ලක්ෂ 5.3 ක් ද සජිත්ට ඡන්ද ලක්ෂ 17.2 ක් ද අනුර ට දෙමල, මුස්ලිම් ඡන්ද (26.4 x 15 % =3.96) ලක්ෂ 4 ක් ද ලැබෙනු ඇත.
128-26.4= 101.6 ලක්ෂ
සිංහල ඡන්ද ලක්ෂ 101.6 කි.
3) ජේවීපී සහ අනිත් විකල්ප අපේක්ෂකයන් ඡන්ද කීයක් ලබා ගනු ඇතිද යන්න ඊළඟ ගැටළුවයි.
ජේවීපි සියයට 5 සීමාව ඉක්මවා සියයට 7 ක් පමණ ලබාගනු ඇතියැයි මම උපකල්පනය කරමි. එය ලක්ෂ 9 කි.අනිත් සියළු විකල්ප අපේක්ෂයන්ට ඡන්ද ලක්ෂ 1 ක් වෙන් කළහොත් ප්‍රධාන අපේක්ෂයන් හැර අනිත් අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 10 කි. (7.8 %) .
මේ තුළ ජේවීපි ය ලබාගන්නා දෙමළ, මුස්ලිම් ඡන්ද ලක්ෂ 4 ක් ඇතුලත්ය. විකල්ප අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා සිංහල ඡන්ද ප්‍රමාණය (10-4=6) ලක්ෂ 6 කි.
4) එවිට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා වලංගු සින්හල ඡන්ද ප්‍රමාණය (128-26.4-6= ලක්ෂ 95.6) ක් වෙයි.
එයින් ගෝඨා ට ලැබෙන ප්‍රතිශතය කවරක්ද? මගේ උපකල්පනය එය 60 % ක් පමණ වනු ඇති බවයි. එය ලක්ෂ 57.4 ක් වෙයි. එවිට ඔහුගේ ඡන්ද ප්‍රමාණය (57.4 + 5.3 = 62.7 ) වෙයි. එය 48.98 % කි.
5) සජිත් ලබන ඡන්ද ප්‍රමාණය කීයද? සිංහල ඡන්ද (95.6 x 40 % = 38.24 මි ). මුළු ඡන්ද (38.24 + 17.2 =55.44 ම වෙයි. එය 43.31 % ක් වෙයි.
බොහෝ දුරට දෙවෙනි මනාපය ගණන් කරනු ලැබීමට සිදුවීමේ ඉඩ කඩක් ඇත.
=======================================================
Friday, November 8, 2019
Millennium Challenge Compact
On April 25, 2019, the MCC Board of Directors approved the five-year Sri Lanka Compact.
( https://www.mcc.gov/where-we-work/country/sri-lanka )
Background and Context
Sri Lanka’s performance on MCC’s policy indicators has steadily increased in parallel with the reforms undertaken by the Government since January 2015. In FY 2017, Sri Lanka passed more than half of the indicators, including both democratic rights indicators—political rights and civil liberties—and the control of corruption indicator.
MCC’s Board selected Sri Lanka to develop a compact in December 2016. With MCC’s assistance, the Government completed a constraints-to-growth analysis in November 2016 identifying three binding constraints to economic growth:
(1) policy uncertainty, especially regarding revenue collection and tax policy;
(2) transport bottlenecks resulting in traffic congestion in the Western Province and the slow movement of people, goods and services between the Western Province and other regions; and
(3) the difficulty of the private sector in accessing state-owned land for commercial purposes.
Sri Lanka has made impressive economic headway over the past few decades, but significant challenges remain. Economic growth declined to 3.2 percent in 2018, down from 3.4 percent in 2017, and 4.5 percent in 2016. Between 2002 and 2016, the country made significant strides to reduce poverty. Excluding the Northern and Eastern Provinces (for which 2002/2003 data was not available), the poverty rate fell from 22.7 percent in 2002/2003 to 6.1 percent in 2014. The national poverty rate, including the Northern and Eastern Provinces, fell further to 4.1 percent in 2016.
Despite this encouraging reduction in poverty, living standards remain modest for most of the country, and pockets of severe poverty persist. Living standards of the near-poor—those above the national poverty line but below the 40th percentile—are similar to those of the poor. Significant pockets of poverty remain in the central region and former conflict areas in the north and east. The current coalition government, elected in 2015 on a platform of political and economic reform, has developed an agenda to accelerate economic growth and continue to reduce poverty in Sri Lanka. The Government’s goal is to increase per capita income to $5,000 per year by 2025, increase foreign direct investment to $5 billion per year from its current $1 billion, and further reduce poverty.
Prior to Board approval of the program, on October 26, 2018, President Maithripala Sirisena dismissed Prime Minister Ranil Wickremesinghe, and replaced him with former president 2 Mahinda Rajapaksa. Questions immediately arose regarding the constitutionality of both actions. On December 13, the Supreme Court ruled that President Sirisena had acted in violation of the Constitution. Rajapaksa subsequently resigned as Prime Minister on December 15 and Wickremesinghe was reinstated a day later. The Supreme Court decision, Rajapaksa’s resignation, and the re-instatement of Prime Minister Wickremesinghe were important developments that brought the immediate constitutional crisis to a close.
MCC assesses partner country governments’ ongoing commitment to MCC’s eligibility criteria by examining their policy performance, including their commitment to the rule of law. The current democratically constituted government has expressed its continued support for and commitment to the terms of the Compact as negotiated. MCC’s assessment of policy performance in Sri Lanka recognizes that if this or a future government engages in a pattern of actions inconsistent with MCC’s eligibility criteria, there could be consequences for our partnership, in line with MCC’s Policy on Suspending or Terminating Assistance.
( https://assets.mcc.gov/content/uploads/cn-042519-sri-lanka-intent-to-sign.pdf )
Link to Congressional Notifications
https://www.mcc.gov/resources?fwp_resource_country=6133&fwp_resource_type=congressional-notification-cn
Tuesday, October 22, 2019
මට සිහින නායකයෙක් ඇත..
ක්‍රියාවටත් දක්ෂ..
කථාවටත් දක්ෂ..
හොරකම් කර නැති..
මිනී මරා නැති..
පවුල් පාලනයක් නැති..
ඥාති මිත්‍ර සංග්‍රහය නැති..
උගත්..
බුද්ධිමත්..
දක්ෂ..
මේ සියළු නායකත්ව ගුණාංග ඔප්පු කළ නායකත්වයක්..
වර්තමාන දේශපාලන භූමියේ..
ගොඩනැඟී තිබේ..
නමුත් මේ සිස්ටම් එක ඇතුළේ..
ඔහු ජනතාව ඉල්ලා සිටින නායකයා නොවුන නිසා..
ඔහුට අපේක්ෂත්වය නොලැබුණි.
ජනතාව improve වනතුරු quality තීරණ නොලැබෙයි.
එමනිසා..
අතුල අධිකාරී ගයන්නාක් මෙන්..
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද " කියා..
ලැබී ඇති options වලට අනුව..
වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමට අපට සිදුව තිබේ.
Monday, October 21, 2019
ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?
විශිෂ්ට ප්‍රතිපත්ති මාලා සකසන, ඒවා මැනවින් විග්රහ කරන අති දක්ෂ කථිකයන් සිටින, තර්කානුකූල හා ප්රගතිශීලී විසඳුම් අතින් ප්‍රධාන පක්ෂ දෙකම අභිබවන, හොරකම් නොකරන ජේවීපි යට බහුතර මිනිසුන් ඡන්දය නොදෙන්නේ ඇයි?
මෙතරම් හොඳ ප්‍රතිපත්ති තිබියදීත් ජේවීපි ය දිනන්නේ නැත්තේ ඇයි?
ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?
දීලා බලන්නට දෙයක් නැත. බලය ඇතිවිට ඔවුන්ගේ හැසිරීම කෙබඳු දැයි ඔවුන් මනාව ඔප්පු කර ඇත.
ඒ සඳහා ඔබ විමසිය යුත්තේ ජේවීපි හා පෙරටුගාමීන් විසින් දිගු කලක සිට බලය පතුරුවන රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඔවුන්ගේ හැසිරීමය.
වසර ගණනාවක සිට රාජ්‍ය විශ්ව විද්‍යාලවල බලය හිමිකරගෙන සිටින ජේවීපි ය එම සුන්දර, සාධාරණ, යුක්තිගරුක, ප්රගතිශීලී ලෝකය එම විශ්ව විද්‍යාලවල නිර්මාණය නොකරන්නේ මන්ද?
බලය ඇතිවිට ඔවුන් හැසිරෙන අන්තගාමී, අධිකාරිවාදි ආකාරය නිහීන ලෙස ප්‍රදර්ශනය වන විශ්ව විද්‍යාල තුල, ඒ බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් නොකරන්නේ කුමක්ද?
සමාජයට වෛර කරන, වෙන කිසියම්ම හෝ ආකාරයකින් සමාජයේ තැනක් හිමිකර ගැනීමට අසමත්, පීඩිත මනෝ භාවයකින් යුත්, ලාබාල තරුණ තරුණියන්ජෙ senior ජෙප්පන්ගේ පහසු ගොදුරුය.
ජේවීපි ය අන්ධ භක්තියෙන් ගත්, මේ සුකිරි බටිල්ලන් විරුද්ධ මතයන් හෝ විරුද්ධ මතධාරීන් අබිමුව හැසිරෙන නින්දිත ආකාරය අපිදු ඇස් දෙකෙන් දැක ඇත්තෙමු.
රූපවාහිනී සංවාදවලදී, වේදිකා කථාවලදී චතුර කථිකත්වයකින් ඔවුන් මවා පෙන්වන ප්රගතිශීලී, සාධාරණ, යුක්තිගරුක ලෝකය ඔවුන්ගේ බලය ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල නිර්මාණය කර ආදර්ෂයෙන් ඔප්පු නොකරන්නේ ඇයි?
Saturday, October 19, 2019
ගෝඨා සමඟ ලැබෙන Package එක..බාර ගැනීමට ඔබ සූදානම්ද ?
නායකයෙක් තෝරාගැනීම යනු තනි පුද්ගලයෙක් පමණක් තෝරාගැනීමක් නොවේ.
ඔහුට සහය දක්වන, ඔහු සමඟ සිටින පිරිස ද ඔහු සමඟ ලැබෙන "Package" එකක් ලෙසින් බාර ගැනීමට ජනතාවට සිදුවේ.
ගෝඨා සමඟ ජනතාවට ලැබෙන Package එක කුමක්ද?
මහින්ද රාජපක්ෂ
චමල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ
බන්දුල ගුණවර්ධන
ඩලස් අලහප්පෙරුම
විමල් වීරවන්ශ
උදය ගම්මන්පිල
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රෝහිත අබේගුණවර්ධන (රත්තරං)
මහින්දානන්ද අලුත්ගමගේ
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ඩිලාන් පෙරේරා
මේ Package එක බාර ගැනීම ට ඔබ සූදානම්ද?
Thursday, October 10, 2019
රොහාන් පල්ලෙවත්ත...සැබෑ විකල්පයක්ද ?
පෙණ බුබුළු වගේ මතුවී, බිඳී විසිරී යාමට නියමිත.......
ස්ථිර, දිගුකාලීන ගමනක් නැති...
සමාජ මාධ්‍යයේ තරුණ ඡන්ද ඉලක්ක කරගත්..
බොළඳ විකල්පයක්..!
මේ ඡන්දයෙන් යම් ඡන්ද ප්‍රමානයක් ගනීවි..
නමුත් ඒ අය වෙනුවෙන් හෝ මොහු ඡන්දයෙන් පසු ලංකාවේ දේශපාලනයේ දිගටම නිරත වීමට ඇති ඉඩකඩ නම් ඉතා අඩුය..
මොහුව සොයා ගැනීමටවත් නොහැකි වීමේ සම්භාවිතාව නම් ඉතා ඉහලය.
Monday, October 7, 2019
විජේවීර, ප්‍රේමදාස යුගයේ සිට අනුර, සජිත් දක්වා..
තිරිසනුන් මෙන්..පිස්සු බල්ලන් මෙන් උනුන් මරාගත්..
ලේ පිපාසිතව දහස් ගණන් ජීවිත බිලිගත්..
දේශපාලන ව්‍යාපාර දෙකක්..
වසර 30 කට පසුව...
තමුන්ගේ මතවාද එක් වේදිකාවක සිට ජනතාවට ඉදිරිපත් කරන
ප්රජාතන්ත්රීය අවකාශය තුල මෙසේ හමුවී සිටියි.
දියුණු ප්රජාතන්ත්රවාදී, ඉදිරිගාමී ලක්ෂණ වෙනුවෙන්
පෙනී සිටි මිනිසුන්ගේ උත්සාහයන්, කැපවීම් හමුවේ පැමිණි ගමනකි මේ..
වැඩවසම්, පසුගාමීත්වය වෙනුවට..
දියුණු ප්රජාතන්ත්රවාදී ඉදිරි ගමනක් වෙනුවෙන්..
තවත් යා යුතු දුර බොහෝය..
ඒ ගමනේදී..
මෙය සතුටු විය හැකි ජයකි..
සන්ධිස්ථානයකි..!
Friday, April 26, 2019
රටේ ආරක්ෂාව සරත් ෆොන්සේකා අතට..
Tuesday, April 23, 2019
කළු වළාකුලේ රිදී රේඛා දකිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට පෙළගැසෙමු..!
ශ්‍රී ලංකාව තුළ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය වී තිබුනේ කතෝලිකයන් හා විදේශිකයන්ය. එමනිසා මේ ප්‍රහාරය නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට සිදුකළ පලිගැනීමේ ප්‍රහාරයක් ලෙස සැළකීම වඩා නිවැරැදි විග්‍රහයක් යැයි සිතමු.
ආසන්නතම හේතුව එය ලෙස සැලකිය හැකි වුවද ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මුස්ලිම් සංවිධාන බිහිවීමද ඒවා අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා හා පුහුණුව ලබාගැනීමද අද ඊයේ සිදුවූවක් නොවේ. එය වසර ගනනක් තිස්සේ සිදුවන්නකි.එමනිසා නවසීලන්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර යනු ආසන්නතම හේතුවක් නිර්මාණය වීමක් පමනි.
එමනිසා අනතුර අවසන් නැත. මේ ආරම්භය පමණි.ඊළඟ ඉලක්කය කවුරුන් හෝ විය හැකිය. බෞද්ධ, හින්දු හෝ කවුරුන් හෝ විය හැක.
දැන් ඇත්තේ සිංහල, දෙමල ගැටුම වැනි ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරගත්, ජාත්‍යන්තරය අපට ඇඟිල්ල දිගුකල ආකාරයේ ගැටලුවක් නොවේ. මුස්ලිම් අන්තවාදය යනු ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කළ ගැටළුවක් නොවේ. මෙය ලොවම මුහුණ දෙන ගැටළුවකි. මේ මොහොතේ අප එයට ගොදුරු වූවා පමණි.
එබැවින් සියළු ජාත්‍යන්තර සහාය අප සමඟය.
ISIS බලප්‍රදේශ සිරියාවේ හෝ ඉරාකයේ අහිමිව ගියද ඔවුන් සමූලඝාතනය වී පරාජය වී නැත. ඔවුන්ගේ ඊළඟ සංක්‍රමණය පහසු ඉලක්කයක් වන දකුණු ආසියාව විය හැක.දැනටමත් ශ්‍රී ලාංකේය, මාලදිවයින් සහ ඉන්දියන් සාමජිකයන් ඔවුන් හා එක්ව සිටිති.
ආරක්ෂක, බුද්ධි අංශ, දේශපාලන සහ මූල්‍ය ආකාරයේ සියලු සහයෝගය ලබාගනිමින් මේ අන්තවාදීන් විනාශ කරලීමට මෙය අවස්ථාවක් කරගනිමු. මේ සිද්ධිය නිසා තවදුරටත් සහජීවන තර්ක වලංගු නොවනු ඇත. කළු වළාකුලේ රිදී රේඛා දකිමින් අනාගතය උදෙසා බුද්ධිමත් තීරණ ගනිමු.
Wednesday, October 8, 2014
හොඳම සිංහල චිත්‍රපට 10
ස්පෙක්ස් දාපු විජයගේ අමුතුම ලුක් එකත්, මාලිනිගේ තාරුණ්‍යයේ සුන්දරත්වයත්, මහැදුරු සුනිල් ලියපු නන්දා මාලිනි ගයපු "යොවුන් වසන්තයේ" ගීතයත් බලන් ඉන්න හිතෙන තරම් වන කථා රසයත් මා මේ චිත්‍රපටයට ප්‍රිය කරන හේතු හැටියට සඳහන් කරන්න පුළුවන්.සම්භාව්‍ය නිර්මාණයක් නොවුනත් සරල රස වින්දනයක් දෙන ලස්සන ෆිල්ම් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මාටින් වික්‍රමසිංහගේ නවකථාවේ රසය බිඳකින් හෝ අඩු නොකර,එහි රසය උද්දීපනය කළ නිර්මාණයක් ලෙස ලෙස්ටර්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.නවකථාවලින් චිත්‍රපටි කරන්න ගියාම බොහෝ විට අසාර්ථක වීම් තමයි මම නම් දැකලා තියෙන්නේ.ඒ අතින් සිංහලයේ හොඳම නවකථාව චලන චිත්‍රයට නැඟීමේ අභියෝගය ඉහළින්ම ජයගෙන "ගම්පෙරළිය" නමින් හොඳම නවකථාවක් පමණක් නොව හොඳම චිත්‍රපටයක්ද ලාංකේය කලාවට එක්කළ ආචාර්ය ලෙස්ටර් ට මාගේ ප්‍රණාමය.
8 වෙනි තැන සප්ත කන්‍යා: එච්.ඩී.ප්‍රේමරත්න 1993
දූවිල්ලෙන් වත්සුණු තැවරූ අබිසරුලියක උන්මාද වූ ප්‍රේමාදරයක පැටලීමේ කථාවයි සප්ත කන්‍යා. කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න 90 දශකයේ ලාංකේය සිනමාවේ පෙම් යුවළ බවට මේ නිර්මාණයෙන් අබිසෙස් ලැබුවා.
කළු චරිතයකට දියහැකි හොඳම භාවයන් එක්කළ ප්‍රවීන නළු ටෝනි රණසිංහ,කලකට පසුව ඉහළම ජනප්‍රියත්වයක් දිනූ සිනමා ගීත පෙළ මේ නිර්මාණයේ අගය වැඩි කළා. "උන්මාද වූ ප්‍රේමාදරේ", "සුවඳ දැනි දැනී දැනෙනවා" සහ "දූවිල්ලෙන් වත්සුණු තවරා" ජනප්‍රියත්වය අදටත් ගිලිහී නොගිය ගීත.
අංක 7 - තුෂාරා : යසපාලිත නානායක්කාර
විජය-මාලනි සිනමා යුගයේ ආකර්ශනීයතම චිත්‍රපටය "තුෂාරා" යැයි මම සිතමි. යසපාලිත නානායක්කාරගේ නිර්මාණයක්. 1973 දී නිර්මාණය වූවක්. "හෝ හෝ තුෂාරා", "කලක් තිස්සේ" වැනි ගීත අඩංගු වූ මේ චිත්‍රපටය විජය සහ මාලනී ගේ හොඳම තරුණ කාලයේ නිමැවූවක්. තාරුණ්‍යයේ චිත්‍රපටයක්.
අංක 6 - සංකාරා: ප්‍රසන්න ජයකොඩි
සංකාරා වෙනස්ම ආකාරයේ අපූර්වතම අත්දැකීමක් ලාංකේය සිනමා ප්‍රේක්ෂකයාට ලබාදුන් නිර්මාණයක්. ප්‍රසන්න ජයකොඩිගේ පළමු සිනමා නිර්මාණය වූවත් එය අතිශයින් පරිණත සිනමා කෘතියක් වුනා. තරුණ භික්ෂුවකගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද දකින්නට දැරූ නිර්මාණශීලී වෑයම සංකාරා අප වෙත ගෙන ආවා.
5 වන ස්ථානය - සිහින දේශයෙන්: බුඩී කීර්තිසේන
නාට්‍යක් නිර්මාණය කරන්නට එක්වුණු තරුණ පිරිසක් වටා, ඔවුන්ගේ ජීවිතවල සිදුවන නොයෙකුත් හැල හැප්පීම් හරහා 90 දශකයේ ලාංකේය තාරුණ්‍ය, ලාංකේය ජීවිතය පිළිබඳව අපූර්ව විග්‍රහයක් "සිහින දේශයෙන්" චිත්‍රපටයෙන් ගෙන ආවා. බුඩී කීර්තිසේනගේ පළමු සිනමා නිර්මාණය.රොජර්, ශ්‍රියන්ත,පාලිත, මහේන්ද්‍ර ආදී දක්ෂතමයන් රැසක් මේ නිර්මාණයට එක්වී සිටියා."මරණය" සංකේතවත් කළ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය සිංහල චිත්‍රපටයක එවැන්නක් දුටු පළමු වතාවයි.
4 වන ස්ථානය - ගරිල්ලා මාකටිං -ජයන්ත චන්ද්‍රසිරි
ආත්මය පැකට් කොට ජීවිතය මාකට් කළවුන්ගේ යාගය -ගරිල්ලා මාකටිං අප වෙත ගෙන ආවා. තිසර නම් නිර්මාණශීලී යව්වනයා(කමල් අද්දර ආරච්චි ) සහ ග්‍රෙගරි මහාධිකාරම් නම් දේශපාලඥයා අතර ගැටුම තුළින් බොහෝ අර්ථාන්විත, සිනමාත්මක අත්දැකීමක් ලාංකේය ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට ජයන්ත චන්ද්‍රසිරි සමත් වුනා.මගේ අදහසට අනුව ජයන්තගේ සිනමා නිර්මාණ අතරින් හොඳම නිර්මාණය මෙයයි.
අංක 3 - නිධානය-ලෙස්ටර් ජේම්ස් පීරිස්
අවාසනාවන්ත මිනිසෙක්ගේ (විලී අබේනායක- ගාමිණි ෆොන්සේකා) කථාවක්. ඒ අවාසනාවට ගොදුරු වූ අහිංසක ගැහැනියකගේ (අයිරින්-මාලනී ෆොන්සේකා) කථාවක්. ලෙස්ටර් නිමැවූ, තිස්ස අබේසේකර තිර පිටපත ලිවූ, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ, ගාමිණි-මාලනී රඟපෑ චිත්‍රපටයක් කියූ විට එහි විශිෂ්ටත්වය පිළිබඳව තවත් කියනුම කවරේද?
අංක 2 - මිල්ලෙ සොයා:බුඩී කීර්තිසේන
60,70 දශකවල ලෙස්ටර්, පතිරාජ වැන්නවුන් වර්තමානයේ නැතිද යන කුකුස තිබූ කාලයක, ඒ කුකුස නැතිකළ අපේ කාලයේ විශිෂ්ටත්ම සිනමාවේදියෙක් ලෙස බුඩී කීර්තිසේන හඳුන්වා දිය හැකියි. "මිල්ලෙ" සොයා ඉතාලි පනින ලාංකේය තරුණයාගේ ජීවිතයට කළ නිර්මාණශීලී එබී බැලීමක්.
පළමු ස්ථානය- බඹරු ඇවිත්: ධර්මසේන පතිරාජ
වැල්ලට එන නාගරික තරුණයා-බේබි මහත්තයා (විජය ) සහ වැල්ලේ මාළු වෙළඳාමේ ආධිපත්‍ය එතෙක් හිමිකරගෙන සිටි ඇන්ටන් (ජෝ ) අතර ගැටුම ඒ සන්සුන් ධීවර ගම්මානයේ දිවි පෙවෙත සහමුලින් වෙනස් කර දමනවා. හරවත්, ගැඹුරු තේමාවක්, ජීවිත සහ සමාජ අවබෝධයක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව සිංහල සිනමාවේ මා දුටු හොඳම උදාහරණය පතිරාජගේ "බඹරු ඇවිත්" චිත්‍රපටයයි.සරල ජනප්‍රිය සිනමාවේ විජය-මාලනි හොඳම චිත්‍රපටය "තුෂරා" නම් සම්භාව්‍ය සිනමාවේ ඔවුන් ගේ හොඳම චිත්‍රපටය "බඹරු ඇවිත්" යනු මගේ හැඟීමයි. එහි එන, කේමදාසයන් සංගීතවත් කළ "උදුම්බරා" සිංහල සිනමා ගීතයේ මුදුන් මල් කඩක්.
අවාසනාවකට තවමත් මට "පාර දිගේ" (පතිරාජ) සහ "වැලිකතර" (ඩී.බී.නිහාල්සිංහ) සම්පූර්ණයෙන් නරඹන්න හැකිවෙලා නැහැ. ඒවා ගැන අසා, කියවා ඇති දෙයිනුත් බලන්නට ලැබී ඇති කුඩා කොටස් වලිනුත් මට හිතෙන්නේ නැරඹුවානම් ඒවා මේ ලැයිස්තුවට එක්විය හැකි ආකාරයේ නිර්මාණ බවයි.
.
Monday, July 29, 2013
පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම
දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.
නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද? ලස්සන නැද්ද? කියන එක වෙනම කථාවක් :) .
නමුත් අද මිනිස්සු නැත්තේ කාටද? විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම??
Tuesday, March 19, 2013
ඇත්ත සිදුහත්....!!!
බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.
සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.
සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද? මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක් මාටින් වික්‍රමසිංහයන් විසින් "බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.
මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.
මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්...
"රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."
------------------------------------------------------------------
මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.
යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය.
"පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය.
"පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය.
"අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි.
"කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.
----------------------------------------------------------------------------
අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන...
"සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.
බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."
-----------------------------------------------------------------------------
අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනි සිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්.
වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම, ඇදහීමෙන් ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.
Popular Posts - Last 30 Days
-
http://www.star-clicks.com/?ref=50485357 කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" ...
-
මේ දූපතේ විසල් මිනිසුන් හෝ ගැහැණුන් හිඟය. නන්දා මාලිනිය ද සුනිල් ආරියරත්න ද විසල් ගැහැනියකද විසල් මිනිසකුද වන්නේ යැයි සිතමි. ඒ විසල් බව යනු ...
-
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහ...
-
දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති ...
-
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔ...
-
චිත්‍රපට , ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම , ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල...
-
ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි. ඔහ...
-
පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉ...
-
ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය...
-
මේ රෑ සීතලේ.. පුර සඳක් දිලිසෙතේ.. සඳ කිරණ ගලාලා.. මුළු ගමම එළිවෙලා.... පුර පෝය ලැබුව දා.. මුළු ගමම එක්වෙලා.. මේ ගමේ..පන්සලේ.. මල් පහන් පුද...






































