Sunday, January 22, 2012

දුරුතු සීතලේ...



දුරුතු සීතලේ තනිවුණු නිශා මැදියමේ...
සිහින තොටුපලේ හමුවුනු සිහින කුමරියේ..
නුරා නෙතු දැලේ සිරවී පහස තුල ඇගේ...
ස්වප්නයේ වෙලී ඉන්නෙමි සිතුම් විල්තෙරේ...

කිරණ සොමි කැලුම් ගෙන එන තරිඳු නුඹ ගැඹේ....
සීත මාරුතේ දැවටී පෙම් හැඟුම් මැවේ...
තුෂර බිඳු වැටී දිලිසෙන අඩ අඳුරු රැයේ..
බාඳුරා මලේ බැඳුනෙමි ඔබගෙ පාශයේ......

පිරුණු රණ හසුන් කලඹයි සරාගික හැඟුම්....
දැවේ සියොලඟම සැසලී සිතුම් පෙම් බිඟුන්...
පියා නෙතු පියන් කොඳුරන නුරා පෙම් වදන්...
සිහින දෙව්ලියේ වැතිරෙමි ළමැද සිරි යහන්...


:-තනුජ දම්මික බණ්ඩාර

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters