Saturday, January 14, 2012

බලා හිඳිමි මම....නිසලව.....


ඉර බසින සැන්දෑව....
නෙත් යොමා...
රතුපාට සිතිජයට..
බලා හිඳිමි මම....
නිසලව.....
රැළි නඟයි මහ සයුර..
රළ නැඟී..පෙරළී...බිඳී විසිරෙයි...
මගේ සිතුවිලි වගේමයි...
මන්දාරම් අඳුර මැදින්...
පියාඹයි ලිහිණියෙක් තනිවී...
හුදෙකලා වූ මගේ සිත වගෙයි...
පාළු අහසට...
නැගී එයි සඳ...
සිත පුරෝගෙන...ඔබේ මතකය...
මුහුදු වෙරළේ...
තනිව හිඳිමි මම.....

-තනුජ දම්මික බණ්ඩාර

No comments:

Post a Comment

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters