Tuesday, July 31, 2012

අපි විජය මැරුවේ ඇයි?...ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය...!




කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.

විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව පැහැදිලි වෙනවා; අපේ රටේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඔහුගේ මරණයෙන් කම්පිතව ඔහු ගැන ගීත පවා නිර්මාණය කර තිබීමෙන්.

අමරදේව විජය ගැන ගැයූ ගීතය..

මධුර ගායන- චතුර රංගන
නිසඟ පිළිවන්- වාසනා යුත්

විජය සබඳිනි- ගයමි ගුණ ගී
ඔබේ මනු ගුණ- බැතින් සමරමි...

එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මිතුරේ" ගීතය ලියවී ඇත්තේද විජය වෙනුවෙන්.

මෙවන් අවංක, නිරායාස ගෞරවයක් දිනාගත් අයෙක් ලංකාවේ තවත් සිටියේද?

---------------------------------------------------------------

ඔහුගේ මරණය 80 දශකයේ අග භාගයේ ලාංකේය සමාජය හෙල්ලුම් කැවූ ඝාතනයක්. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුට වෙඩිතබා ඝාතනය කරන්නේ 88 පෙබරවාරි 16 දා. ඝාතනය සම්බන්ධව අදටත් බොහෝ වාද විවාද/ මති මතාන්තර තියෙනවා.

මේ වෙඩි තැබූ T-56 තුවක්කුව ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ යැයිද මේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි ද  කියවෙනවා.

මේ සම්බන්ධව රහස් පොලීසිය අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නමැති ජේ.වී.පී. සාමාජිකයා පිටු 141 ක කට උත්තරයක් රහස් පොලීසියට ලබාදී තිබුනා.

මේ එම කට උත්තරයෙන් උපුටා ගත් කොටස්...



""අපි විජය මරා දමන්න සැලසුම් කළේ පිළියන්දල, දම්පේ තියෙන "San Michele" හෝටලයේදී. එදා ඒ හමුවට දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ කොලඹ දිස්ත්‍රීක් නායක ජයන්තත් JVP සාමාජිකයන් වන හේරත් සහ අසෝකත් මමත් සහභාගි වුණා. හෝටලයේ එළිමහනේ "cabana"එකක් යට ඉඳගෙන Coca-cola බොමින් අපි විජයගේ මරණය සැලසුම් කළා...."

"ජයන්ත මට සහ හේරත්ට කිව්වා අපට විශේෂ වැඩක් පැවරීමට තියෙනවා කියලා.ඔහු කිව්වා; විජය කුමාරතුංග ඉවත් කිරීමට තියෙනවා කියලා. ඒකට හේතුව විදිහට ජයන්ත කිව්වේ විජය ඉන්දු ලංකා සාම ගිවිසුමටත් පළාත් සභා ක්‍රමයටත් සහාය දැක්වීමයි"

-----------

"අපි නිවස ඉදිරිපිට පාරට වී බලා ඉන්න විට විජය ගෙදරින් එළියට ආවා. ඔහු එළියට ඇවිත් gate එක ලඟ කෙනෙක් එක්ක කථා කරන්න පටන් ගත්තා.ඔහු හිටියේ අපට පිටුපාලා. මමයි, හේරතුයි bike එකට නැංගා. මම bag එක ඇරලා gun එක අතට ගත්තා.

හේරත් bike එක නැවැත්තුවා විජයට යාර 20 ක් විතර දුරින්. විජය හිටගෙන හිටියේ gate එක ලඟ, අපට පිටුපාලා, අර මනුස්සයාට කථා කරමින්. මම විජයට පිටුපසින් වෙඩි දෙකක් තිබ්බා bike එකේම ඉඳගෙන. ඔහු ඇදන් වැටුණා. මම bike එකෙන් බැහැලා ඔහු ලඟටම ගිහින්, ඔහුගේ ඔලුවට වෙඩි පිට වෙඩි ගණනාවක් තිබ්බා.............................................................!!!!



18 comments:

  1. විජයගෙ චරිතය ඔහු දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවෙන් හදාගත්ත එකක් කියන චෝදනාව තියනව. මගේ පෝස්ටුවට දාපු මේ කොමෙන්ටුව බලන්න,

    //රතු රජරටJuly 30, 2012 1:35 PM

    මන් හිතන්නෙ අපි කත කල යුත්තේ ගීතයෙයේ අන්තර්ගතය ගන මිසක් පුඩ්ගලයන් පිලිබද නෙමෙයි ,,කපුගෙ ගැන කොහොම වෙතත් විජයට වගේම සුනිල්ටත් තම තමන්ගේ පෞද්ගලික අරමුනු ((පොදු සමජයට යහපතක් නොවෙන අරමුනු) තිබුනා කියන එක රහසක් නොවෙයි‍//

    මේවායේ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැතිවුනත් මම නං හිතන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. විජය, අද ඉන්න(නැත්තං ඔහුගෙ සමකාලීන) දේශපාලකයන් වගේ ජරා ගොඩට වැටුනෙ නෑ. සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රයේ අය ඔහුට ගරු කරනව. ඔහුගේ මරණය ගැනත් විවිධ උපකල්පන තියනව. ලොකුගේගෙ තුවක්කුව ඉන් එකක්. ලයනල්ගෙ සාක්ෂිය තවත් එකක්. මේවා සිදුවී කෙටි කාලයක් ගතවුනු සිද්ධි උනත්, මේ වනවිට හරියටම නිගමනයකට එන්න බැරි තරම් ව්‍යාකූල වෙලා තියෙන්නෙ.
    ඉස්සර ඉරිද ලක්බිම පත්තරේ තිබුන ලයනල්ගෙ කතාව.

    ReplyDelete
    Replies
    1. විජයගේ අරමුණු කියලා කියන්නේ දේශපාලනයේ ගමනක් යෑමට ඔහුට තිබූ අරමුණ වෙන්න ඕනේ. නමුත් ඔබ කිව්වා වගේම ඔහු ඒ ගමන යන්න උත්සහ කළේ සාම්ප්‍රදායික දේශපාලඥයන් වගේ ජරා විදිහට නෙමෙයි.

      Delete
  2. ඔය ලයනල් රණසිංහ කිව්වා කියල රහස් පොලිසියෙන් කියන දේනේ.
    ලයනල් රණසිංහ රහස් පොලිස් අත්අඩංගුවේදී "පැනල ගියා" නැත්නම් "අතුරුදහන් උනා". මැරුවේ හෙම නෑ. විජේවීර වගේ තමන්ගේ පක්ෂිකයෙක්ගේ අතින් වෙඩි කාල මලෙත් නෑ. ;)
    හැබැයි විජේවීරගේ කට උත්තරය අනුව ඔවුන් නෙමේ කලේ. හැබැයි කලාට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. රහස් පොලිස් අත් අඩංගුවේදී ලයනල් රණසිංහත් bike එක පැදවූ හේරත් හෙවත් ටාසන් වීරසිංහත් අතුරුදන් වුනා. ඔවුන් මරා, පුළුස්සා අළු කැළනි ගඟට දැම්මේ යැයි උසස් පොලිස් නිලධරියෙක්ව අත් අඩංගුවට ගත්තා. නමුත් 2001 දී ආව යූ.ඇන්.පී. ආණ්ඩුව ඔහුව නිදහස් කර නැවත රහස් පොලීසියේ උසස් තනතුරක් දුන්නා.

      Delete
  3. විජයගේ සුන්දර මුහුණ දිහා බලාගෙන මුහුණටම වෙඩි තිබ්බේ කොහොමද කියන එක හුඟක් අයට ප්‍රශ්නයක් වුණාලු නේද ?

    ReplyDelete
    Replies
    1. විජයගේ මළ ගෙදරදී කථාවක් කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේ ගැන සඳහන් කළා. ඔහු කිව්වේ සුන්දර, රුවැති මිනිසුන් ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන මානසිකත්වයක් මොහුට තියෙන්න ඇති; ඒ නිසයි, විජය මරාදැමීම කියන දෙයින් එහා ගිහින්, ඒ මුහුණ විනාශ වෙන තුරු වෙඩි තිබ්බේ කියලා.

      Delete
  4. රාජ් සොහොයුරා මගේ කොමෙන්ටුව උපුට දක්වමින් අද්හස් පළකර තිබෙන නිසා යමක් කිව යුතුයි. විජයගේ නිසග ගායන සහ රන්ගන ප්‍රතිභාවයන් පිළිබදව විවාදයක් .නැහැ .නමුත ඔහු එම ප්‍රතිභාවයන් ඔස්සේ නිපදවාගෙන ගොඩ නගාගත් අසීමිත ජනප්‍රියභාවය ජරා ජීර්න වූ දේශපාලනය තුල නොවෙනස් ගමනක් යෑමට යොදා ගත්තා ..හොදම උදාහරනය තමයි ඔහු චන්ද්‍රිකාව විවාහ කර ගැනීම .
    'ඔටුන්නට හිමිකම් කියන පවුලකින් කුමාරිකාවක් විවාහ කරගැනීමෙන් පසුව ශ්‍රිලනීපයේ කැපීපෙනෙන තත්වයක් හිමිකරගත් විජය සිය බිරිද හා පක්ෂයේ බලවත් පිරිසකගේ අධාර ඇතිව ඔටුන්නට හිමිකම් කිවූ තම මස්සිනාට එරෙහිව අභ්‍යන්තර කැරල්ලක් මෙහෙයවීය '
    'මේ විදිහට සටහන් වෙලා තිබෙන්නේ අයිවන්ගේ 'දේශපාලනය පවුල හා කුලය' පොත.මේ උපුටා ගැනීම ඔස්සෙ මට මතු කර පෙන්වීමට අවැසි වූයේ විජය තම ජන්ප්‍රියකම දේශපාලන ව්යාපෘතීන් වලට යොදාගත් ආකාරයයි. එම අරමුණු සැබෑ ලෙසින්ම නිර්ව්යාජ ඒවා වූවා නම් ගැටලුවක් නැහැ.නමුත් මගේ පෞද්ගලික මතය නම් ඒවා එසේ නොවූ බවයි.

    කෙසේ වෙතත් මමත් විජය කියන නළුවාටත් ගායකායටත් බොහෝසෙයින් කැමතියි ..නමුත් එම කැමැත්ත නිසා මට දැනෙන ඇතැම් දේ නොකියා සගවාගන්නටත් බැහැ ස්තූතියි

    ReplyDelete
    Replies
    1. එකඟයි, ව්ජයගේ දේශපාලනය ගැන මගේ තියැවීම්ත් මීටම සමානයි.

      විජයට ඔනැ වුනේ ලංකාවෙ එම් ජී ආර් වෙන්න. ඉන් එහා උත්තුංග දේශපාලන අරමුණක් ඔහුට තිබුනයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒත් බලය පිළිබඳ ඉලක්කයක් ඔහුට තිබුණා. එය ගරු කළ යුතුයි.

      Delete
    2. @ සුමිත්,
      ""උත්තුංග දේශපාලන අරමුණක්" තිබුණා යැයි ඔබ විශ්වාස කරන්නේ කාටද? විජේවීරට???

      Delete
    3. @ රතු රජරට,
      ඔබ කියන දේ සමඟ යම් පමණකට එකඟතාවක් තියෙනවා. නළුවෙක්, ගායකයෙක් ලෙස අප ඔහු ප්‍රිය කළ පමණින්, ඔහු ගැන දේශපාලන විවේචන නොකළ යුතු නැහැ.ඒ වගේම චන්ද්‍රිකා විවාහ කර ගත්තෙත් ශ්‍රී.ල.නි.ප ය තුළ බලවත් වීමට බවත් පැහැදිලියි.
      නමුත් දේශපාලන බලය සඳහා යන ගමනේදී, ප්‍රායෝගිකව විවාහය මඟින් ශක්තියක් ලබාගැනීම , මිනී මරා තරඟකරුවන් ඉවත් කළ විජේවීරත්, මැරයන්ගේ, සොරුන්ගේ, දූෂිතයන්ගේ මහගෙදර වූ යූ.ඇන්.පි යත් එක්ක බලන කොට ජාතික අපරාධයක්ද?

      Delete
    4. ඔබ මට ආරාධනා කරන්නේ සාපේක්ෂව විමසා බලන්නට නේද තපස් සහෝ ? නමුත් මට හිතෙන හැටියට සාපේක්ෂතාවය නිශ්චිත නැහැ. විජය තම දේශපාලන ව්යාපෘතීන් සදහා යොදාගත් උපක්‍රම වඩා හොදද නරකද යන්න තීරනය කල යුත්තේ ඉතිහාසයයි.

      Delete
  5. අනුර හොරේෂස් විසින් ලියන ලද ගිනි අවි සහ ගිනි කෙළි තීරැ ලිපි වල විජයගේ මරණය සම්බන්ධවත්, ලයනල් සම්බන්ධවත් කරුණු රාශියක් සටහන්ව තිබුනා. පසුව ඔහු විසින් නිකුත් කල පොතේ ඒ සටහන් තිබුණාදැයි හරියටම මතක නැත.

    ReplyDelete
    Replies
    1. නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි...
      නළියයි අඳුන් දිවි නිය පහුර නළියයි...
      උකුසු ඇසට නොපෙනී...
      මහා කළු වෘකයා...
      ගොදුර ඉව අල්ලයි....
      මොන නීතියද මේ...
      මිනිස් වනාන්තරේ...!!!

      ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ තේමා ගීතය මතක් වුණා..

      Delete
    2. ඔබේ සිහිගැන්වීමට ස්තූතියි ..අපූරු ගීයක්

      Delete
  6. විජයගේ ඝාතනය ගැන එ ජා ප ය ගැනත් සැක පහළ කරන්නෙ නිකන්ම නෙවෙයි, හේතු ඇතුව.

    ලංකාවට දේශපාලන ඝාතන සංස්කෘතිය පක්ෂයක් විදියට පළමු වරට හදුන්වා දුන්නෙ එ ජා ප යයි. 53 හර්තාලය යනු ආයුධ සන්නද්ධ කැරැල්ලක් නෙවෙයි. ඒත් ඒකට වෙඩි තියලා සිවිල් පුරවැසියන් 9 දෙනෙක් ඝාතනය කරනවා. '77 දි ඡන්දයෙන් දිනපු ගමන් පොලීසියට සතියක් නිවාඩු දෙනවා. ඒ අවසරයෙන් එ ජා ප මැරයො, වපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් මරමින් දේපල විනාශ කරමින් යකා නටනවා. ඔන්න ඔය විදියට තමයි මිනී මැරිල්ල ලංකාවෙ දේශපාලන සංස්කෘතිය තුළ ඉඩක් වෙන්කර ගන්තෙ.

    ReplyDelete
  7. ආණ්ඩුවේ දූෂණ, වංචා ගැන කියන කොට ආණ්ඩුවේ ඇමතිවරුත් නිතරම දෙන උත්තරයක් තමයි;"එහෙනම් යූ.ඇන්.පී එකත් කළේ" කියන එක :)

    ReplyDelete
  8. මමත් විජය කියන නලුවට,ගායකයාට ගොඩක් කැමැත්තෙන් හිටියා. නමුත් ඔහු තමුන්ගේ ජනප්රියකම නොදන්න දේශපාලනයකට අලෙවි කලා. ජනතා විරෝධය නොතකා අත්සන් කල දේශද්රෝහි ඉන්දු ලංකා ගිවිසුමට ඔහු සහාය පල කිරීම ඉතාම මුග්ධ තීරණයක්. නමුත් ඔහු ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු නැහැ.
    මම ජ.වි.පෙ. හි අනුගාමිකයෙක් නොවුනට ජ.වි.පෙ. සම්බන්ධයෙන් විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි විජේවීර උත්තුංග දේශපාලන අරමුණක් වෙනුවෙන් දේශපාලනය කළයි කියන එක. ඒක එහි පහළ සාමාජිකයන්ටත් පොදුයි. නමුත් ඔවුන්ගේ දුර්වල ,අනිසි දේශපාලන උපාය උපක්රම හමුවේ එම උත්තුංග අරමුණ නිසිලෙස විද්යාමාන වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විජේවීර, විජය දෙදෙනාම 80 දශකයේ ලාංකේය දේශපාලනය තුළ කැපී පෙනුනු චරිත දෙකක්. දෙදෙනාම සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරියට ආව චරිත දෙකක්; සිය දක්ෂතාවලින් ඉදිරියට ආව.කලාකරුවෙකු ලෙස විජයට අප කොතරම් කැමති වුවත් වඩාත් ගැඹුරු දේශපාලන චරිතය විජේවීර බව නොපිළිගෙන සිටින්නට බැහැ.අපි හැමෝටම වාගේ එකඟ වෙන්නට බැරි තැන තමයි ඝාතනය තුළින් විජය ඉවත් කිරීමේ තීරණය.[කවුරුන් කළත්..]

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters