Friday, March 11, 2011

2011 ලෝක කුසලානයේ "අරා" ගේ භූමිකාව...





අරවින්ද යනු අපට ලැබිය හැකි හොඳම තේරීම් කමිටු සභාපති..ඔහු සැබෑම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස ලාංකේය ක්‍රිකට් වලට කල මෙහෙය සියළු දෙනාගේ ගෞරවයට ලක් වූවක්..එබැවින් බොහෝ දෙනාට ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවෙයි...

අතීතය විසින් ඔහු කවුදැයි මනාව ඔප්පු කොට තිබෙනවා..ඔහු කොහොමටත් තමන්ගේ වැඩේ හරියට කරන චරිතයක් මිස අනවශ්‍ය බාධක ඇතිකර ගන්න චරිතයක් නොවේ..අර්ජුනට වගේ ඔහුට දේශපාලනික ගැටීම් නැහැ..තිලංග ට වගේ ඔහුට ක්‍රිකට් හරහා "චරිතයක්" වීමේ වුවමනාවක් නැහැ..(ඔහු සැබෑ "චරිතයක්" බව හැමෝම දන්නවා..)..ඔහු ක්‍රීඩා කරන කාලයේ පවා මාධ්‍යවල ප්‍රසිද්ධිය/ ජනප්‍රියත්වය සැලකුවේ නැහැ..සල්ලිකාරයෙක් වන ඔහුට මේකෙන් ගසාකන්න/සල්ලි හම්බ කරන්න උවමනාවක් ඇතැයි සිතන්න බැහැ..[හැබැයි ඒ කාලේ නම් කිව්වේ "මෑන් ඔෆ් ද මැච්" ට කාර් එකක් දෙනවා නම් "අරා" ඒ මැච් එක අතාරින්නේ නැහැ කියලා:)..]

තේරීම් කමිටුව විදිහට , අපට සිටින ක්‍රීඩකයන්ගෙන් හොඳම සංයුතිය සහිත කණ්ඩායම ඔහු ලබාදී තියෙනවා..තේරීම් සම්බන්ධව මත ගැටීම් ඇතිවීම ඉතාම ස්වාභාවික කාරණයක් වුනත්, මෙවර එයට එල්ල වුනු ප්‍රතිවිරෝධතා අවමයි...

අවසාන 15 දෙනාගෙන් "සනත්" , "වාස්" සහ "සුරාජ් රන්දීව්" ඉවත් කිරීමට ගත් තීරණ දුෂ්කර ඒවා බව ඔහු මාධ්‍ය සාකච්චාවකදී පැවසූ අතර, වර්තමාන 15 දෙනා තේරීමේදී ඔවුන් සලකා බැලූ කරුණු පැහැදිලිව ඉදිරිපත් කලා...

විශේෂයෙන්ම "සනත්" සහ "වාස්" ඉවත් කිරීමට සිදුවීම දුෂ්කර මෙන්ම හැගීම්බර තීරනයක් බව පැවසූ ඔහු ලෝක කුසලානය වෙනුවෙන් වූ මිලියන 20 ක ජනතාවකගේ බලාපොරොත්තු වලට තමන් වගකිව යුතු හෙයින් ඒ දුෂ්කර තීරණ ගැනීමට සිදුවූ බව පැවසූවා..සැබැවින්ම එය අගනා ප්‍රකාශයක්...

ඔහුට කල හැකි උපරිමය ඔහු කර තිබෙනවා..( 96 ලෝක කුසලානයේදී අවසාන මහා තරඟයේදී ශතකයක් සමඟ කඩුළු 3 ක් ගෙන මැච් එක ගොඩ දමා දුන්නාක් මෙන්..)

දැන් ඇත්තේ ක්‍රීඩකයන්ගේ වාරයයි...තමන් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තරම් සුදුස්සන් බව ඔප්පු කිරීමේ අභියෝගය ඔවුන්ට පැවරෙනවා..

සංගා, මහේල සහ මුරලි කියන්නේ ඒ බව හොඳින් ඔප්පු කොට ඇති ලෝක පූජිත ක්‍රිකට් තරු...ඒ මට්ටමේම නැතත් දිල්ශාන්, තරංග, මැතිව්ස්, මාලිංග, කුලසේකර, මෙන්ඩිස් වැන්නන් තමන් මැච් එකක් ගොඩ දැමීමට සමත් වූවන් බව ඔප්පු කොට තිබෙන ක්‍රීඩකයන්..එය මෙතෙක් ඔප්පු නොකල තිසර, රංගන, දිල්හාර, සමරවීර, චාමර සිල්වා සහ කපුගෙදර ට ඒ අභියෝගය ජයගැනීමේ වගකීම තිබෙනවා....!

5 comments:

  1. අනිවා.....!!!!!!!!!!

    ReplyDelete
  2. අරවින්දගේ ක්‍රීඩකයෙක් විදියට සාර්තක චරිතයක් වුනත් මේ තනතුරට ආවේ චන්දයකින් පත් වෙලා නෙවීනෙ. එතකොට ඒක දේශපාලන පත් වීමක් වෙනවා නේද?

    සනත් ලකුණු අතර හිටියේ නැති නිසා සතන්ව ඉවත් කිරීම ගැන එකග වෙනවා. ඒත්

    ඒත් වාස් කඩුලු අතර හිටියා. එයාව අයින් කලේ එක වැරදී. අජන්ත මෙන්ඩිස් මුල් තරග වල විතරයි හොඳ වුනේ ඊට පස්සේ පුස් චරිතයක්. දිල්හාර කවදාවත් හැදෙන්නේ නෑ. නෝ බෝල් දානවා නැත්තන් වයිඩ් දානවා. චාමර සිල්වාට එක තරඟයක් ගොඩ දාන්න බෑ. එහෙම එකේ මොකට දැම්මාද කියලා කියන්න පුලුවන්ද? චාමර කපුගෙදර නිකම් ම නිකන් අරගෙන ඉන්න කාලේ දස්කම් පෙන්නුවේත් නෑ ටීම් එකට ගන්නේත් නෑ.

    ඒ වෙනුවට හොඳින් ක්‍රීඩා කරපු දිනේෂ් චන්දිමාල්, සුරාප් රන්දීව් එලියේ.

    මේක බුකී කාරයන්ට සල්ලි වලට පාවා දුන්නානම් ඒක කලේ ඔයාගේ "අරා" මිස වෙන කවුරුන්ද?

    මේ තරගයට හොඳම අය නොතේරුවේ ඇයි කියලාත් අහන්න ඕනේ නේ?

    ReplyDelete
  3. @dimesh ....
    100% agree with you on the selection of players but 100% disagree on what you have said on Ara

    ReplyDelete
  4. @ Dinesh,

    As far as my understanding membres of the selection committee are not appointed through an election. In all countries and all sports, the respective sport boards appoint members to the selection committees. I agree Suraj Randeev was performing better than Herath and Mendis in the recent past. However, Randeev has to compete with Murali for a place in the playing XI and not with Mendis and Herath. Murali is still performing well (of course, he is not as good he used to be) so I don't thnink anyone want to choose Randeev ahead of Murali. Vasss' case too similar, he has to compete with Kulasekara for a place in the playing XI. Kulasekara was doing a very good job in the last couple of years so I can see the logic why he was selected ahead of Vass. Vass is very good with the new ball but in the recent past he struggled when bowling at the end of overs of innings. Murali is also not happy to take the responsibilty of bolwing at the "end overs" and if you have Vass too then it becomes a serious problem for the captain. So, they selected Kulasekara who is excellent with the new ball and also can support Malinga at the end overs.

    ReplyDelete
  5. ඔව්..මේක දේශපාලන පත්වීමක්....සමහර වෙලාවට දේශපාලන පත්වීමුත් නිවැරදි තේරීම් වෙන අවස්ථා තියෙනවා...මේක ඒ සඳහා උදාහරණයක් බවයි මගේ අදහස..ඒ වගේම චන්දයෙන් පත්වෙන සෑම පත්වීමක්ම නිවැරදි තේරීම් වන්නේත් නැහැ...(උදාහරණ මතක් කරගන්න පුළුවන් යැයි සිතනවා..)

    ක්‍රීඩකයන් තේරීම් සම්බන්ධව මත ගැටීම් සහ වෙනත් අදහස් තිබීම ඉතාම ස්වාභාවිකයි..නමුත් අරවින්ද උත්සාහ කලේ සමබර කණ්ඩායමක් ලබාදීමට බවයි මා සිතන්නේ...(අවංකවම කියන්නේ නම් "වාස්" ඇතුලට ගත යුතුව තිබූ බව මගේද අදහසයි )

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters