Monday, October 21, 2019

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?



විශිෂ්ට ප්‍රතිපත්ති මාලා සකසන, ඒවා මැනවින් විග්‍රහ කරන අති දක්ෂ කථිකයන් සිටින, තර්කානුකූල හා ප්‍රගතිශීලී විසඳුම් අතින් ප්‍රධාන පක්ෂ දෙකම අභිබවන, හොරකම් නොකරන ජේවීපි යට බහුතර මිනිසුන් ඡන්දය නොදෙන්නේ ඇයි?


මෙතරම් හොඳ ප්‍රතිපත්ති තිබියදීත් ජේවීපි ය දිනන්නේ නැත්තේ ඇයි?

ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?

දීලා බලන්නට දෙයක් නැත. බලය ඇතිවිට ඔවුන්ගේ හැසිරීම කෙබඳු දැයි ඔවුන් මනාව ඔප්පු කර ඇත.

ඒ සඳහා ඔබ විමසිය යුත්තේ ජේවීපි හා පෙරටුගාමීන් විසින් දිගු කලක සිට බලය පතුරුවන රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඔවුන්ගේ හැසිරීමය.

වසර ගණනාවක සිට රාජ්‍ය විශ්ව විද්‍යාලවල බලය හිමිකරගෙන සිටින ජේවීපි ය එම සුන්දර, සාධාරණ, යුක්තිගරුක, ප්‍රගතිශීලී ලෝකය එම විශ්ව විද්‍යාලවල නිර්මාණය නොකරන්නේ මන්ද?

බලය ඇතිවිට ඔවුන් හැසිරෙන අන්තගාමී, අධිකාරිවාදි ආකාරය නිහීන ලෙස ප්‍රදර්ශනය වන විශ්ව විද්‍යාල තුල, ඒ බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් නොකරන්නේ කුමක්ද?



සමාජයට වෛර කරන, වෙන කිසියම්ම හෝ ආකාරයකින් සමාජයේ තැනක් හිමිකර ගැනීමට අසමත්, පීඩිත මනෝ භාවයකින් යුත්, ලාබාල තරුණ තරුණියන්ජෙ senior ජෙප්පන්ගේ පහසු ගොදුරුය.


ජේවීපි ය අන්ධ භක්තියෙන් ගත්, මේ සුකිරි බටිල්ලන් විරුද්ධ මතයන් හෝ විරුද්ධ මතධාරීන් අබිමුව හැසිරෙන නින්දිත ආකාරය අපිදු ඇස් දෙකෙන් දැක ඇත්තෙමු.


රූපවාහිනී සංවාදවලදී, වේදිකා කථාවලදී චතුර කථිකත්වයකින් ඔවුන් මවා පෙන්වන ප්‍රගතිශීලී, සාධාරණ, යුක්තිගරුක ලෝකය ඔවුන්ගේ බලය ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල නිර්මාණය කර ආදර්ෂයෙන් ඔප්පු නොකරන්නේ ඇයි?

1 comment:

  1. Deela balanne naththe merate manushyayo vadi denek horakama saha wancha walata kamathi aya nisaya.

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters